IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ගඩාෆි පුත් සයිෆ්-බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර අධිකරණයට භාරවීමට යති

ඝාතනයට ලක්වූ කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් සහ ගඩාෆිගේ හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා අල්-සෙනුස්සි හේග්හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත භාරවීමට යති. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ගඩාෆිට සිදුවූ ඉරණම ඔවුන්ටද අත්වේයැයි බියෙන් විය යුතුයැයි ලිබියා අන්තර්වාර රජයේ නිලධාරියකුවන අබ්දෙල් මජිඞ් ම්ලෙග්ටා පැවැසීය. සයිෆ් අල්-ඉස්ලාම් යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමට අවශ්‍යව සිටි අයෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුද නිකුත් කර තිබුණි. ලිබියාවේ කැරැලිකරුවන් සර්ටේ නගරයේ පිහිටි ගඩාෆිගේ මන්දිරය අත්කර ගැනීමෙන් පසු සායිෆ් අල් ඉස්ලාම් ගැන කිසිම තොරතුරක් මාධ්‍ය මගින් හෝ හෙළිනොවුණි. ඔහු ලිබියා-නයිජර් දේශසීමාව ආසන්නයේ සැඟවී සිටිතැයි රාවයක් පැතිර ගොස් තිබුණි. තමාට මෙම ආරංචිය ලැබුණේ නව රජයේ ඔත්තු සේවාවෙන් යැයි පැවසූ අබ්දෙල් මජීඞ්, සායිෆ් හා හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා අල්සේනුස්හි අසල්වැසි රටක ආධාරයෙන්, හේග්හි ජාත්‍යන්තර අපරාධිකරණය හමුවට යාමට සිතාගෙන සිටින බව පැවසීය. එහෙත්, එම තැරැව්කාර රට කුමක්දැයි මජිඞ් හෙළිකර නැත. සායිෆ් අල්-ඉස්ලාම්ට හා බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා හට නයිජර් රාජ්‍යයෙහි රැකවරණ අවශ්‍ය නම්, අධික මුදලක් දෙන ලෙස නයිජර් බලධාරීන් පවසා ඇති බවද හෙළිවේ. ගඩාෆි පුතු සයිෆ් හා හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර යුධාධිකරණයට හමුවට පැමිණේදැයි විමසීමට එම අධිකරණය නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ලිබියාවේ අන්තර්පාලන රජයේ අබ්දෙල් මජීඞ් පැවැසීය.



අදහස් (0)

ගඩාෆි පුත් සයිෆ්-බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර අධිකරණයට භාරවීමට යති

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 791 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 48 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 1317 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 1728 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 42 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 28 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site