මැටිහිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ ඇති වී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 74 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පවසති.
දෙසීයකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇතැයි ද මියගිය සහ තුවාල පිරිස් තවදුරටත් වැඩිවිය හැකි යැයි ද ඇතැන්ස් බලධාරිහු කියති. දශයකට පසු ග්‍රීසියට බලපෑ මාරාන්තිකම ලැව් ගින්න මෙයයි.
ලැව් ගිනි හේතුවෙන් තවත් සිය ගණනකට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද සංචාරකයන් නගරවාසීන් ඇතුළු ලැව් ගිනිවලට මැදිව සිටින සියලු දෙනා මුදා ගැනීම සඳහා දැනටමත් මෙහෙයුම් දියත් කර ඇතැයි ද බලධාරීහු සඳහන් කළහ.
ලැව් ගිනි ඇති වීමත් සමඟ බොහෝ පිරිස් වෙරළ තීරයට පැමිණ ඇතැයි ද පැවසේ. පැයට කිලෝමීටර් 100කට වඩා වේගයෙන් හමන සුළං නිසා ලැව් ගිනි ඉතා වේගයෙන් පැතිර ගොස් තිබේ. ලැව් ගිනි හේතුවෙන් මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවකට ද ගොඩනැගිලි දහස් ගණනකට ද හානි සිදුව තිබේ.
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ග්‍රීසියේ ලැව් ගින්නෙන් 74 මරුට
jayath Thursday, 26 July 2018 04:35 AM
ග්‍රීසියේ ලැව් ගිනි, ජපානයේ අධික උෂ්ණත්වය මිනිස්සු මැරෙනවා මේවා කොච්චර තාක්ෂණය තියන රටවල්ද මේ රටේ ඔය ස්වභාවික විපත් අවමයි. නමුත් අපි කවදාවත්ම දියුණුවෙන ජාතියක් නම් නෙවි. මේ ආකාරයේ පාලකයෝ ඉන්නකම් අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ "