නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නීතිරීති මෙන්ම විශේෂයෙන්ම ස්වයං-නිරෝධායන නීති කඩ කරන්නන්ට බ්‍රිතාන්‍ය පවුම් 10,000 (ඇමෙරිකානු ඩොලර් 13,000 - රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්න මුදලක්) දඩයක් පැනවීමට එංගලන්ත බලධාරීන් තීරණය කර ඇත.
එංගලන්තය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙන අතර එම නිසා නව සහ දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
මෙම නව රෙගුලාසි සැප්තැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය. නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් තැනැත්තන් සහ ඔවුන් ඇසුරු කරන ලද සමීපතම පුද්ගලයන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ආදී පුද්ගලයන්ට මෙම නව නීති ක්‍රියාත්මක වේ.
“මේ නීති රෙගුලාසි නොසලකා හරින අයට සැලකිය යුතු දඩයක් ගෙවන්න වේවි” යැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා සඳහන් කළේය.
ස්වයං-නිරෝධායනය ඇතුළු ‘කොවිඩ්-19’ වයිරස වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා පනවා තිබෙන පළමු මට්ටමේ නීතියක් හෝ රෙගුලාසියක් කඩ කළහොත් එසේ කරන පුද්ගලයන්ට පවුම් 1,000 (ඇමෙරිකානු ඩොලර් 1,300) දඩයක් නියම වේ. එකම වරද දිගින් දිගටම හෝ ඊට පසුත් නීති රෙගුලාසි කඩ කරන්නේ නම් හෝ සහ ඒවායේ බරපතළකම අනුව ගෙවීමට සිදුවන දඩ මුදල්වල වටිනාකම පවුම් 10,000 දක්වා ඉහළ යයි.
එමෙන්ම සිය රාජකාරීවලට නොගොස් ස්වයං-නිරෝධායනයට යොමුවන සේවකයන්, සේවයෙන් නෙරපන බවට තර්ජනය කරන සේවා යෝජකයන් හා හාම්පුතුන්ට ද එසේ දඩ ගෙවීම්වලට යටත් වේ.
ස්වයං-නිරෝධායනයට යොමුවීම හේතුවෙන් ආදායම් අහිමි වන අඩු ආදායම්ලාභීන්ට අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව පවුම් 500 (ඇමෙරිකානු ඩොලර් 650) ක සහාය දීමනාවක් ද හිමිවන අතර ඔවුන්ට අසනීප ගෙවීමක් ද ලැබෙනු ඇත.
“මූල්‍ය තත්ත්වය, ආදායම් සැලකිල්ලට ගත්තාම බොහෝ පිරිසකට මේ නීතිරීති පිළිපදින්න අමාරුයි. ස්වයං-නිරෝධායනය වෙන්න ඔවුන්ට මූල්‍යම හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය ජොන්සන් කීය.
දැනට පවතින නීතිරීති හා රෙගුලාසිවලට අනුව ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් ගත පිරිස්වලට දින 10ක් ස්වයං-නිරෝධායනයට යොමු වන්නැයි උපදෙස් දී තිබේ. රෝග ලක්ෂණ ඇති සහ හෝ මෙන්ම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සමඟ ජීවත් වන අය දින 14ක් නිරෝධායනය විය යුතු ය.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 42,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. එම ගණන යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද වේ.
ගිම්හාන සමයෙන් පසු වයිරස ආසාදිතයන් වාර්තා වීමේ වැඩි වීමක් ඇතැයි ද එබැවින් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද අගමැති ජොන්සන් සිකුරාදා අනතුරු ඇඟවීය.
රොයිටර්
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘කොවිඩ්-19’නීති කඩ කළොත් දඩය පවුම් 10,000 යි