IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කිතුලට ගිය මිනිහාගේ උත්තරේ වගෙයි

අධි වේගයෙන් මෝටර් රථය පදවා පොලිසියට හසුවූ නගරාධිපතිවරයෙකු තමන් එසේ මෝටර් රථය පැදවූයේ එය දැන් සේදු බැවින් එහි රැදී ඇති ජලය වේලා ගැනීමට යැයි පවසා ඇති පුවතක් ප‍්‍රංශයෙන් වාර්තා වේ.

ප‍්‍රංශයේ උතුරු ප‍්‍රදේශයේ කෝර්සෙල්ස් ඒපායලේස් ප‍්‍රදේශයේ නගරාධිපති වන ජීන් ලූවි හෙනොන් මෙසේ පොලිසිය හමුවේ නිදහසට කරුණු දක්වා තිබේ.

පොලිසිය පවසන්නේ ඔහු පැයට සැතපුම් 55 ක වේගයකින් මෝටර් රථය ධාවනය කළ යුතුවූ ප‍්‍රදේශයක පැයට සැතපුම් 100 ක වේගයෙන් පැමිණි බවයි.

පසුව මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති නගරාධිපති තමන් නීතියට උඩින් සිටින්නෙක් නොවන බවත් පොලිසිය තමන්ට දඩ ගෙවීමට නියම කළ බවත් පවසා තිබේ.වරද තේරුම් ගත් බැවින් මින් මත්තට එවැනි වීමට ඉඩ නොතබන බවටද ඔහු පොරොන්දු වී ඇත.

දින කිහිපයකින් නගරසභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.දඩ කෑ ජීන් කෙසේ තරග වදීදැයි සියලූදෙනා විමසිල්ලෙන් සිටීති.

 

 

 



අදහස් (0)

කිතුලට ගිය මිනිහාගේ උත්තරේ වගෙයි

ධම්ම Saturday, 22 March 2014 05:14 PM

55 වේගෙන් යායුතු පාරේ 100ට යන එක වරදක්වන බව මේ නගරාධිපති තේරුම් අරන් තියෙන්නේ අද. (නදී)

:       0       0

ජනක Sunday, 23 March 2014 08:07 AM

නගරාධිපතිට තිබුනේ දඩය ගෙවන්නේ නැතුව ලංකාවේ ඇමති කෙනෙකුට කතා කරලා උපදෙස් ගන්න. ඊලග ඡන්දෙන්නුත් උඩින්ම දිනනවා සිකුරුයි.(නදී)

:       0       0

මිහිර Sunday, 23 March 2014 08:14 AM

මට පෙනෙන්නේ ලලිත් එම නගරාදිපති තුමා ළඟ උපදේශකයෙක් වෙලා ඉඳල තියෙනවා වගේ. ලංකාවෙන්ම යන්න ඕන ඔය වගේ උපදෙසක් දෙන්න.(නදී)

:       0       0

සෑම් Saturday, 22 March 2014 04:29 AM

නීතිය ක්‍රියාත්මක වන රටවලට ඕවා සුළු දේවල්. බටහිර ඕස්ට්‍රේලියාවේ නීතිපති බීලා එළවලා දඩ කෑවා. වික්ටෝරියන් හිටපු අගමැති වේගයෙන් පදවා දඩ කෑවා. ඊළඟ අගමැතිගේ පුතා බීලා ගිහින් කාර් එක හප්පගත්තාම අගමැති ඉල්ලා අස් උනා.(නදී)

:       0       0

ලලිත් Saturday, 22 March 2014 05:33 AM

අනේ පව් ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති. සීතල රටක ඉද්දි උදේ පාන්දර වාහනේ රත් වෙනකල් ටිකක් වේගෙන් ගිහින් මමත් දඩ කාල තියෙනවා. ඒ රටවල්වල වාහන හෝදන යන්ත්‍ර වලින් වාහන වෙලෙන්නෙත් බාගෙට තමයි.(නදී)

:       0       0

චන්දි Saturday, 29 March 2014 10:37 AM

තව දෙයක් ලක්ෂ්මන් අයියේ, දැන් ඉන්න පිරිමින් කොස්ස අරගෙන වටේ දුවලා මට්ටු කරන්න බැහැ.හොඳ දෙකේ දෙකේ පොල්ලකින් ඔලුවටම ගහන්න ඕනෑ, සතියක් විතර එක තැන ඉන්න. (නි)

:       0       0

චන්දි Wednesday, 26 March 2014 12:47 PM

ලක්ෂ්මන් ජයවර්දන, ගොඩක් දවසකින් හිනාවෙන්න අදහසක් දැම්මට ගොඩක් ස්තුතියි. මම පහු වෙලා නිව්ස් එක කියෙව්වේ. (ස)

