IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


චීනය එල්ලෙන වීදුරු පාලමක් හදයි

විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත.

දිගින් අඩි 984 ක් වන මෙම පාලම පිහිටා තිබෙන්නේ පොළවේ සිට අඩි 590 ක් ඉහළිනි.පහළින් තිබෙන්නේ මහා ප්‍රපාතයකි.

පොළොව විනිවිද පෙනෙන සුළු නිසා මෙය මතින් යන සෑම කෙනෙක්ම ගමන් කරනුයේ බියෙන් සැලෙමින්ය.නමුත් ත්‍රාසය සොයන්නන් අතර මෙම පාලම ඉතාම ජනප්‍රිය බව සඳහන්ය.

මෙහි නිර්මාපයකින් පවසන්නේ පොළොව වීදුරු වලින් තනා ඇතත් එය කඩා වැටේයැයි කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.මෙම වීදුරු සාමාන්‍ය භාවිතයේ පවතින සවිමත් වීදුරු වලට පවා 25 ගුණයකින් පමණ ඝණකම් බවද,විවිධ පරිසර තත්ත්ව හමුවේ වුවත් ඒවාට හානි නොවන බවද ඔවුන් කියයි.

පාලම මතින් ගමන් කළ යුතුවන්නේ විශේෂයෙන් තැනූ පාවහන් පැළැඳගෙනය.

මෙම ස්ථානයේ අතීතයේ සිටම පාලමක් තිබී ඇති අතර ලී වලින් තනා තිබූ එය ඉවත් කර දමා මෙම නව පාලම ඉදිකර තිබෙන්නේ මෑතකදීය.

 

CHINA-BRIDGE-0925-01 CHINA-BRIDGE-0925-02 CHINA-BRIDGE-0925-03 CHINA-BRIDGE-0925-04 CHINA-BRIDGE-0925-05 CHINA-BRIDGE-0925-06



අදහස් (0)

චීනය එල්ලෙන වීදුරු පාලමක් හදයි

හේමන්ත Saturday, 26 September 2015 12:29 AM

මරණයට අතවැනීමක් වගෙයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

ජයත් Saturday, 26 September 2015 02:06 AM

අනේ බුදු අම්මෝ එයාල කිව්වට යන්න බයවෙන්න එපා කියල ඔය පැත්තට ගිය කෙනෙක් වැරදිලාවත් ජීවිතයට ආදරේ නම් ඕකේ යන්න හිතන්නවත් එපා මොකද ඕක හදල තියෙන්නේ චීනයේ (අ)

:       0       0

සම්පත් Monday, 28 September 2015 04:51 PM

මේක මහා වික්‍රමයක්. අපි කවදද මෙිව හදන්නේ. ලංකාවේ අධ්‍යාපන රටාව වෙනස් කරපු දාට අපිත් ගොඩ තමයි. ඒත් මේ දේශපාලුවෝ එ්වට ඉඩ දෙන් නෑ. ඒ හින්දා අපි හැමදාම වහල්ලු. මම නම් කවදා හරි නව නිෂ්පාදනයක් කරනවා මුළු ලෝකෙටම වැදගත්වන දෙයක්. එදාට ලංකාව ගැන කතා කරයි (බ)

:       0       0

විපුල Monday, 28 September 2015 05:21 AM

චීනා ගේ තාක්ෂණය විකුණන රට අනුව වෙනස් වෙනවා. මැද පෙරදිග වගේ පොහොසත් රටවලට ගුණාත්මක නිෂ්පාදන වගේම දකුණු ආසියා රට වලට මිල අඩු තත්ත්වයෙන් අඩු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අපේ මිනිස්සු බලන්නේ මිල විතරයි.(අ)

:       0       0

සමන්ති Saturday, 26 September 2015 02:16 PM

අපිත් කොළඹ මෝඩපාලමක් හදලා තිබුණා හදිසි අනතුරු වුණා ලෙඩ්ඩු ගෙනියන්න. පාර හරහා යන්නේ නැතුව ලෙඩා සහිත ට්‍රොලිය තල්ලු කරගෙන අඩි ගණනක් උසට ගෙනගොස් නැවත පාරේ අනිත් පැත්තට අඩි ගණනක් තල්ලු කරගෙන බහින්න.(ලෙඩාටත් සේවකයන්ටත් ව්‍යායාමයක්) .දැන්නම් පාලම ගලවලා (අ)

