චින්ග්රායිහිදීය (රොයිටර්)
උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ තාම් ලුවාං ගල් ගුහාවේ සති දෙකකට කාලයක් සිර වී සිට ජීවිත ගලවාගත් දරුවන්ට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ.
දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූයේ ඉරිදා (8) දිනයේදී වන අතර එම මෙහෙයුම් අවසන් වූයේ අඟහරුවාදා (13)ය. දෙස් විදෙස් කිමිදුම්කරුවන් 90ක් ඇතුළු දැවැන්ත බේරාගැනීමේ කණ්ඩායමක සාර්ථක වෑයමකින් අනතුරුව දරුවන් සියලු දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමට හැකිවිය.
ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ දරුවන් සියලු දෙනා සහ පුහුණුකරු නිරෝධායනය කරන ලද අතර ඔවුන්ට තවත් සතියක් රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලැබීමටත් තවත් මසකට ආසන්න කලයක් නිවසට වී සිටීමටත් සිදුව ඇතැයි තායිලන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔවුන් ගල් ගුහාවේ ගත කළ කාලය, එහිදු ඇති වූ පීඩනය අවදානම් සහගත තත්ත්වයක් බැවින් සාමාන්‍ය ජීවිතයට පැමිණීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බව තායිලන්ත මෙන්ම විදෙස් සෞඛ්‍ය විශේෂඥයන් ද පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සතියක කාලයක් රෝහලේ තබා ගැනීමටත් මසකට ආසන්න කාලයක් නිවසේ තබාගනිමින් ඔවුන්ට පහසුකම් සැපයීමටත් කටයුතු කරන බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
දරුවන්ට පෙර පැවැති තත්ත්වයට පැමිණීම සඳහා කාලය සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් ඊට ඉඩ සලසන්නැයි තායිලන්ත අගමැති ප්‍රායුත් චාන් ඕචා එරට බලධාරීන්ට උපදෙස් දී ඇත.
“දරුවන්ට කරදර නොකරන එකම විදිය ඔවුන්ට ඉගෙන ගැනීමට ඉඩ දීම” යැයිද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ තායිලන්ත අගමැතිවරයා පැවැසීය.
055
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේස්, මැනිලා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ඒ, පිලිපීන ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඔහුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අ
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේන හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අත
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජ
ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගල් ගුහාවේ සති දෙකක් සිර වී සිටි දරුවන්ට තවත් අභියෝගයක්
kumar (gulf) Sunday, 15 July 2018 08:05 AM
හොඳට බඩපිරෙන්න කන්න දීලා එයාලාට දිහටම පාපන්දු සෙල්ලම් කරන්න දුන්නානම් මේ කිසිම ලෙඩක් එන එකක් නෑ.
chathuri Sunday, 15 July 2018 12:11 PM
දරුවන්ගේ මනස. නිකම්ම සුව වෙනවා මේවගේ රෝහල් වල ඉන්නකොට. බලන්න ලස්සන පිරිසිදු කම අපේ රටේ රෝගීන් කියන අදෝනා රෝහලට ගියාම....... වෛද්‍යවරු ,හෙදියෝ සමහරු කතා. කරන විලාසය දැකල ලෙඩ වැඩිවෙන එක. විතරයි අපේ රෝගීන්ට එක ඇදෙ තුන්දෙනයි