IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කාලගුණය පාලනය කරන්න මහා බලවතා සැරසේ

පෘථීවියේ කාලගුණය අවශ්‍ය හැටියට පාලනය කළ හැකිවේදැයි සෙවිමට ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය (සී.අයි.ඒ) සැරසේ.

පරීක්ෂණ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 6 ක මුදලක් වෙන් කර ඇතැයිද සදහන්ය.

අවශ්‍ය වේලාවට හිම හෝ වැස්ස වැට්ටවීමට හා නැවැත්වීමට ආදී ලෙස ප‍්‍රාථමික මට්ටමෙන් කාලගුණය පාලනය කිරීමේ ක‍්‍රමෝපායන් දැනටමත් ලොව රටවල් භාවිතා කරයි.මේවා සදහා බොහෝවිට යොදාගැනෙන්නේ රසායන ද්‍රව්‍යයන්ය.

එම රසායන ද්‍රව්‍යයන් ගුවනේ සිට වළාකුළු වලට ඉසිනු ලබන අතර ඒවා නිසාවෙන් වළාකුලු වල ස්වභාවික සංයුතිය වෙනස් වේ.මෙනිසා යොදන රසායන ප‍්‍රමාණය හා වර්ගය අනුව වැසි වැටීම හිම වැටීම තීරණය වේ.

සී.අයි.ඒ සංවිධානය බලාපොරොත්තු වන්නේ කාලගුණය පාලනය කිරීමේ ක‍්‍රියාවලිය මෙම ප‍්‍රාථමික මට්ටමෙන් ඔබ්බට ගෙනයාමයි. ටොනේඩෝ,සුළිසුලං ආදී ස්වභාවික ආපදා ගණයට වැටෙන කාළගුණ විපර්යාසයන් විනාශයට ප‍්‍රථම නවතා දැමිය හැකිවේදැයි සෙවීම මෙම පරීක්ෂණ කටයුතු වල අරමුණයි.



අදහස් (0)

කාලගුණය පාලනය කරන්න මහා බලවතා සැරසේ

විමල් Wednesday, 31 July 2013 07:14 PM

බැරි වෙන එකක් නැහැ .. සුබපැතුම් ! (අ)

:       0       1

තේෂාන් Wednesday, 31 July 2013 02:09 PM

ඕක විතරයි මෙතෙක් කල් කරන්න බැරුව හිටියේ (ස)

:       0       0

අහමජ් Wednesday, 31 July 2013 07:40 PM

අප්‍රිකාවට වස්සන පුළුවන් වේයි (අ)

:       0       0

බමුණු Thursday, 01 August 2013 07:08 AM

"කලින් බෝම්බ දාලා රටවල් විනාශ කළා. දැන් කාලගුණය වෙනස් කරලා රටවල් විනාශ කරන්න හදන්නේ." ඕකට ඔයහැටි බයවෙන්න එපා. ඔය තාක්ෂණය කෙටි කලකින් චීනයත් රුසියාවත් ප්‍රංශයත් එංගලන්තයත් සොයා ගන්නවා. චීනය සහ රුසියාව නිශේද බලය පාවිච්චි කරනවා. එතකොට ඇමරිකාවට කරන්න පුළුවන් දෙයක් නැත. චීනයට ආවඩන්නේ ඇමෙරිකාවට තිබෙන තරහට මිසක් චීනයට තිබෙන කැමැත්තට නොවෙයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 31 July 2013 03:31 PM

ඕක කරන්න පුලුවන්නම් මුළු ලෝකයම පාලනය කරන්න පුළුවන්. (ස)

:       0       0

සනත් Wednesday, 31 July 2013 03:59 PM

සොබාදහම් පලන්යකරනවා කියන්නේ තමා විහින් තමාම වලකපගැනිමක්. (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 31 July 2013 04:03 PM

ලෝක විනාසයත් ඉක්මන් කරවන්නයි ඒ හදන්නේ.. (ස)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 31 July 2013 09:37 PM

