IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගිම්හාන නිවාඩුවේ යුරෝපයට අයිඑස් ප‍්‍රහාරයක්?

එළැඹෙන ගිම්හාන නිවාඩු සමයේ යුරෝපයේ ප‍්‍රකට වෙරළ තීරයන්ට රැස්වන සංචාරකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට අයිඑස් ත‍්‍රස්තයෝ සැළසුම් කර ඇතැයි ඉතාලි බුද්ධි අංශ අනතුරු අගවයි.

අයිඑස් ත‍්‍රස්තයින්ගේ මෙම සැළසුම සම්බන්ධ තොරතුරු ලැබී ඇත්තේ අපි‍්‍රකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බවද සඳහන්ය.

ඉතාලි බුද්ධි අංශ පවසන ආකාරයට අයිඑස් ත‍්‍රස්තයෝ මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ,ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ සුප‍්‍රසිද්ධ වෙරළ තීරයන්ට විවිධ අරුමෝසම් භාණ්ඩ,ඇගලූම්,ආහාර පාන, ආදිය විකුණන වෙළඳුන් ලෙස වෙස්වලාගෙන පැමිණය.

මෙවන් වෙරළ තීරයන්ට ආරක්ෂාව සැපයීම ඉතාම දුෂ්කර හෙයින් සියලූදෙනාම තම තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්වීම වැදගත් බව ඉතාලි බුද්ධි අංශ කියයි.

ටියුනීසියාවේ වෙරළ තීරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය වසරේදීය.එසේ නම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් කොපමණ ජීවිත හානියක් සිදුවනු ඇතිදැයි කිවයුතු නැත.

මෙම ප‍්‍රහාරය සදහා නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තයින්ගේ සහය අයිඑස් සංවිධානය ලබාගනු ඇතැයිද මත පළවී තිබේ .බොහෝ නයිජීරියා ජාතිකයින් යුරෝපයේ නිවාඩු සමයේදී වෙළදාම් සදහා යුරෝපා රටවලට පැමිණෙන අතර ඔවුන් අතර සැඟවී බොකෝ හරාම් ත‍්‍රස්තයින්ටද යුරෝපයට ඇතුල් වීමට තිබෙන හැකියාව අයිඑස් සංවිධානය ප‍්‍රයෝජනයට ගනු ඇතැයි ත‍්‍රස්ත විශේෂඥයින් පවසා ඇත.

කෙසේ නමුත් මේ දක්වාම කිසිඳු රටක් සංචාරකයින්ට අනතුරු ඇගවීම් නිකුත් කර නොමැත.

ISISEURO-0419-01 ISISEURO-0419-02



අදහස් (0)

ගිම්හාන නිවාඩුවේ යුරෝපයට අයිඑස් ප‍්‍රහාරයක්?

රොෂේන්- රියාධ් Thursday, 21 April 2016 07:37 AM

මේ අයි එස් අයි එස් මානසික ලෙඩ්ඩු මහා ශාපයක් ලෝකෙට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 104 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1206 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 175 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1483 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 248 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site