කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සෝෆී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත්හ.
අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියක් ලබා දීම සිදුවිය. ඒ, ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත්, ලබා ගැනිමට හැකි ඕනෑම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගන්නා ලෙසත් කැනඩා වැසියන් දැනුවත් කරමිනි.
ටෘඩෝ සහ බිරිඳ සෝෆී එන්නත් ලබා ගත්තේ ඔන්ටෙරියෝ හි ඔටාවා නුවර ඔසුහලකදීය. එන්නත ලබා ගනිද්දී, චකිතයට පත්වුණු අග්‍රාමාත්‍යවරයා අසල අසුන් ගත් බිරිඳගේ අතින් අල්ලා ගැනීමට අමතක නොකළේය.
මේ වනවිට කැනඩාවේ ආසාදිතයන් යළි වැඩිවිමට පටන්ගෙන තිබේ. දෛනික ආසාදිතයන් 8,600 තෙක් අඩුවී තිබුණ ද දැන් එය 15,000 ට වඩා ඉහළ අගයක් ගන්නා බව පැවැසෙයි.
වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් එන්නත ලබා ගැනීමෙන් පසු කැනඩා අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බිරිඳ සෝෆී ට වයිරසය ආසාදනය විය. ඒ ඇය බ්‍රිතාන්‍යයේ සංචාරයක් අවසන් කර ආපසු පැමිණෙද්දීය. කෙසේ නමුත් ඇය ඉක්මණින් සුවය ලැබුවාය.
(රොයිටර්)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැනඩා අගමැති ට ඔක්ස්ෆර්ඩ් එන්නත