ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපොළේ දේශසීමා බලකායේ අධි ආරක්ෂිත කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු කඩා වැදීමෙන් සොල්දාදුවන් තිදෙනෙක් තුවාල ලැබූහ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ජායිෂ් ඊ මුහම්මද් සංවිධානයේ බවත් ඔවුන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවත් තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කළේය. පැමිණි එක් සටන්කාමියකු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් තිබෙන අතර පොලිස් වාර්තාවලට අනුව දැනට කෙරෙන පරීක්ෂණවලදී සොල්දාදුවන් තිදෙනකු තුවාල ලබා තිබේ.
ආයුධ සන්නද්ධ සටන්කාමීන් කඳවුරට කඩා වැදී තිබෙන අතර මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. වෙඩි හුවමාරුව තවමත් සිදුවන බවත් පැමිණි මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල සහිත සටන්කාමීන් දෙදෙනා තවමත් කඳවුර තුළ සිටින බවත් වාර්තා සඳහන් කරයි.
මේ අතර උදෑසන 10 වන තෙක් ශ්‍රී නගර් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් නවතා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ද හින්දු 055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාශ්මීර දේශ සීමාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්