IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැනඩා ආරක්ෂක ඇමැති ඉන්දියානුවෙක්

කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රුඩෝ තම ආරක්ෂක ඇමැති වශයෙන් තෝරාගෙන ඇත්තේ එරට  පුරවැසිභාවය ලබා කැනඩාවේ හැදී වැඩි පසුව කැනඩා  පොලිස් සේවයේ සහ යුද හමුදාවේ සේවය වෙනුවෙන් ගෞරව බුහුමානයට ලක්වූ ඉන්දිය ජාතික හර්ජිත් සිං සජාන්ය.

1970 වේදී ඉන්දියාවේ උපත ලද ඔහු කැනඩාවට පැමිණියේ වයස අවුරුදු පහේදිය. වැන්කුවර්හි ජීවත්වූ ඔහු මුලික අධ්‍යාපනය අවසන් කළ පසු කැනඩා පොලිස් සේවයට බැඳී රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කර ඇත. 1989 දී ඔහු කැනඩා යුද හමුදාවට බැඳී ඇත. යුද හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ ඔහු බොස්නියාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු විදේශ සටන් පෙරමුණු කිහිපයකම එක්සත් ජාතීන්ගේ හමුදා සේවයෙහි කටයුතු කර ඇත්තෙකි. කැනඩා  හමුදාව තුළ ඔහු දැක්වූ රණශුරත්වය හේතුවෙන් 2011 දී ඔහු බ්‍රිටිෂ් කොලොම්බියා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට පත්කරනු ලැබිය.

කැනඩා  යුද හමුදාවේ එවන් වගකිව යුතු තනතුරක් සඳහා උසස් වීමක් ලද ප්‍රථම ඉන්දියා ජාතිකයා වීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය.

ඔක්තෝබර් මාසයේ පැවැත්වුණ මහ මැතිවරණයේදී වැන්කුවර් දකුණ මැතිවරණ කොට්ඨාසය සඳහා ලිබරල් පක්ෂයෙන් තරඟකොට ජයග්‍රහණය කළ ඔහු  නොවැම්බර් 4   නව රජයේ ආරක්ෂක ඇමති වශයෙන් දිවුරුම් දුන්නේය.

කැනඩාවේ නව ආරක්ෂක ඇමැති ලෙස දැවැන්ත වගකීමක් තමන් වෙත පැවරෙන බව පැවසු ඔහු  තම රටේ ආරක්ෂාව උපරිම මට්ටමෙන් රැකගැනිම, නවීන මාදිලියේ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානාවක් නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකාව සමඟ කැනඩා රජය ඇතිකර ගත් ඇති සහයෝගිතා සම්මුතියෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, කැනේඩියා  හමුදාවන්හි සේවය කරන භටයින් වෙත එල්ලවී ඇති බරපතල ලිංගික විෂමාචාර චෝදනා පිළිබඳව සොයාබලා එවැනි ක්‍රියාදාමයන් සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සහ යුදමය වාතාවරණයක් ඇති විදෙස් රටවල සේවය සඳහා යොදවා ඇති කැනේඩියා සේනාංක හැකි ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සඳහා පියවර ගැනීම ප්‍රමුඛ වන බවද කිවේය.

Harjit_Sajjan2[1] harjit-sajjan-2014[1] harjit-sajjan-and-family[1]



අදහස් (0)

කැනඩා ආරක්ෂක ඇමැති ඉන්දියානුවෙක්

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 05 November 2015 01:14 PM

කැනඩාවේ, ඇමරිකාවේ සහ බටහිර රටවල ඔහොම වුණාට අපේ ලංකාවේ ඕවා වෙන්නේ නැහැ (නි)

:       0       0

රුවන් සිරිවර්ධන Thursday, 05 November 2015 07:26 AM

මේ රටවල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. (නි)

:       0       0

ජයවීර Thursday, 05 November 2015 07:48 AM

ඔන්න නියම යහපාලනය! (නි)

:       0       0

කුමාරගම Thursday, 05 November 2015 02:11 PM

ඔන්න බලන්න ඒ රටවල් වල වෙනස! (නි)

:       0       0

කැළුම් Thursday, 05 November 2015 02:13 PM

අපේ රටේ නම් කවදාවත් මෙහෙම දෙයක් දකින්න ලැබෙන එකක් නැහැ (නි)

:       0       0

විරාජ් Friday, 06 November 2015 04:11 AM

මහා බැංකු අධීපති මහා දවල් ගෙවල් බිදිදීත් ඉන්දියාවෙන් ඇවිත් අහක බලන් හිටපු ශිලාචාර ඇමරිකානුවන්ට වැඩිය හොද ජාතියක් අපි (ම)

:       0       0

මොහාන් Thursday, 05 November 2015 09:32 AM

යහපාලනය නෙමෙයි දැන් නම් (ම)

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 05 November 2015 06:54 PM

ඇසළ, ඔබ හරි (නි)

:       0       0

ඇසළ Thursday, 05 November 2015 09:52 AM

පොඩි වෙනසයි තියෙන්නේ. එහෙ ඡන්දෙන් දිනලා ඇමතිකම ගන්නවා. අපේ ඡන්දෙන් පැරදිලා ඇමතිකම ගන්නවා. කොහොමද වෙනස? (නි)

:       0       0

උදය Thursday, 05 November 2015 10:38 PM

ඒක තමයි ඒ රටවල් දියුණු... (නි)

:       0       0

ජනක Thursday, 05 November 2015 10:38 PM

ලංකාවේ මිනිසුන් දුරදිග හිතන්නේ නැති කොටසක්. හැබැයි අතීත අපේ මුතුන් මිත්තන් කර තිබෙන වීරකම් ගැන පම්පෝරි ගහන්න නම් හරිම දක්ෂයි (නි)

:       0       0

චතුරි Thursday, 05 November 2015 11:05 PM

අපිට වෙන රටක පුරවැසිකම ලැබුනහම ලංකාවේ පුරවැසිකම අහෝසි කරනවා. එහෙම එකේ ඇමතිකම් තියා මන්ත්‍රීකමක්වත් දෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Thursday, 05 November 2015 03:23 PM

අපේ රටේ වෙන ජාතිකයෙක් ඔය වගේ තනතුරකට පත් වුණා නම් ලංකාවේ මිනිස්සු ජාතිවාදෙ අවුලන හැටි බලන්න තිබුණා.ලංකාව කවදා මේ වගේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දිහා මීට වඩා ප්‍රගතිශීලී විදියට බලන තැනකට පත් වෙයිද දන්නේ නෑ ..(රේ)

:       0       0

ගීතා Friday, 06 November 2015 01:50 AM

සික් ජාතිකයෝ කොහොමත් බොහොම ශක්තිමත් රණශූරයෝ කියලා ඉන්දියානු ජාතිකයෝ කියනවා. (නි)

:       0       0

අබරන් Thursday, 05 November 2015 06:49 AM

හින්දි චිත්‍රපටියක් සැබෑ වෙලා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 November 2015 12:35 PM

ඔන්න අපි ජය වේවා කිවුවා අපේ අසල්වැසියාට! (නි)

:       0       0

මොහාන් Thursday, 05 November 2015 07:12 AM

ඒක ඉතින් එයාගේ කැමැත්තනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 26 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1000 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 95 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1245 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 224 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 140 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site