මරා දැමුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (17) බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන මුරුෂානියාවේදී අත්අඩංගුවට ගැණින. ගඩාෆිට එරෙහි ලිබියාවේ විරෝධතා ආරම්භ කළ අවස්ථාවේදී කැරැුලිකරුවන්ට පහරදීමට උපදෙස් දුන් බවටත්, කැරැලිකරුවන් ඝාතනය කරමින්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් සෙන්සුයිට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කළේ ඉකුත් ජූලි මාසයේදී ගඩාෆිට සහ ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදීමය. අල් සෙන්සුයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නමුත් ලිබියාවේ නව පාලකයන් පවසන්නේ සෙන්සුයිට එරෙහිව නඩු පවරා දඬුවම් දීමේ කටයුතු ලිබියාවේදී සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. ලිබියාවෙන් පැන යෑමට උත්සාහ කරද්දී අල්ලා ගත් ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ද මේ වනවිට මාස කීපයක් තිස්සේ ලිබියා නව පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවෙයි. ඔහුට විරුද්ධව මෙතෙක් කිසිදු ආකාරයක නඩු විභාගයක් පවත්වා නැත. මුරුෂානියා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අල් සෙන්සුයි තමන්ට බාර දෙන්නැයි ලිබියා නව රජය ඉල්ලීමක් ද කර තිබේ. ”අපට දැන ගන්න ලැබුණා අල් සෙන්සුයි මුරුෂානියාවේ නුකාචොට් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තරුණයකුත් ඔහු සමඟ සිටියා. අප විශ්වාස කරනවා ඒ ඔහුගේ පුතු කියලා.” යැයි ලිබියා නව රජයේ ප‍්‍රකාශක නසීර් අල් මානී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ලිබියා කැරැලිකරුවන් අතින් ගඩාෆි ඝාතනය කෙරුණු අවස්ථාව වන විට අල් සෙන්සුයි, කැරැලිකරුවන්ගෙන් බේරී ලිබියාවෙන් පැනගොස් සිටියේය. ඔහු මුරුෂානියාවට පැමිණ ඇත්තේ මොරොක්කෝවේ සිටය. ඒ, ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකස් කර ගනිමිනි. අල් සෙන්සුයි අත්අඩංගුවට ගැනීමේදී මුරුෂානියා බලධාරීන්ට සහාය දී ඇත්තේ ප‍්‍රංශ රජයයි. ගඩාෆිට එරෙහිව සටන් වැදීමට කැරැලිකාර පාර්ශවයට ආයුධ දුන්නේ ප‍්‍රංශසයයි . කැරැලි කරුවන්ගේ දේශපාලන හඬ වූ ‘ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය’ ලිබියාවේ සැබෑ ජනතා හඬ යැයි මුලින්ම නිල වශයෙන් පිළිගෙන ආධාර දුන් රට වන්නේද ප‍්‍රංශයයි. ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසිගේ කාර්යාලය විශේෂ ප‍්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා ඇත්තේ, 1989 වසරේ යූ.ටී.ඒ. ගුවන් යානය බෝම්බ ප‍්‍රහාරයකින් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල් සෙන්සුයිට දඬුවම් ලබාදීමට ප‍්‍රංශයට ගෙන්වා ගත යුතු බවය. මුරුෂානියාව රෝම ප‍්‍රඥප්තියට අස්සන් නොකළ රටක් වන නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඔවුන්ගේ ඇති බැඳීම හේතුවෙන්, අල් සෙන්සුයි, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දීමට මුරුෂියානා රජය බැඳී සිටින බව ද පැවැසේ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියා මුරුෂානියාවේදී කොටුවෙයි