ගුවන් යානයක් පැහැර ගෙන ඇති බවට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව යුක්රේන රජය ප්‍රකාශ කරයි.
ඇෆ්ගනිස්තානයේ සිර වී සිටින යුක්රේන ජාතිකයන් මුදා ගැනීම සඳහා යැවූ යුක්රේනයට අයත් ගුවන්යානයක් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගනු ලැබ ඇතැයි ද යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යෙව්හන් යෙනින් ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබිණි.
සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැර ගනු ලැබූ එම ගුවන් යානය ඉරානයට ගමන් කර ඇතැයි ද හෙතෙද කීය.
කෙසේ නමුත් ඉරානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර යුක්රේන ආණ්ඩුව ද පසුව සිය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මෙලෙස ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇතැයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීය.
“ඉකුත් ඉරිදා පිරිසක් අපේ ගුවන් යානය පැහැර ගත්තා. අඟහරුවාදා වෙද්දි ගුවන් යානය අපෙන් හොරකම් කරලා. හඳුනානොගත් කණ්ඩායමක් මේ පැහැර ගැනීම කර තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධ බව දැනගන්නට තිබෙනවා. මේ ගුවන් යානය ඇෆ්ගනිස්තානයේ සිටි යුක්රේන ජාතිකයන් රැගෙන යද්දි පැහැර ගැනීමට ලක්වෙලා” යැයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යෙව්ජෙනි යෙනින් උපුටා දක්වමින් ටාස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපැහැදිලි යැයි විදෙස් පුවත් සේවා කිහිපයක්ම වාර්තා කළේය.
මෙම සිදුවීම වී ඇත්තේ තලේබාන් සංවිධානය කාබුල් නුවරට ඇතුළු වූ අගෝස්තු 15 වැනිදා ද නැතහොත් අගෝස්තු 22 වැනිදා ද යන්න පැහැදිලි නැති බවත් ගුවන් යානය පැහැර ගැනීම සහ එය ගුවන් ගත වීම අතර දින දෙකක හිඩැසක් පවතින්නේ ඇයි ද යන්න ද පැහැදිලි නැති බව ද ගාඩියන් පුවත් සේවය වාර්තා කර තිබිණි.
(ද ගාඩියන් ඇසුරිනි)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගුවන් යානය පැහැරගෙන නෑ