කාන්තාවකට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ගිරවෙක් පොලිස් අත්තඩංගුවට පත් විය. ජන්බාර් සඛර්කාර් 85 වියැති කාන්තාවකි. අගේ සැමියාට වෙනත් විවාහක කාන්තාවක්ද සිටිති. සුරේෂ් එම කාන්තාවට දාව උපන් දරුවෙකි. සුරේෂ් තම සුළු මව කෙරේ තරහින් පසුවන අතර ඔහුගේ සුරතල් ගිරවාට අසභ්‍ය වචන උගන්වා තමාට බැන වැදීමට සලස් වන බව සුළු මව මහරාස්ට්රා ප්‍රාන්තයට අයත් චන්ද්රපුර් දිස්ත්‍රික්කයේ රජුරා පොලිස් ස්ථානයට පැමිණිලි කළාය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය කාන්තාවත් ගිරවාත් ගිරවාගේ හාම්පුතා වන සුරේෂ් පොලිසියට ගෙන්වා ඔවුන් සමාදාන කිරීමට උත්සහ කලත් ගිරවා නිසා එය කිරීමට නොහැකි වූ බව රජුරා පොලිසිය පවසයි. කාන්තාව දුටු සැනින් ගිරවා පොලිස් ස්ථානය දීම ඇයට ඉතා අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පොලිසිය කියයි. ගිරවා මේ වන විටද පොලිසිය රදාවාගෙන සිටිති.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගිරවා ළඳකට පොලිසියේ දී කුණුහරුපෙන් බනී
කිත්සිරි Friday, 21 August 2015 03:40 AM
මාත් හදන්න ඕනෑ එකෙක් (නි)
විජේසුන්දර Monday, 24 August 2015 05:58 PM
අනේ මෙහෙමත් සත්තු? (නි)
අජිත් Friday, 21 August 2015 04:24 PM
ලංකාවේත් ඒ වගේ ගිරව් ඉන්නවා (නි)
ධම්මික Saturday, 22 August 2015 07:20 AM
කුණුහරප කියන ගිරවෙක් මම රූපවාහිනියෙත් දැක්කා. උගෙ වාසනාව! තවමත් යහතින් (නි)
එරන්ද Saturday, 22 August 2015 07:26 AM
මට ෂුවර් ඕකා අපේ ඇමති කෙනෙක්ගේ. (නි)
නිමල් Thursday, 20 August 2015 04:23 PM
අපේ අහවල් දේශපාලකතුමාගේ ගිරවුන්ට මොකද දන්නෙ නැහැ වුණේ? ඉන්දියාවට ගියාවද්ද? (නි)
ලලිත් Thursday, 20 August 2015 04:26 PM
අහිංසක ගිරවා කූඩුවේ දොර ඇරලා කැලේට යැවුවා නම් ඔය ප්රශ්නය ඉවරයිනේ (නි)
ලලිත් Thursday, 20 August 2015 04:32 PM
ලංකාවේ පොලිසියකට ගිරවා ගෙනිච්චා නම් ගිරවාගේ අම්මලා, තාත්තලා, අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා, අහළ පහළ ගිරවු ඔක්කොම කූඩුවේ. අන්තිමට උසාවියේදී ගිරවාගේ කූඩුව රඳවාගෙන ගිරවු ටික නිදහස් කරයි ඇප දීලා. ගිරවාගේ කරුමෙකට ඌ වෙනත් රටක ඉපදුනේ. (නි)
ගුණවර්ධන Thursday, 20 August 2015 06:25 PM
වන්නි කිවුවා එහෙනම් නියම කතාවක්... (නි)
වන්නි චමින්ද Thursday, 20 August 2015 10:35 AM
ඔය ගිරවා ඉස්සෙල්ලාම හැදුනේ වාසුදේව අයියගේ ගෙදර ඊට පස්සේ මර්වින් අයියා ගිරවට ආස හිතිලා එයාගේ ගෙදරට ගෙනිච්චා. මර්වින් අයියගෙන් ඉල්ලගෙන තමයි සුරේෂ් ගිරවා ඉන්දියාවට අරන් ගියේ. අන්තිමේදී ගිරවාගේ භාෂාව ගිරවට අමතක උනා. (නදී)
සමන් Thursday, 20 August 2015 11:22 AM
අද දවසේ අසූ රසවත්ම කතව තමය් වන්නි කිවුවේ. (අ)
දුමින්ද Thursday, 20 August 2015 11:36 AM
චමින්ද, හරියටම හරි (අ)
ද සිල්වා Thursday, 20 August 2015 12:09 PM
වෙනස මේකයි ලංකාවේ ඉන්න ගිරවා සහ උගේ හාම්පුතා යන දෙදෙනාම ලංකාවේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට නැවත යවන ලදී. ඉන්දියාවේ ගිරවා සහ උගේ හාම්පුත පොලිස් කුඩුවට යවන ලදී (නදී)
චමිල Friday, 21 August 2015 01:22 AM
වන්නිගේ චමින්දගේ කතාව නම් ගින්දර වගෙයි (නි)
රූපවතී Saturday, 22 August 2015 08:44 PM
මම කුඩාකාලේ මට මතකයි හැමදාම උදේ පාන්දර කහ කුරුල්ලෙක් දොරකඩ තිබුණු කොහොඹ ගහේ ඉඳලා හොඳ කුණුහරුප ටිකක් මුළු ගමටම ඇහෙන්න කියවලා යනවා....? ඒත් අපේ ගෙදර තාත්තා වත්, ලොකු අයියාවත් කවදාවත් පොලිසියට ගියේ නැහැ ඒ කහ කුරුල්ලට විරුද්ධව. (නි)
මාලනී Thursday, 20 August 2015 02:34 PM
ලංකාවේ වුණා නම් ගිරවයි කොල්ලයි දෙන්නම ඉවරයි (නි)
වසන්ත Monday, 24 August 2015 05:29 PM
ගිරවා වුණත් ඌටත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ (නි)
විද්‍යා Monday, 24 August 2015 05:30 PM
අපේ පාර්ලිමේන්තුවේත් කුණුහරප කියනකොට මොකටද අනුන්ගේ ගිරවෙක් ගැන කලබල වෙන්නේ? (නි)