IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කේලම් මල්ලක් අරන් කේලමා බිමට බහී

අතිශය රහසිගත මෙහෙයුමක යෙදුණේ යැයි පැවසෙන වස්තු සොයන යානයක් පසුගියදා ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ දකුණු වෙරළබඩ පිහිටි ගුවන් පථයකට ගොඩබැස්සේය.

එක්ස් - 37 බී ලෙස හැදින්වෙන මෙම යානය නියමුවන් රහිතව පාලනය වන බව සඳහන් වේ.පසුගිය 2012 වසරේ දෙසැම්බර් මස සිට ගුවනේ අවුරුදු 2 කට ආසන්න කාලයක් ගත කළ එය එතරම් කාලයක් ගුවනේ සිටිමින් කළේ කුමක්දැයි යන්න අභිරහසකි.

දැනට අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව මෙම ව්‍යාපෘතිය ඇමරිකා ආරක්ෂක අංශ, නාසා ආයතනය හා බෝයිං ගුවන්යානා නිෂ්පාදක සමාගම එක්ව දියත් කෙරෙන්නකි. යානයේ නිශ්පාදන කටයුතු හා එය ගුවන්ගත කිරීමේ හා ගොඩ බැස්වීමේ කටයුතු ගැන කෙටියෙන් කර ඇති සදහනක් හැරෙන්නට බළධාරීන් යානයේ සැබෑ අරමුණ ගැන මේ දක්වාම කිසිත් හෙළි කර නැත.

ඇතැමුන් පවසන්නේ මෙම යානය ගුවනේ සිටි කාලය පුරාවට ඔත්තු බැලීමේ නිරතව සිටින්නට ඇති බවයි. එය විවිධ සන්නිවේදන උපකරණයන්ගෙන්ද සන්නද්ධ බව ඔවුන්ගේ අදහසයි.

තවත් අය මෙය වෙනත් රටවලට අයත් චන්ද්‍රිකා ඇමරිකාව යටතට ගැනීමට නිපදවූවක් බව කියයි.

මෙවන් යානයක් 2010 වසරේද ගුවන් ගත කෙරුණු අතර එම වසරේම දෙසැම්බර් මාසයේදී එය නැවත ගොඩබැස්සේය. එවරද යානය ගුවනේ සිට කළේ මොනවාදැයි කිසිදු කරුණක් හෙළිවූයේ නැත.

අභ්‍යාවකාශ ෂටලයකට වඩා කුඩා වන යානයේ මිනිසුන්ට ගමන් කිරීමට ඉඩ නොමැති අතර පසුපස කොටසේ නම් චන්ද්‍රිකාවක් රැදවීමට තරම් ඉඩකඩ තිබේ.පෘථීවියෙන් සැතපුම් 110 - 500 අතර දුර ගුවනේ සිටිමින් යානය පෘථීවිය වටා ගමන් කරයි.

යානය සාර්ථකව ගොඩබැස්වීම ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් පළකර තිබූ ඇමරිකා ආරක්ෂක බළධාරීහු ඊට වැඩි යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.



අදහස් (0)

කේලම් මල්ලක් අරන් කේලමා බිමට බහී

ඇන්ටන් Monday, 20 October 2014 05:12 PM

සමහරවිට අපේ රටින් යවපු එකත් මේක ඇතුළෙමද දන්නේ නැහැ නේද? එහෙම කියන්නත් පුළුවන්. මොකද පෙරළෙන පැත්ත හොඳයි කියන අයනේ ලංකාවෙත් ඉන්නේ (නි)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 20 October 2014 05:23 PM

බඩුමිල.. ජීවන වියදම... උද්දමනය..... වගේ නම් වලින් අපි නම් නිතරම යවනවා රොකට්. ඒවා කවදාවත් බිමට නම් එන්නේ නැහැ. (නි)

:       0       0

චින්තක Wednesday, 22 October 2014 01:37 AM

අපෙත් ඉන්නේ කේලම් චන්ද්‍රිකා ඕනෑතරම් (නි)

:       0       0

චන්ද්‍රන් Tuesday, 21 October 2014 06:03 AM

MH 370 තොරතුරු ඔක්කොම මෙයා ගෙනල්ල ඇති බලමු බලමු. ඉබෝලා ලෙඩේට බෙහෙත් නැහැ, ASIS කියන මිනීමරුවන්ට ඔක්කොමල බයයි. එවුනාට EEYU එකෙන් අපිට පාර්ට් දානවා පොඩි රටක්නේ කිසිම සැලැස්මක් නැති විරුද්ධ පක්ෂ ඉන්නකම් ඔහොම යං. (අ)

:       0       0

රූපවතී Monday, 20 October 2014 06:33 PM

ඈ..මොට්ටපාල, මාව ඕකේ දාලා යැවුවොත් කව්ද මේකේ හැමදාම ඇහේ ඉදිකටු ඇනෙන්න වාගේ ඔයාලට කතාකරන්නේ? (නි)

:       0       0

කර්තිනි Monday, 20 October 2014 09:58 AM

අපේ රටින් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ? (නදී)

:       0       0

මහේෂි Tuesday, 21 October 2014 03:07 PM

ඇමෙරිකාවේ වැඩේ ඔත්තු බලලා අනෙත් මින්නිස්සුන්ට වින කරන එක තමයි.(හේ)

:       0       0

ලසන්ත Monday, 20 October 2014 11:53 AM

කර්තිනි අපේ රටින් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ? එ්ක තියෙනවා. ලගදිම එළියට අලුත් මුහුණු වරකින් දාන්නයි හදන්නේ (නදී)

:       0       0

පාල Tuesday, 21 October 2014 03:24 PM

රූපවති, ඔයා ඉන්නකම් මේකේ අපිටත් මොනවාහරි කුණු ගොඩවල් පම්පෝරි අසන්නට බලන්නට පුළුවන් (නි)

:       0       0

ජයන්ත Tuesday, 21 October 2014 03:41 PM

මොන දේ කෙරුවත් අර නැති වුණ යානය හොයාගන්න බැරි වුනානෙ තාම.(හේ)

:       0       0

ගොඩකදෙනිය Tuesday, 21 October 2014 03:01 AM

රූපවතීට ඔය නම දමපු කෙනා හමු උනොත්. (නදී)

:       0       0

මොට්ටපාල Monday, 20 October 2014 01:36 PM

මේකට අපේ අර රුපවති නොනවාත් දමා අරින්නට තිබ්බේ (අ)

:       0       0

ශීලා Tuesday, 21 October 2014 03:28 AM

ඇමරිකාවට ජය වේවා (නදී)

:       0       0

රූපවතී Monday, 20 October 2014 07:48 AM

අර පසු ගිය කාලවල එක එක තැන්හි විහිදුනායයි මිනිසුන් විසින් දුටුවේ ඔය රහස් යානයේ වියහැකියි ...? (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 20 October 2014 08:57 AM

ඔය යානය තුලට බැරැක් ඔබාමාගේ නැන්දම්මාත් ඇතුල් කර හැරියා නම් කේලම් සමග ඕප දුප මල්ලකුත් පුරවාගෙන එයි බරටම (නදී)

:       0       0

සමන්ත Tuesday, 21 October 2014 04:58 AM

මෙච්චර දෙයක් කරන්න ඇමෙරිකාව කොයිතරම් දියුණුද? මේක බලලා එලොව සිහියෙන් මෙලොව අත ගගා අදහස් ලියන අපේ පාඨකයාගේ දැනුමේ තරම බලන්න. (නි)

:       0       0

ජීවන් Tuesday, 21 October 2014 04:59 AM

ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site