:       0       0

කෙනත් (ඇමෙරිකාව) Sunday, 23 March 2014 12:04 PM

මලා, මේ වැඩේ මමත් නිතරම කරනවා , වාහනේ හෝදලා පිහදාන්න වෙලා නැති නිසා අධිවේගයේ දිගේ සැතපුම් කීපයක් යනවා , එතකොට වතුර හුළගට යනවනේ.(නදී)

:       0       0

රණතුංග Saturday, 22 March 2014 08:35 AM

නගරාධිපතිගේ උත්තරය හොදයි ලංකාවට. ඒ රටවල් වලට ඔය බණ දේශනා හරියන්නේ නැහැ.(නදී)

:       0       0

සේන Saturday, 22 March 2014 08:09 PM

ප්‍රංශයේ නිසා පොලිස් නිලදාරියා බේරුනා. අපේ රටේ නම් පොලිස් නිලදාරියගේ ඇටකටු කාලා දැනට ඉස්පිරිතාලේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 02:21 PM

අපේ මාමා නාලා ඉවර වුනාම තුවායෙන් පිසදාන්නේ නැහ ගේ වටේට රවුන් කීපයක් දුවනවා. නැන්දා කොස්ස අරන් පන්නන නිසා. (නදී)

:       0       0

අචිනි Saturday, 22 March 2014 09:53 AM

ප්‍රංශ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ . මේ නගරාදිපතිලා නීති කඩන්නනේ නෑ.(නදී)

:       0       0

බන්දුල රත්නායක Sunday, 23 March 2014 06:56 PM

අපේ රටේ එහෙම මේ වගේ දෙයක් උනානම් සැලියුට් එකකුත් ගහල යවයි. එහෙම නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ගියානම් ඉතින් පහුවදාම රාළහාමි ගෙදර එහෙමත් නැත්නම් දුර පළාතකට මාරු.(නධී)

:       0       0

ජයතුංග Monday, 31 March 2014 01:54 AM

මේක සුළු දෙයක්... (නි)

:       0       0

කුමාර Sunday, 23 March 2014 07:15 PM

අනේ පවු ලලිත්, මගෙත් වාහනේ මේ ලඟදි ඇල්ලුවා යු.කේ (උස්වැටකෙයියාවෙදි) වලදී. මගේ වාහනේ හීතල වෙලා තිබුනේ නැහැ, ඒත් මම රත් වෙන්න දාල හිටියේ.(නදී)

:       0       0

ඉසුරු කන්තලේ Tuesday, 25 March 2014 02:32 PM

මරු. අන්න මිනිස්සු... (ස)

:       0       0

කනිෂ්ක Wednesday, 26 March 2014 06:21 PM

මන් හිතුවේ එහෙම අය ඉන්නේ ලංකාවේ විතරයි කියලා (දී)

:       0       0

ලොසා Sunday, 23 March 2014 05:24 AM

ලලිත් කොහෙදිද දඩ කෑවේ පුත්තලමේදීද?, අනේ ඔයාගේ දඩ කාපු කතාවත් එසැනට ලියල එවන්නකො. (නදී)

:       0       0

නිහාල් ගුණතිලක Friday, 21 March 2014 09:00 PM

අපේ රටේ මෙය සිදුවිය හැකිද? (නදී)

:       0       0

සංක Friday, 21 March 2014 09:03 PM

ලංකාවේ ඉන්න ඕන කෙනෙක්නෙ.(නදී)

:       0       0

ජෝන් Sunday, 23 March 2014 05:27 AM

ලලිත් වාහනේ වටේ ගිනිමැලයක් ගැහුවනම් දඩ කන්න වෙන්නේ නැනේ, මීලග පාර වාහනේ හීතල වෙලා තිබුනොත් එහෙම කරන්න (දී)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 24 March 2014 02:46 PM

ලලිත්, අනේ කියන්නකෝ ඔයා ඉන්න රට ගම ගැන අපිට දැනගන්න.අපි ඔය ඉදල හිටලා පොඩි සවාරි යනවා.හම්බවෙන්නවත් බැරියැ. (ස)

:       0       0

නජිත් Sunday, 23 March 2014 05:52 AM

අන්න වරදනම් වරද නිතියන්ම් නිතිය කටත් පොදුයි (දී)

:       0       0

ප්‍රසාද් Sunday, 23 March 2014 10:41 PM

මොනවා හෝ කියන්න ඕනෙනේ නැත්නම් තත්වයට හොද නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site