IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කොරෝනා කරල් මිලදී ගන්න උදව් කරනවා

'කොවිඩ් 19' රෝගීන් කඩිනමින් සුවපත් කළ හැකි ඇමෙරිකාවේ මර්ක් ඖෂධ සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති වයිරස නාශක බෙහෙත් කරල, දිළිඳු රටවලට මිලදී ගැනීම සඳහා සහාය දක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල් මිලදී ගැනීමට ධනවත් රටවල් අතරේ තරගයක් පැවැතීම නිසාය.

'මොල්නුපියවියර්' බෙහෙත් කරලට තවමත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කරල අනුමත කරනු ඇත්තේ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුවය.

කෙසේ නමුත්, සායනික පර්යේෂණවලදී 'මොල්නුපියවියර්' ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බැවින්, ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ඊට කඩිනමින් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව යන ආසියා පැසිෆික් රටවල් කරල් මිලදී ගැනීමට සූදානමින් සිටින අතර, ඔවුන් මේ වනවිටත් එය ඇණවුම් කර අවසන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව, රටේ ජනගහනයෙන් සියයට 80 කට වඩා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් බටහිර රටවල් ද 'මොල්නුපියවියර්' කරල ඇණවුම් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලොව සෑම රටකටම සමව බෙදී යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී, දිළිඳු රටවලට එන්නත් බෙදා දීමට 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කර ඇත්තේ ද මේ නිසාය. 'කොවැක්ස්' වැඩසටහන හරහා දිළිඳු සහ තුන්වැනි ලෝකයේ රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් බෙදා දීම සිදු කරයි. ඒ යුනිසෙෆ් සංවිධානය ද හවුල් කර ගනිමිනි.

එන්නත් බෙදා හරින ආකාරයට 'මොල්නුපියවියර්' කරල ද මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට බෙදා දීමට හෝ 'මොල්නුපියවියර්' කරල මිලදී ගැනීමට දිළිඳු රටවලට මුල්‍යමය වශයෙන් ආධාර කිරීමට හෝ තමන් සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

'මර්ක්' සමාගම පෙන්වා දෙන්නේ, 'මොල්නුපියවියර්' කරල භාවිතයට ගනිද්දී 'කොවිඩ් 19' රෝගීන් රෝහල්ගත කිරීමක් අවශ්‍ය නොවනු ඇති බවය. 'මොල්නුපියවියර්' 'කොවිඩ් 19' නිසා මරණයට පත් වීම ද අවම කරයි.

'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය.

'මර්ක්' සමාගමේ ආරම්භය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.

'මොල්නුපියවියර්' කරල සම්බන්ධයෙන් කළ සායනික අත්හදා බැලීම්වලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක් කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපියවියර්' නිර්දේශ කෙරුණි.

සායනික අත්හදා බැලීම් සාර්ථක වූයේ රෝගීන් රොහලේ රැඳී සිටිය යුතු කාලය අඩු කරමිනි. එක් රෝගියකුට නියමිත බෙහෙත් වට්ටෝරුව සඳහා වැය වනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 10 ක් පමණ යැයි ද පැවැසෙයි.

'මොල්නුපියවියර්' හදිසි භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ. ඉදිරි දින කීපයේ දී 'මොල්නුපියවියර්' කරල සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාව තුළ ඖෂධ අනුමත කරන්නේ බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

(රොයිටර්)



අදහස් (1)

කොරෝනා කරල් මිලදී ගන්න උදව් කරනවා

Saththaya Thursday, 21 October 2021 09:17 AM

මුලින්ම 225 බේරාගෙන ඉම්මු . අපිට දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි . තව ඉතුරුවෙලා තියෙන්නේ මරණය විතරයි .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 789 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 48 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1316 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1725 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 28 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site