මේක සුබවාදී විදියට හිතන්න. මිනිසාගේ සුබ සිද්ධිය වෙනුවෙන් මේ ක්‍රියාව කරනවා නම් කොපමණ හොදයිද? මේවා සොබා දහම දෙවියන්ගේ මැවීම් කියා කියා හිටියා නම් අද මේ ලෝකේ කිසි දියුණුවක් නැහැ. කොටින්ම මේ පුවත දැනගන්නෙත් නැහැ අන්තර්ජාලය නොතිබුනා නම්. එදා සිටි මිනිසුන් අලුත් යමක් හොයන්න පෙලඹෙද්දී ඕක බැහැ ඕක හරියන්නේ නැති වැඩක් කියපු මිනිස්සු ඕනෑ තරම් ඉන්න ඇති. මේක විනාශයක් කියලා හිතන්න එපා. විනාශය අවම කරන්න උත්සහවන්ත මිනිසුන්ගේ තවත් උත්සාහයක්. සුබ පතමු සාර්ථක වෙන්න කියලා (නි)

:       0       0

සෙන්සා Thursday, 01 August 2013 08:46 AM

සොබා දහම නිර්මාණය වෙලා තියෙන්නේ සමබරතාවය සහිතව.සීමාව ඉක්මවා සොබා දහම වෙනස් කරන හෝ ප්‍රතිනිර්මාණය කරන විට මෙම තුලනය වෙනස් වෙලා හානිකර විපත් ඇති වෙනවා.ග්ලැසියර් ඛාදනය ඕසෝන් ස්ථරය විනාශ විමේ එක් ඵලයක්.ස්වාභාවික විපත් සියල්ල නිර්මාණය කරගත් ඒවා මිස වෙනත් බලවවේග නොවේ.සියලුම සතුන් හුස්ම ගන්න වායුගෝලය ආරක්ෂා කරන එක ඔය කොයි බලවතාගෙත් වගකීම වෙනවා.ඔය අලුත් නිර්මාණවලට යටත් නැති ධර්මයක් ලෝකයේ තිබෙනවා.ඒකෙන් කියවෙන්නේ ලද දෙයින් සතුටු වෙයල්ලා කියන එකයි. (නි)

:       0       0

සමන් Wednesday, 31 July 2013 09:41 PM

ඒ පිටින් තියලා රට රට වලටමොන මොන විෂ ඉසියිද දන්නෑ..(අ)

:       0       0

සුගත් Wednesday, 31 July 2013 11:49 PM

සි.අයි.ඒ. එක මේකට සම්බන්ධ වෙන එක තමයි ප්‍රශ්නය. ඇමරිකාවේ වෙන ආයතන නැද්ද පර්යේෂණ කරන්න (නාසා එක වගේ ) (නි)

:       0       1

ජනක Wednesday, 31 July 2013 05:27 PM

කලින් බෝම්බ දාලා රටවල් විනාශ කළා. දැන් කාලගුණය වෙනස් කරලා රටවල් විනාශ කරන්න හදන්නේ. (නි)

:       0       0

දුම්මලසූරිය Thursday, 01 August 2013 01:46 AM

අද ලෝකය තාක්ෂණයෙන් දියුණු වෙලා තියන හැටි බැලූ විට සමහර විට ඔය දෙය කරන්න බැරිකමකුත් නැහැ.නමුත් ඇමරිකාව හැම විටම ලෝකයේ බලය අතට ගන්න හදන්නේ ලෝකයට යහපතක් කරන්නමද කියලා තමා ටිකක් හිතලා බලන්න ඕනෑ... (නි)

:       0       0

මංජු Thursday, 01 August 2013 11:02 AM

සොබාදම් මෑණියන්ට සොබාදහම පාලනය කරන්න දෙන්න. මිනිසා නිසා අද මුළු ලෝකයම විනාස වෙලා තියෙන්නේ. ඔය වැඩවලින් වෙන්නේ මුළු ලෝකයම විනාස කිරීමයි. (ස)

:       0       0

සමිත Thursday, 01 August 2013 03:50 AM

ඩොලර් ලක්ෂ 6 ??? පටන් ගන්න කලින්ම නවතීවි වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site