ලිබියානු බලඇණියක් රැගත් හමුදා රථ 250 ක් ඊයේ (6) නයිගර් රාජ්‍යයේ ඇගඬේස් නුවරට පැමිණි බවත් එම පිරිස අතරේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි ද ඇතැයි තමන් සැක කරන බවත් ප‍්‍රංශ හමුදා ප‍්‍රකාශ කරයි.ලිබියා නායකයා සමඟ ඔහුගේ වැඩිමහලූ පුතු සෙයිෆි අලී ඉස්ලාම් ද නයිගර් රාජ්‍යයට පැමිණ ඇතැයි ප‍්‍රංශ හමුදා වැඩි දුරටත් කියා සිටියි. නයිගර් රාජ්‍යය ලිබියාවේ අසල්වැසියෙකි.හමුදා බලඇණියක් රැුගත් හමුදා රථ පෙළ ඇජාඬේස් නුවර පසුකර ගොස් බුර්කිනෝ සාසා නමැති උතුරු අපි‍්‍රකා රාජ්‍යයට ඇතුළුවීමට උත්සාහ දරන බව ප‍්‍රංශ හමුදා වැඩි දුරටත් කියා සිටියි.මේ අතර ලිබියානු ආයුධ සන්නද්ධ කැරැලිකාර පාර්ශ්වයෙන් බේරී පලා යන ලිබියා නායක ගඩාෆිගේ ආරක්ෂක ප‍්‍රධානී මන්සූර් ඩාව් ද ලිබියානු දේශසීමාව හරහා නයිගර් රාජ්‍යයට පැමිණ ඇති බවට නයිගර්හි ක‍්‍රියාත්මක ටුරේග් කැරැලිකරුවෝ පවසති.මන්සූර් ඩාව්ට මෙන්ම ලිබියාවේ සිට පැමිණි ආරක්ෂක රථ පෙළට ද නයිගර් රාජ්‍යයට ඇතුළුවීමට ඉඩ සලසා දී ඇත්තේ ටුරේග් කැරැලිකරුවන්ගේ නායක ඇග්ලී ඇලම්බෝය. ඔහු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ සමීපතම මිතුරෙකි.බටහිර බලවතුන් එක්වී මීට මාස කිහිපයකට පෙර කැරැලිකරුවන්ට සහාය දක්වමින් ගඩාෆි හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී ඇග්ලී ඇලම්බෝ සිය ගණනක කැරැුලිකරුවන්ගෙන් යුත් බල ඇණි කිහිපයක් ද සමඟ ලිබියාවට පැමිණි බව වාර්තා විය. මීට සති කිහිපයකට පෙර ලිබියා ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදී ගඩාෆි සැඟවුණේය. මේ වනතෙක් ඔහු ගැන කිසිදු නිල හෝඩුවාවක් ලැබී නැත.ගඩාෆි අල්ලා දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බවට කැරැලිකාර පාර්ශ්වය නිවේදනය කර ඇති අතර තවමත් ගඩාෆි ගැන හරිහැටි ඔත්තුවක් ලබා දීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත.මේ අතර ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන බානී වාලීඞ් අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ දිනය පුරාම කි‍්‍රයාත්මක වූ බවත් කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කළ බවත් වාර්තා විය. බානි වාලිඞ් නගරය ටි‍්‍රපොලි අගනුවරට කි.මී. 100 ක් දුරින් පිහිටා තිබේ. ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැුසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් ලිබියාවේ නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය. බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේ යන නගර ඒ අතරින් දෙකකි. මේ අතර චීනය ගඩාෆි හමුදාවට හොර රහසේ ආයුධ ලබා දී ඇතැයි කැනඩාවේ ග්ලෝබ් සහ මේල් යන පුවත්පත් පෙරේදා (5) වාර්තා කර තිබුණු අතර චීන රජය ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඔවුන් එවැනි ගනුදෙනුවකට සම්බන්ධ නොවූ බවය.ග්ලෝබ් සහ මේල් පුවත්පත් වාර්තා කර තිබුණේ ලිබියා කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී චීන රජය රහසිගතව ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් වටිනා අවි ආයුධ තොගයක් ගඩාෆිගේ හමුදාවලට ලබා දී ඇති බවය.
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියාදැයි සැකයක්