ජංගම දුරකථන ඔස්සේ ‘‘ගඳ සුවඳත්‘‘ හුවමාරු කර ගත හැකි උපාංගයක් හදුන්වාදීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.
මේ උපාංගය ජංගම දුරකථනය හා සම්බන්ධ කිරීමෙන් පසු ජංගම දුරකථනයේ පිහිටුවන ලද මෘදුකාංගයක් ආධාරයෙන් තමන්ට කැමැති පරිදි හැසිරවිය හැකවේ.
උදාහරණයක් වශයෙන් සිය පෙම්වතියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට රෝස මල් සුවඳක්ද තමන් සමග හිත්නොහොදින් සිටින අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට කුණු බිත්තර ගදක්ද ආදී ලෙස ගඳ සුවඳ නිකුත් වන පරිදි මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය මෙහෙයවිය හැකයි.
වෙනත් ජංගම දුරකථනයක මෙවන් උපාංගයක් සවි කර ඇත්නම් එහි කි‍්‍රයාකාරීත්වයද පාලනය කිරීමේ හැකියාව මේ මෘදුකාංගයට ඇත.කෙටි පණිවුඩ හුවමාරු කරගන්නවාක් මෙන් විවිධ ‘‘ගන්ධයන්‘‘ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ හැකියාවද මෙයින් ලැබේ.
කුඩා කුටීරයක් සම වන මේ උපාංගයේ කුඩා ප‍්‍රමාණයේ පංකා කිහිපයක් හා විවිධ ගඳ සුවඳ ලබාදෙන රසායන ද්‍රව්‍යයන් ඇත. ජංගම දුරකථනයේ මෘදුකාංගය ඔස්සේ ක‍්‍රියාත්මක වීමට පණිවුඩය ලැබුණු කල උපාංගයේ අන්තර්ගත ඉලෙක්ට්‍රොනික පරිපථය අදාළ ගඳ සුවඳ ලබා දෙන රසායන ද්‍රව්‍යයන් කි‍්‍රයාකාරී කරවයි.එවිට උපදින සුවද හෝ වේවා ගඳ හෝ වේවා පංකා කි‍්‍රයාකාරී වී කුටීරයෙන් පිටතට විහිදැවෙයි..
ජංගම දුරකථනයෙන් චිත‍්‍රපට නරඹන විටදී පවා ඒ ඒ රූප රාමු වලට ගැලපෙන පරිදි ගන්ධයන් නිකුත් වන ලෙස මේ උපාංගයේ කි‍්‍රයාකාරීත්වය සීරුමාරු කළ හැකි බවද නිශ්පාදකයෝ කියති.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගඳ සුවඳත් හලෝවෙන් බෙදයි
දයා අලහාකෝන් Sunday, 19 May 2013 06:13 PM
අනේ ඔයා වැසිකිලියේ ඉදගෙන නේද කතාකරන්නේ.(නදී)
දයා අලහාකෝන් Sunday, 19 May 2013 02:18 PM
ඉදිරියෙදි තව තව මොන මොනවා මේ හරහා ගෙන්නවා ගනීද දන්නේ නැහැ නේද? (නදී)
සෑම් Sunday, 19 May 2013 02:26 PM
ලංකාවට ආවට පස්සේ ගද වේවිද? (නදී)
ප්‍රභාෂ් Sunday, 19 May 2013 02:26 PM
දත් මැද්දෙ නැති වුණහම එන ගද ආවොත් ඉවරයි (නි)
සරත් Sunday, 19 May 2013 02:27 PM
මාරයි නේ
රංජනී Sunday, 19 May 2013 02:34 PM
ප්‍රේම කරන අයට හොදයි. ටිකක් මිල වේවි නමුත් ලගින් ඉදන් විදින ගද,සුවද වගේ කොහේද?(නදී)
උපාලි Sunday, 19 May 2013 02:38 PM
රුප, ශබ්ද, ගඳ සුවඳ, රස, ස්පර්ශය කියන ඒවානේ අපේ පන්චේන්ද්රියයන්ට අරමුණු වෙන්නේ. රුප ශබ්ද දෙක මෙච්චර කල් අපට ලැබුනා. දැන් ගඳ සුවඳත් දෙන්නයි යන්නෙ. රසත් දෙන්න පටන් ගත්තාම ටී.වී. එකේ පෙන්වන ආහාර වෙළඳ දැන්වීම් හොඳට රස විඳින්න ලැබෙයි. හැබැයි, ස්පර්ශය දෙන්න ගිය දාට තමයි පිස්සු හැදෙන්නෙ. (නදී)
සදරුවන් Sunday, 19 May 2013 03:02 PM
සේනාවට කුණු බිත්තර ගහන්ඩ ලේසියි දැන්.(නදී)
පිටිගල මිලානෝ Sunday, 19 May 2013 03:31 PM
උදේ නැගිටලා දත් මදින්නේ නැතුව කතා කලොත් පෙම් සබඳතා නම් ගොඩක් බිඳ වැටෙයි.(නදී)
මර්සි ලංකා Sunday, 19 May 2013 11:19 PM
හදිසියකටවත් වැසිකිලියේ ඉඳන් කතා කරලා ඉවරයි. මේක නම් හොඳ දෙයක් නෙමේ.(නදී)