'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ වාර්තාව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතට ලැබී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'කොවිඩ් 19' ආරම්භය සම්බන්ධයෙන් චීනයෙන් ලබා ගත් දත්ත සහ විස්තර ප්‍රමාණවත් නොවන බැවින්, වයිරසයේ ආරම්භය නිවැරදිව හඳුනා ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ අපොහොසත් බව වාර්තාවේ සඳහන් වන බව ධවල මන්දිරය මාධ්‍ය හමුවේ නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.
'කොවිඩ් 19' වයිරසයේ ආරම්භව සිදුවූයේ 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 වසර වෙද්දී එය ලොව පුරා ව්‍යාප්ත විය. වයිරසය චීනයේ වූහාන් පිහිටි වයිරස රසායනාගාරයෙන් කාන්දු වූවක් බවත්, එය චීන හමුදා විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබූවක් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පමණක් නොව, ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ පවා එම අවස්ථාවේදී චීනයට චෝදනා නගන්න විය.
එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ජනපති ට්‍රම්ප් දිගින් දිගටම 'කොවිඩ් 19' වයිරසය හඳුන්වා දෙන්න වූයේ ද 'චීන වයිරසය' යනුවෙනි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බයිඩන් ඇමෙරිකන් බුද්ධි අංශ වෙත දින 90 ක කාලයක් ලබා දී තිබුණේ 'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය ගැන තමන්ට සම්පූර්ණ වාර්තාවක් අවශ්‍ය බවටය.
'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී, විශේෂ විමර්ශන කණ්ඩායමක් වූහාන් වෙත යවා විමර්ශනයක් කෙරුණි. ඒ, මෙම වසර ආරම්භයේදීය. එම විමර්ශනය අවසන් වූයේ ද වයිරසයේ මූලාරම්භය නිවැරදිව පැවැසිය නොහැකි බවත්, චීන සෞඛ්‍ය අංශ මුල්ම වයිරස ආසාදිතයයන්ගේ දත්ත තමන්ට ලබා නොදුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙමිනි.
මේ අතරතුරේ චීනය ද ඇමෙරිකාවට චෝදනා කර තිබෙන්නේ, 'කොවිඩ් 19' වයිරසය පළමුවෙන්ම ආරම්භ වූයේ 2019 ජූලි මාසයේ ඇමෙරිකා හමුදා කඳවුරකින් බවය. චීනය පවසන ආකාරයට, වයිරසය සමාජගත වී ඇත්තේ ඇමෙරිකාවේ 'ෆෝට් ඩෙට්ට්‍රික්' නමැති හමුදා කඳවුරෙනි. මෙම කඳවුරේ වයිරස ගබඩා කර ඇති අතර ඒවා විවිධ රසායනික අවි සඳහා යොදා ගන්නා බව පැවැසෙයි.
කඳවුරේ සිටි නිලධාරීන්, විද්‍යාඥයන් පමණක් නොව, කඳවුර අවට පදිංචි බොහෝ දෙනකු ද රෝගී වූ බවත් ඔවුන් සියලු දෙනාගෙන් පෙන්නුම් කළේ 'කොවිඩ් 19' රෝග ලක්ෂණ සහ 'කොවිඩ් 19' නියුමෝනියා තත්ත්වය බවත් චීනය චෝදනා කර ඇත. චීනය එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා හමුදාව කිසිවක් පවසා නැත.
(රොයිටර්)
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’කොවිඩ් 19’ සුලමුල පිළිබඳ බුද්ධි වාර්තාව බයිඩන් අතට
Nalin Thursday, 26 August 2021 03:48 PM
ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන දෙකම එන්නත් අලෙවි කරන අතර විශාල මුදලක් ලබා ගනී ...
Raveendra Friday, 27 August 2021 10:16 AM
දැන් බලනකොට බයිඩන් ආත බූත නැතිව එහෙ මෙහෙ අතගානවා වගේ... අනේ අම්මපා තමන් වගාකළ දෙය තමන් නෙලා ගන්නවා යන වටිනා කියමන බයිඩන් ට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් නැති හැටි...