IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කැරැලිකරුවෝ ඡන්ද පොළකට කඩා වැදී පස් දෙනකු මරාදමති

ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණය පෙරේදා (28) ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මනිපූර් පොලිස්පති පි‍්‍රයා සිං ප‍්‍රකාශ කළේ එය ඉන්දීය රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින නාගලන්ත මාවෝවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් එල්ල කළ  ප‍්‍රහාරයක් බවය. වෙඩි ප‍්‍රහාරයෙන් මැතිවරණ නිලධාරීන් තිදෙනකු,  හමුදා භටයකු සහ සිවිල් වැසියකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරයෙන් තවත් සිවිල් වැසියෝ දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. මාවෝවාදී කැරැලිකරු- වන්ගේ ප‍්‍රහාරයට හසුවූයේ මනිපූර් ප‍්‍රාන්තයේ අගනුවර වන ඉම්පාල් නුවරට දකුණු දෙසින් පිහිටි තංග්පායි නමැති ගම්මානයේ ඡන්ද පොළය. මනිපූර් ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලෙන්න වූයේ මැතිවරණ කටයුතු ඇරැඹීමටත් පෙර සිටය. ඉකුත් සතියේ බෝම්බ තුනක් පුපුරුවමින් මාවෝවාදී බෙදුම්වාදීන් මනිපූර් වැසියන්ට අනතුරු අඟවා සිටියේ මැතිවරණය වර්ජනය කරන ලෙසටය. මාවෝ කැරැලිකරු- වන්ගෙන් එල්ල වූ එම තර්ජන හේතුවෙන් ඡන්ද පොළවලට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට මනිපූර් ප‍්‍රාන්ත මහ ඇමැති ඔක්රාම් සිං ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. කැරැලිකරුවන්ගේ     ප‍්‍රචණ්ඩත්වය බහුල ප‍්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන එම ප‍්‍රදේශයේ පොලිස් ස්ථානවල ස්ථාපිත කිරීමට ද ප‍්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ. ඊසාන දිග ඉන්දියාවේ බෙදුම්වාදී අරගල ආරම්භ වූයේ 1947 වසරේදී ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වීමෙන් පසුවය. වාර්ගීක කැරැලිකරු- වන්ගෙන් සමන්විත මාවෝවාදී  බෙදුම්වාදී කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක් රජය සමඟ නිරන්තරයෙන් අවි ගැටුම් ඇති කර ගනියි. මනිපූර් ප‍්‍රාන්තයේ පෙරේදා ඇරැඹුණු මැතිවරණ කටයුතු දින පහක් තිස්සේ පැවැත්වෙන බව  ප‍්‍රාන්ත මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. උතුරින් නාගලන්තය, දකුණින් මිසෝරාම් සහ බටහිරින් ඇසෑම් යන ප‍්‍රාන්තවලට මායිම් වූ මනිපූර් නැගෙනෙහිරින් බුරුම දේශ සීමාවට යාබදව පිහිටා ඇත. දිස්ති‍්‍රක්ක නවයකින් සමන්විත වන මනිපූර් ප‍්‍රාන්තයේ 1984 වසරේ සිට පැවැති මැතිවරණවලදී එක් අවස්ථාවකදී හැර තම බලය පතුරුවා ගැනීමට කොංග‍්‍රස් පක්ෂය සමත් වී ඇත. මේ වනවිටත් එහි බලය ඇත්තේ කොංග‍්‍රස් පක්ෂය සතුවය. දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීම මෙම මැතිවරණයේ ප‍්‍රධානතම අරමුණ වේ. මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් පසු ලබන සති අන්තයේදී උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹෙයි. උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීට අභියෝග කිරීම කොංග‍්‍රස් පක්ෂයට විශාල අභියෝගයක් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන  41 හැවිරිදි රාහුල් ගාන්ධිය.



අදහස් (0)

කැරැලිකරුවෝ ඡන්ද පොළකට කඩා වැදී පස් දෙනකු මරාදමති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site