IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගමන් බෑගයේ හොරකම ගජරාමෙට

ගමන් බෑගයේ සැඟවී සොරකමේ යෙදෙන සොර මුලකින් පරෙස්සම් වන්න ස්පාඤ්ඤ පොලිසිය එරටට පැමිණෙන සංචාරකයින්ට අනතුරු අගවයි.

මෙම සොර මුල කි‍්‍රයාත්මක වන්නේ ජෝඩු ලෙස බව සදහන්ය.එක් සොරෙකු ගමන් බෑගයට රිංගන අතර අනෙකා එම බෑගය අන් මගීන්ගේ බෑග අතරට දමයි.

අනතුරුව ගමන අතරතුරදී බෑගයෙන් එළියට පැමිණෙන සොරා අන් මගීන්ගේ බෑග් වල ඇති ලැප්ටොප් පරිගණක,ආභරණ,ජංගම දුරකථන ආදී වටිනා කියන දේ සොරාගනී.අනතුරුව තමන් සිටි බෑගයට වැදෙන ඔහු ගමනාන්නතයේදී සියල්ලන්ටම පෙර එහි ගොස් සිටින මිතුරා බේරා ගනු ලබයි.

තම බෑගයන්ගේ තිබුණු වටිනා කියන දේ අතුරුදන්ව ඇතැයි මගීන්ගෙන් ලැබුණු පැමිණිලි තොගයකින් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇති පොලිසිය බෑගයක සැගවී සිටියදී අතටම හසුවූ සොරෙකු මාර්ගයෙන් මේ තොරතුරු අනාවරණය කරගැනීමට සමත්ව ඇත.

ඉදිරියේදී තම ගමන්මලූ පිළිබදව වඩා ප‍්‍රවේශම් සහගත වන්නැයි ස්පාඤ්ඤ පොලිසිය මගීන්ගෙන ඉල්ලයි.

 



අදහස් (0)

ගමන් බෑගයේ හොරකම ගජරාමෙට

සමන්ත Thursday, 21 November 2013 04:23 PM

මෙය විහිළුවක් ලෙසට මම දකින්නේ ගුවන් තොටුපලේදී නම් වෙන්න කොහොමත් බැහැ ගුවන් යානයට යනකන් සහ පිට වෙනකන් කීදෙනෙක් අහුරනවද පටවනවද බානවද...? (දිල්)

:       0       0

චන්දි Thursday, 21 November 2013 11:09 PM

ඒක තමයි සමන්ත, මාත් කිවුවේ. හිතාගන්නවත් පුළුවන් දෙයක්ද?අනේ මන්දා අනේ! (නි)

:       0       0

චන්දි Thursday, 21 November 2013 01:40 PM

මේ සිද්ධිය වෙන්නේ කොහෙදිද....? ගුවන් තොටුපලේදී නම් වෙන්න බැහැ මොකද බෑග් එකත්, අපිවත් චෙක් කරලනේ ඇතුල් කර ගන්නේ.., ඇත්තටම කොහෙදිද ආ .... (ස)

:       0       0

චන්දි Thursday, 21 November 2013 01:53 PM

පින්තුරේ දැම්මට ස්තුතියි..!! මට හිතාගන්නවත් බැහැ.., මෙහෙම දේවල්, මගේ ඔලුවේ ගහල තිබුණු කොණ්ඩ කට්ට නිසා මාව කි පාරක් චෙක් කරාද..? මේකත් හැට හතරෙන් එකක්ද...?..., නැත්නම් පුදුම හතෙන් එකක්ද....? (ස)

:       0       0

කැලුම් Friday, 22 November 2013 10:36 AM

හොරකමටත් නව තාක්ෂණය. (ස)

:       0       0

නුවන් Thursday, 21 November 2013 02:08 PM

කුරුමිට්ටේක් වද්ද... (ස)

:       0       0

දොඩන්ගොඩ Thursday, 21 November 2013 02:35 PM

අදහන්න අමාරු කතා තමයි දැන් අහන්න ලැබෙන්නේ (නි)

:       0       0

සිරියලතා Thursday, 21 November 2013 03:23 PM

ලාල්, අපේ අයගේ බෑග් වලට රිංගලා එළවලු ටිකක් තමා ගන්න වෙන්නේ (නදී)

:       0       0

කුමාරි Thursday, 21 November 2013 11:31 AM

අනේ ඇත්තට මොහම ජාවාරම් කරන්න විතරද මේ අයට මොලේ පෑදෙන්නේ.(නදී)

:       0       0

රොෂාන් Friday, 22 November 2013 07:33 AM

චන්දි,සමන්ත, අපේ රටේ වුණත් මෙහෙම දෙයක් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි අපි යන බස් වල නෙමෙයි පිටරට සංචාරකයො යන බස් වල. ඔයාලා නොදන්නවා වෙන්න බැහැ, ඒ බස් වල විශාල ගමන් මලු දාන්න වෙනම කොටසක් බස් එකේ යට කොටසෙ තියනවා කියලා. ඉතා දුර ගමන් යාම සඳහා භාවිතා කරන සුඛෝපභෝගී බොහෝමයක් බස් මේ ආකාරයෙන් ගමන් මළු දැමීම සඳහා කොටසක් සහිතවයි නිපදවා තිබෙන්නෙ (නි)

:       0       0

සමන්ත Friday, 22 November 2013 07:11 PM

රොෂාන් ඔයත් එක්ක මට තර්කයක් නැහැ මම නිතරම පිට රට යන ව්‍යාපාර කරන කෙනෙක්, දැනට ඉන්නෙත් දෝහා වල ඔයත් තර්කානුකුලව හිතන්න චන්දි වගේ. හිතන්න බැරිනම් පින්තුරයවත් බලන්න, (ස)

:       0       0

ලාල් - නුවර Thursday, 21 November 2013 11:50 AM

අපොයි අපොයි අපේ අයට මේ නිව්ස් එක දකින්න දෙන්න එපා. (ස)

:       0       0

සමන්ත ජයසේකර Friday, 22 November 2013 07:12 PM

රොෂාන් ඔයත් එක්ක මට තර්කයක් නැහැ මම නිතරම පිට රට යන ව්‍යාපාර කරන කෙනෙක්, දැනට ඉන්නෙත් දෝහා වල ඔයත් තර්කානුකුලව හිතන්න චන්දි වගේ. හිතන්න බැරිනම් පින්තුරයවත් බලන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 10 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 915 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 80 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1135 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 218 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 132 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site