IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැනඩා පාර්ලිමේන්තුවට වෙඩි

කැනඩා පාර්ලිමේන්තුවේ ඇතුලත හා පිටත සිදුවූ වෙඩි තැබීමකින් එහි සිටි සොල්දාදුවකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. පාර්ලිමේන්තුව ඔටාවා නගරයේ පිහිටා ඇත.

තුවක්කුකරුවෙක් ජාතික යුධ ස්මාරකය අසලදී වෙඩි තැබීම ආරම්භ කර පසුව එය සමීපයේ පිහිටි පාර්ලිමේන්තුවට ද දිවගොස් එහිදී ද දිගටම වෙඩි තැබීම් සිදුකර තිබේ.

කැනෙඩියානු ගුවන් විදුලිය සීබීසි හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ම පවසා ඇත්තේ එක් තුවක්කුකරුවෙක් මරා දැමු බවයි. නමුත් මෙම කරුණ හරිහැටි සනාථ වී නොමැත.

මෙම සිද්ධිය ඇතිවුයේ මෙම සතිය මුලදි සොල්දාදුවන් දෙදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකිරීම හේතුවෙන්  කැනඩාව ත්‍රස්ත තර්ජන ඉහළ යාම ගැන වාර්තාකර පැය ගණනක් ගතවීමට පෙරය.

කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ක් ගාර්නෙයු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තුවක්කු කරුවන් එක්කෙනෙක් නොව කිප දෙනෙක් සිටිය හැකි බවයි. තමා ඇතුළු අනෙක් සහෝදර දේශපාලඥයින් මෙම ස්ථානයෙන් පිටත් ව ගිය බව හෙතෙම පැවසිය.

ඇසින් දුටුවන් පැවසුවේ මේ අවස්ථාවේදි පාර්ලිමේන්තුව තුල මහත් කලබැගෑනියක් ව පැවැති බවයි.

කළින් ඔටාවා පොලිසිය ප්‍රකාශ කර තිබුනේ තුවක්කු කරුවන් එක්කෙනෙකුට වඩා මෙම සිද්ධියට සම්බන්ධ බවයි. මේ අතර කැනඩියානු අගමැති ස්ටෙපන් හාර්පර් ආරක්ෂා සහිතව පාර්ලිමේන්තුවෙන් පිටව ගිය බව ඔහුගේ සංනිවේදන අධ්‍යක්ෂකවරයා විදෙස් මාධ්‍යයට පවසා ඇත.

රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ටෝනි ක්ලෙමන්ට් පැවසුවේ වෙඩි තැබීම් සිදුවුයේ කැබිනට් රැස්විම පැවැත්වෙමින් තිබෙන විට බවයි.

මෙම මස මුලදි කැනඩාව ඇමරිකාව සමග එක්වි ඉරාකයේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් වු සටන් කාමින් (අයිඑස්) ට එරෙහිව  ගුවන් මෙහෙයුම් දියත් කිරීමට ගෙන ඇති තීරණය ප්‍රකාශයට පත් කරණ ලදී. එම තීරණය හා මේ සිද්ධිය අතර සම්බන්ධයක් තිබේ ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙයි.

 



අදහස් (0)

කැනඩා පාර්ලිමේන්තුවට වෙඩි

රූකා Saturday, 25 October 2014 12:28 PM

බොහොම හොඳා..ඔහොම තමා වෙන්ට ඕනේ (අ)

:       0       0

රූපවතී Friday, 24 October 2014 04:51 AM

එවෙලේම සජීවීව ස්කයි නිව්ස් තුලින් මා දුටු විට මට හැඟුනේ හොද වැඩේ කියලයි. ඔය ත්‍රස්තවාදය කියන වචනේ අරුත සජීවීව ගෙනිහින් හරියටම ගහේ අත්තක් උඩම ඉදගෙන ගහ කපන්න හැදුවා වගේ පෙන්නලා දුන්න ත්‍රස්තවාදියා. ඔය කැනඩාවේ ඉන්න කප්පිත්තෝ ටික තමයි කොටින්ට කිරි පොවන්නේ. අපේ දේශය පෙර පිනකින් අපි නිදහස් කරගත්තේ. දැන් හොදයි එයාලටත් රස දැනුනා. (නදී)

:       0       0

ජානක Friday, 24 October 2014 04:52 AM

නියමයි කැනඩාව කොටින්ට උඩ ගෙඩි දෙනවට (නදී)

:       0       0

කුමාරි මාකාවිට Friday, 24 October 2014 01:00 PM

කැනඩාව ලෝකයේ සිටිනා ත්‍රස්තයන් පෝෂණය කරන රටක්. ඔවුන් මගින් දියුණුවන තුන්වන ලෝකයේ රටවල් අස්ථාවර කිරීම , රටවල් තුල ප්‍රශ්න මතුකොට රටවල් දෙකට කැඩීම ඔවුන්ගේ අරමුණ උනා. දැන් වත් ත්‍රස්තයන් පෝෂණය කිරීම බාර ගැනීම නැවතුවහොත් ඉදිරියට ආරක්ෂාවට හොඳයි ත්‍රස්තයන් කොහේ ගියත් ඔවුන්ගේ ත්‍රස්තවාදය නතර නොකරති (නදී)

:       0       0

බමුණු Friday, 24 October 2014 05:50 AM

අයි.එස්.අයි.එස් සහෝදරයනි ජයවේවා මේ අයට ත්‍රස්තවාදය මොකක්ද කියලා ඉගැන්නුවට (නදී)

:       0       0

පිටිගල Friday, 24 October 2014 08:43 AM

ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න, උදව් කරන, පෝෂණය කරන අයටත් ත්‍රස්තවාදයේ අරුමය දැකගන්න තේරුම් ගන්න අවස්තාව උදාවෙලා වගෙයි. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 25 October 2014 05:42 AM

ඔහොම නෙමෙයි බෝම්බයක් දෙකක් පිපිරෙද්දී තේරේවි ත්‍රස්තයෝ කියන්නේ මොක්කුද කියලා.ඔහොම යන් ඔහොම යන් අපිටත් තව තව ලොකු ලොකු දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවිනෙ.(අ)

:       0       0

සරත් කන්නන්ගර Saturday, 25 October 2014 07:05 AM

සෙබලෙක් මැරිලා. ඇත්ත රිපෝට් එක මේක නෙමෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 105 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1206 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 176 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1483 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 249 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site