IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කාලගුණේ කරපු විනේ

විපතට පත්වූ එයාර් ඒෂියා ගුවන්යානයේ දැනට හමුව තිබෙන සුන්බුන් අතර වූ මළසිරුරු වලින් පළමුවැන්න පසුගියදා ඥාතීන්ට භාරදීම සිදුවිය.

මුස්ලිම් ජාතික තරුණියකට අයත් එම මළසිරුර ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේදීම ඉස්ලාම් ආගමානුකූලව කෙරුණු කෙටි ආශිර්වාදකිරීමකින් පසුව ඉක්මනින්ම මිහිදන් කෙරුණි.

තවත් මළසිරුරු 8 ක් හමුව තිබෙන අතර ඒවා ඩී.එන්.ඒ පරීක්ෂාවන්ගෙන් ගුවන්යානයේ ගමන්කළ මගීන්ගේම යැයි අනන්‍යතාව තහවුරු කරගත් පසු ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව ඉන්දුනීසියා ගුවන් බලධරයින් කියයි.

යානයේ ගමන් කළ ඉතිරි 153 දෙනාගේ සිරුරු මේ වන විටත් හමුව නොමැත.

මේ දිනවල යානයේ සුන්බුන් හමුවූ බෝර්නියෝ දූපත ආසන්නයේ මුහුදු කලාපය අතිශයින් රළු ස්වභාවයක් ගන්නා හෙයින් සෙවුම් කටයුතු සිදුකිරීම අතිශයින් දුෂ්කර වී තිබේ. ගුවන්යානයට අයත් යැයි සැකකෙරෙන සැකිලි කොටසක් මුහුදු පතුලේ ඊයක් මෙන් ඇනී තිබෙන බව පැවසෙන අතර එහි ඉතිරි මළසිරුරු තිබෙන බවට විශ්වාස කෙරේ.

බලධාරීන් පවසන්නේ මේ කාලගුණය දිගටම මෙලෙසම පැවතියහොත් සුන්බුන් තවත් විසිරීම වැළැක්විය නොහැකි බවයි.යානයට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කරගැනීමට එහි කළු පෙට්ටිය සොයාගත යුතුව ඇතත් ඒ සඳහා තවත් සති දෙකක්වත් ගතවනු ඇතැයි ඔවුන් කියයි.

ගුවන්ගතවී විනාඩි 45 කින් පමණ අතුරදන්වූ මලයාසියාවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත්වූ මෙම එයාර් බස් වර්ගයට අයත් ගුවන්යානයෙන් ලැබුණු අවසන් පණිවුඩයෙන් කාලගුණය දරුණු හෙයින් යානය මදක් ඉහළින් පියාසර කිරීමට නියමුවා අවසර ඉල්ලා තිබේ. පණිවුඩය ඉන්දුනීසියා ගුවන්පාලක මැදිරිය වෙත ලැබී මිනිත්තු කිහිපයක් ගතවූ තැන යානය සමග සියලු සබඳතා ඇණහිට එය රේඩාර් තිරයෙන්ද මැකී ගොස් ඇත.

ගුවන්යානා විශේෂඥයින් පවසන්නේ නියමුවා යානය ඉහළට ගෙනයෑමේදී එය කුණාටුවකට හසුව හීයක් සේ තනි කෙළින් ඉහළ නගින්නට ඇති යැයි සැක කළ හැකි බවයි. මෙසේ ඉහළ නැගි නිසා යානයේ එන්ජින් කි‍්‍රයාවිරහිත වන්නට ඇතැයිද මෙනිසා නැග්ම අවසානයේ නැවත වරක් කුණාටු සුළං වලට හසුවන්නට ඇති යානය පොළවට වැටීමේදී නියමුවා කිසිවක් කරකියා ගතනොහැකිව අසරණ වන්නට ඇතැයිද ඔවුන් මත පළ කරයි.

කාලගුණය යහපත්වූ පසු නියම ආකාරයට දියත් කළ හැකිවනු ඇති මෙහෙයුම් වලින් සියල්ල අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

245A7ECF00000578-0-image-a-20_1420104430635 245A8E5B00000578-0-image-a-11_1420104220540 245A84E200000578-0-image-a-19_1420104341553 245A87CA00000578-0-image-a-23_1420104503612 245AF12800000578-2893363-The_body_previously_known_as_B001_was_identified_by_fingerprints-a-54_1420113278378



අදහස් (0)

කාලගුණේ කරපු විනේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site