බර්ගර්, සිසිල් බීම වැනි ක්ෂණික ආහාර පාන වර්ග බඩ වැඩිකරනවා පමණක් නොව මොළය ‘‘අඩු” කරන බව ඕස්ටේ‍්‍රලියා පර්යේෂක පිරිසක් කියති.
ඔවුන් පවසන්නේ නව යොවුන් වියේ දරුවන් මෙවන් ආහාර පාන භාවිතයට හුරු වුවහොත් තරුණ හා වැඩිහිටි විය එළැඹෙන විට ඔවුන්ගේ මතක තබා ගැනීමේ හැකියාව,ක්ෂණිකව ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇතුළු මොළයේ සමස්ථ කි‍්‍රයාකාරීත්වයම අඩපණ වන බවයි.
මෙම නිගමන වලට එළැඹීම සඳහා ඔවුන් භාවිත කර තිබෙන්නේ විවිධ ආහාර වර්ග ගැනීමට හුරුව සිටින පුද්ගලයින් ඉලක්ක කර ලබා දී ඇති ප‍්‍රශ්නාවලියකින් ලබාගත් තොරතුරුය. ක්ෂණික ආහාර ගැනීමට පුරුදුව සිටින පුද්ගලයින් ප‍්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දීම අතින් අනෙක් අයට වඩා ඉතා පසුපසින් සිටින බව සොයාගැනීමට මෙහිදී හැකිව තිබෙන බව සඳහන්ය.
ක්ෂණික ආහාර වල ඇති සරල කාබෝහයිඩ්‍රේටයන් හා අධික මේදය මෙවන් තත්ත්වයක් ඇතිවීම සඳහා හේතු ලෙස පර්යේෂකයින් පෙන්වා දේ. විශේෂයෙන්ම නව යොවුන් වියේදී මොළයේ වැඩීමට නිසි පරිදි ආහාර ගැනීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කඩචෝරු මොළයත් නැති කරයි
චමින්ද Saturday, 27 September 2014 03:42 AM
ඔය කුණු, කොච්චර කෑවත් බඩට තේරෙන්නේ නැහැ.ඒ වගේද කරවල කැල්ලක් බැදගෙන, පොල්සම්බෝලයක් එක්ක,රතු කැකුළු බත් ටිකක් බඩට දාගත්තා නම්...කියලා වැඩක් නැහැ.... ගුණත් එක්ක, රසත් එක්ක.(අ)
වත්සලා Friday, 26 September 2014 08:11 AM
ශ්‍රී ලාංකිකයිනි, දැන්වත් ශ්‍රී ලාංකීය දේශීය ගැමි ආහාර රටාවකට හුරු වෙනු (දී)
චමින්ද Friday, 26 September 2014 08:58 AM
පොඩි ළමයි ඉන්න ගෙවල් වලට, ගේන්න හොඳ නැතිම ජාති ටිකක් තමයි, පින්තුර වලින් පෙන්නලා තියෙන්නේ. (ස)
සමරේ(ගාල්ල) Friday, 26 September 2014 04:14 PM
අද ලංකාවෙි ඉන්න විශේෂයෙන් තරැණ වයසේ ගෑණු අයට රසට උයන්න දන්නෙ නැති කමත් කඩචෝරු බහුල වීමට හේතුවක්.මම දන්න ගෙදරක හයදෙනෙක් ගෙන් පස්දෙනෙක්ම රැකියා කරනව. මෙි ගොල්ල මාසෙකට රුපියල් 8000/ ක විතර බිලක් චූන් පාන් කාරයට ගෙවනව. (ස)
විමල් Saturday, 27 September 2014 07:22 AM
අද ඇමරිකාවට සහ යුරෝපයට මේ කෑම ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන්නේ!! (අ)
මාල Saturday, 27 September 2014 09:03 AM
දැන් තියන හැම දෙයක්ම එහෙමයි (අ)
බිෂන් Friday, 26 September 2014 10:41 AM
මේ කෑම කෑවහම ඉක්මනින් මැරෙනවා ඇත්ත ඒකයි (දී)
රත්නායක Saturday, 27 September 2014 01:52 AM
අපි විහින්නේ ලෙඩ වෙන්නේ (දී)
ජි ඉ ආර් Saturday, 27 September 2014 01:55 AM
ඒක නම් ඇත්ත සමහර අය ඕව කන්නේ ලොකු තත්වයක් රට්ටුන්ට පෙන්නන්න (දී)