IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෙහෙල් ඇවරියෙත් මාරයා

නිරිත දිග ලන්ඩනයේදී කෙසෙල් ඇවැරියක සිට ලොව විසම මකුළු වර්ගය සොයා ගෙන ඇත.

29 හැවැරිදි කොන්සි ටෙලර් නැමැති කාන්තාව පවුමකට මිලට ගත් කොලොම්බියා  වර්ගයේ කෙසෙල් ඇවරියක මේ මකුළු වර්ගය සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාව කෙසෙල් ගෙඩියක් කෑමට යාමෙදී මකුළුවන්ගේ දැලක් එහි පහළ කෙලවර දැක ඇත. ඇය එම මකුළුවන්ගේ පින්තූරයක් ගෙන කෘමින් පිළිබද විශේෂඥයකුට පෙන්වූ විට ඔහු කියා ඇත්තේ   ඇත්තේ ‘‘බ්‍රසීලයේ පුදුම සහගත මකුලුවන්‘ නමින් හදුන්වන ලොව විසසහිත මකුළුවා මේය බවයි.

එම මකුළුවාගේ විද්‍යාත්මක  නාමය වන්නේ ‘‘පොනුට්‍රියා නිග්‍රිවෙන්ටර්‘ ය.   විසකුරු සර්පයෙකුට වඩා 30 ගුණයකට වැඩි විසක් මේ මකුලුවාට ඇතැයි කියති.  

මකුලුවා සපා කෑ විට හෘද ස්පන්දනය වෙනස් වීම, අධික රුධිර පීඩනය, වමනය සහ පැය 2ක් ඇතුලත මිය යාමද සිදුවිය හැකි බව කියති.

 



අදහස් (0)

කෙහෙල් ඇවරියෙත් මාරයා

ගාමිණී - සිරි Tuesday, 05 November 2013 10:10 PM

කෑගල්ලේ කෙසෙල්කැන් වෙළඳාම කරන මුදලාලි කෙනෙක් කෙසෙල් කැනක් කපද්දී එහි සිටි වවුලෙක් අත කාලා ගණන් නොගැනීමෙන් දින කීපයකින් පසු මියගියා.බැරි වෙලාවත් මේ කියන මකුළුවා කෑවා නම් පැය දෙකෙන් කපෝතියි (නි)

:       0       0

ගජනායක Tuesday, 05 November 2013 10:13 PM

අපේ සිංහරාජ වනාන්තරයේත් ඉන්නවා මේ වගේ ඝෝර විෂ සහිත මකුළුවෙක්. හැබැයි කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ගැමියෝ දැක්ක ගමන් ඌව මරා දමන්න පෙළඹිලා නිසා වර්ධනයක් නැහැ.ප්‍රමාණයෙන් මීට වඩා ලොකුයි.(ස)

:       0       0

චමත් Tuesday, 12 November 2013 07:44 AM

එහෙ කෙසෙල් වල විතරයි. මෙහෙ කන බත්පතෙයි, බොන වතුර ටිකෙයිනේ මාරයා ඉන්නේ? (නි)

:       0       0

වන්නි තිලක් Wednesday, 06 November 2013 01:51 AM

ගාමිණී මහත්මයා කියන විදියට වවුලා ජලභීතිකා රෝගය වැළඳුනු එකෙක් විය යුතුයි. පිස්සු බලු රෝගය කිව්වට බළල්ලු හරක් මුගටි නරි වවුල්ලු ආදී තවත් සතුන් මගිනුත් රෝගය බෝවෙන්න පුළුවන්. මගේ අත උණ හපුලුවෙක් සපලත් මම ප්‍රතිකාර ගත්තා. (නි)

:       0       0

වන්නි තිලක් Wednesday, 06 November 2013 01:56 AM

ගජනායක මහත්මයා, ලංකාවේ විෂ මකුළුවෝ ඉන්නවා. දිවි මකුළුවා කියන ලොකු මකුළු වර්ගයක් ඉන්නවා උන් දැල් බඳින්නේ නැහැ. බොහොම විෂයි. ඉදිමීම වේදනාව සහ පේශි අකර්මන්‍ය වීම ඇති වෙන්න පුළුවන්. නමුත් මිය ගිය කෙනෙක් ගැන වාර්තා වී නැහැ. වෙනත් මාරාන්තික විෂ ඇති වර්ගයක් ලංකාවෙන් හොයාගෙන නැහැ කියලයි මම දන්නේ. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කැමතියි දැනගන්න. (නි)

:       0       0

ලංකා Tuesday, 05 November 2013 06:58 PM

මට හිතාගන්න බැහැ (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Wednesday, 06 November 2013 03:52 AM

හපොයි කාපට් එකෙත් හලාගෙන.. දැන් ඉතින් එකෙක් හරි හැංගිලා හිටියොත් මොකද වෙන්නේ.?(නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 06 November 2013 08:04 AM

එච්චර දරුණුයි කියල ෂුවර් ද? මම ලංකාවේ කෙසෙල් වලත් මීට සමාන මකුළු දැල් දැකලා තිබෙනවා (හරියට පොඩි පුළුන් ගුලියක් වගේ). (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 09:03 PM

එක්තරා විදියක ජීව ප්‍රහාරයක් (නි)

:       0       0

බමුණු Wednesday, 06 November 2013 09:11 AM

එහෙ කෙසෙල්වල මකුළු මාරයෝ. මෙහෙ කෙසෙල්වල බෙහෙත් මාරයෝ (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 November 2013 10:08 PM

රේගුවේ නේද වැරැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site