IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගැහැනුන් කණවැන්දුම් කරන රිදී ආකරය

බොලීවියාවේ සෙරෝ රිකෝ කන්ද රිදී පතල් ආකරයකි. වසර 500ට පෙර මේ කන්දෙන් ලබාගත් රිදීවලින් ස්පාඤ්ඤ රජවරු පොහොසත් වූහ. වර්තමානයේ විශාල උමංවලින් යුත් මේ කන්ද එහි වැඩකරන මිනිසුන්ට මර උගුලක් වී තිබේ.

ස්පාඤ්ඤ යටත්විජිත සමයේ මේ කන්දෙන් රිදී අවුන්ස කෝටි 200ක් පමණ ලබාගෙන ඇත. මෙතරම් රිදී ප්‍රමාණයක් ලබාගනිද්දී විශාල කම්කරුවන් පිරිසක් සේවය කැර ඇත. දැනට ගණනය කැර ඇති දත්ත අනුව එකළ ලක්ෂ 80ට වැඩි පිරිසක් මේ පතල්වල දිවි පිදූහ.

වර්තමානයේ ද 15,000ක පමණ පිරිසක් මේ කන්දේ ජීවන වෘත්තියේ යෙදෙති. කන්ද අවට පිහිටුවාගෙන ඇති කණවැන්දුම් බිරියන්ගේ සංගමය පවසන්නේ සාමාන්‍යයෙන් මාසයකට 14 දෙනකු කණවැන්දුම් වන බවයි.

පත්ලේ දී සිදුවන අනතුරු මෙන් ම දූවිලි සහිත වාතය ද පත්ලෙන් පිටවන වායූන් ද මේ මරණවලට හේතුවක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.   

පත්ල ආසන්නයේ ජීවත්වන වයස අවුරුදු 14, 15 වයසේ දරුවන් පවා සිය පාසල් ආරම්භවීමට පෙර පැය අටක වැඩමුරයකට පතලේ වැඩකරයි. ළමුන් 145ක් පමණ මෙහි සේවයකරන බව වාර්තා වී ඇත. බොලීවියාවේ අවුරුදු 10ට වැඩි දරුවන්ට පතල් සේවකයන් ලෙස රැකියාව කිරීමේ අවසරය ඇත.

_77951376_devil _77951377_marco_mine624 _77951380_mountain624 _77951383_coca624 _77951642_view624 - Copy



අදහස් (0)

ගැහැනුන් කණවැන්දුම් කරන රිදී ආකරය

රූපවතී Friday, 03 October 2014 08:23 AM

රුපයෙන් පෙනෙන්නේ හරියට අඟහරු ලෝකෙන් කොටසක් වගෙයි ..? (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 03 October 2014 06:19 AM

මෙතරම් වටිනාකම් සහිත රිදී ලැබෙන්නේ නම් කම්කරුවන් නොමරා,භාර්යාවන් කනවැන්දුම් නොකර,කුඩා ළමුන්ගේ ශ්‍රමය සුරා කන්නේ නැතිව ,නවීන තාක්ෂණය හා රොබෝවරු උපයෝගී කරගන්නා ක්‍රමවේදයක් ගැන සොයන්නේ නැත්තේ ඇයි ? (අ)

:       0       0

රවී - ඕමාන් Friday, 03 October 2014 06:53 AM

ඇයි අනේ එහෙම කරන්න දරන්න වෙන පිරිවැය වැඩි නිසානේ මෙහෙම අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය කුණු කොල්ලෙට සුරගෙන කන්නේ....(අ)

:       0       0

උපාලි Friday, 03 October 2014 06:56 AM

මොන තරම් රිදී රත්තරන් තිබුනත් ගහක් කොලක් නොහැදෙන මේ රටේ මිනිස්සු මොනතරම් අවදානම් ජිවිතයක් ගත කරනවා ඇද්ද. අපේ රට වගේ ලස්සන ස්භාවික හරිත තැනක ජිවත් වෙන්න පින ලැබිලත්, මේ ඉන්න බලය අයුතු ලෙස පාවිච්චි කරන "සම හරක්" අපේ හරිත උරුම විනාශ කරනවා බලාගෙන ඉන්න ලැබීම මොන තරම් පවක්ද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 27 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1004 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 95 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1248 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 225 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 140 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site