ඔස්ට්‍රෙලියාවේ කාන්තාරයක පිහිටා ඇති කැති තැන්ඩා විල මේ දිනවල එම ප්‍රදේශයට පතිත වන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරීගොස් ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. මෙය දශක කිහිපයකට වරක් දැකිය හැකි දුර්ලබ දසුනක් බව විචාරකයෝ පවසති. මේ හේතුවෙන් කාන්තාර ප්‍රදේශය ජිවි බවින් පිරිමට පටන් ගෙන තිබේ.
ගුවන් නියමුවකු වු ට්‍රෙවර් රයිට් විසින් ලබාගන්නා ලද ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඇඩිලේඩි වලට කිලෝ මීටර් 700 ක් උතුරින් පිහිටි වියලි ලුනු සහිත වු කලාපය ජලයෙන් පිරි යන ආකාරයයි.
දීර්ඝ නියං කාලයකින් පසු මෙම ප්‍රදේශයට පසුගිය සතියේ මිලිමීටර් 150 ක වර්ෂාවක් පතිත වි ඇත.
කැති තැන්ඩා විල ජලයෙන් පිරියන්නේ ශතවර්ෂයකට කිපවරක් පමණි. එවිට මෙම විල ඔස්ට්‍රෙලියාවේ විශාලම විල බවට පත්වේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැති තැන්ඩා විල ජලයෙන් පිරෙයි
ජයවීර Thursday, 07 January 2016 07:23 AM
බලන්න හරි ලස්සනයි. (ර)
බෙන්තර මහේෂ් Thursday, 07 January 2016 12:01 PM
හිතාගන්නත් බෑ... (ර)
විජිත් Friday, 08 January 2016 08:00 AM
අබය, ස්තුතියි. මම යමක් ඉගෙන ගත්තා. (ර)
සොපි Thursday, 07 January 2016 04:38 AM
හැමදා නියං එකදා වැහි වළාවේ..... (කෞ)
අබය Thursday, 07 January 2016 11:02 PM
"කැති තැන්ඩා" නම් ඇබෝරිජින් ව්‍යවහාරයේ පැවතුනු ඕස්ට්‍රේලියාවේ විශාලතම විල 1840 දී එඩ්වර්ඩ් ජෝන් අයර් නමැති යුරෝපියයා පළමුවරට දුටු නිසා වර්තමානයේ "ලේක් අයර්" නමින්ද හඳුන්වයි. (නි)