:       0       0

සෙනරත් Wednesday, 30 September 2015 07:14 AM

දෑනට මම ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ.මෙරටට ගෙනෙන භාණ්ඩ දැඩි පරික්ෂාවකට ලක්කරනවා.ඒත් 60% වඩා වෑඩි ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ.ඉතාලියේ,ප්‍රංශයේ මේ තත්වය 80% වඩා වැඩි (ම)

:       0       0

නිමල් Monday, 28 September 2015 05:53 AM

ජයාත්, දැන් ඇමෙරිකාවේ/ජපානේ බඩු ඔක්කොම හදන්නේ චීනේ තමයි. ඇමෙරිකාව හරි ජපානේ හරි දැන් කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නෑ. (අ)

:       0       0

ජයන්ත Sunday, 27 September 2015 08:56 AM

පාලමට සමගාමිව යටින් පාලමකුත් හැදුවා නම් කොහොමද ?(හේ)

:       0       0

ගයාන් Monday, 28 September 2015 06:42 AM

ජයාත් විහිලු කරන්න එපා, ඇමරිකාවට එන සේරම ඉලෙක්ට්‍රොනික් බඩු කම්පියුටර් ඇතුළු සේරම හදන්නේ චීනේ. රථ වාහන සම්භන්දයෙන් ඔබේ මතය හරි වෙන්න පුළුවන්, නමුත් අනික් සියලු දේ අතින් චීන නිෂ්පාදන තමයි ඇමරිකන් කාරයෝ ගන්නෙත්. මම ඉන්නේ ඇමරිකාවේ. (අ)

:       0       0

ජයාත් Tuesday, 29 September 2015 12:33 AM

සම්පත්, ඒක කරන්නත් ඔයා කියන විදියටම අර රටාව වෙනස් වෙන්න එපායැ. ඒක ඉතින් මේ කපේදී වෙන්නේ නැහැ නොවැ. ඒ හින්දම ඔයාගේ නිර්මාණයත් සිහිනයක්ම වේවි ( එහෙම නොවේවා කියලා අවංකවම පතනවා ) (නි)

:       0       0

සජී Monday, 28 September 2015 07:37 AM

චීනයට දොස් කියන කට්ටිය අදහස් දක්වන අය මුලින්ම බලන්න තමුන්ගේ පරිගණකයේ මවුසය, යතුරු පුවරුව, ඇතුළු කොටස් හදලා තියන්නේ මොන රටේද කියලා, චීනයට මොනවා කිවුවත් මේ වනවිට මුළු ලෝකයේම වෙළඳ පොළවල් චීනය අත්පත්කරගෙන අවසන්.(අ)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 08:17 AM

මකරාගේ හපන් කම්.(ර)

:       0       0

රොෂාන් Wednesday, 30 September 2015 08:21 AM

ගුනාත්මක කම මම දැන්නෑ හෙලිකොප්ටරයක් ගත්තා වෑඩි මිලක් දීලා ගෙදර ගෙනිච්චා එක සෑරයක් උඩගියා දෙවෙනි සෑරේ ඉදන් පොලොවේ පස් කනවා වීන තාක්ෂනේ අනේ අම්මාපා. (ර)

:       0       0

සොපි Saturday, 26 September 2015 05:33 AM

මටත් මේ පාලමේ යන්න ආසයි - බයයි ....! (අ)

:       0       0

තිලක් Monday, 28 September 2015 08:35 AM

අපූරු නිර්මාණයක්.(හේ)

:       0       0

සුජීව ප්‍රංශය Saturday, 26 September 2015 07:51 PM

මම නම් ගියා. වීදුරුවෙන් පහළ බලනකොට ඇඟ හිරි වැටෙනවා. දෙයියෝ සිහි කරගෙන ගියා (නි)

:       0       0

ලලිත් Saturday, 26 September 2015 08:44 PM

කොල්ලෙක් ගලක්වත් ගැහුවොත් විනාශයි. කට්ටියම බිම. (නි)

:       0       0

තිලක් Monday, 28 September 2015 09:16 AM

මේ පාලම උඩින් යන කොට මොනවා හිතෙනවා ඇතිද?(හේ)

:       0       0

චන්ද්‍රිකා Sunday, 27 September 2015 12:53 PM

ජගත් , චීනාගේ චීන මහ පවුරින්ම චීනා කවුරුන්ද කියා ඔබ පොතපත කියවා දැනගන්න. (නි)

:       0       0

ප්‍රසංග සසිදු Wednesday, 30 September 2015 09:05 AM

අපිත් ගහමු මේ වගේ විදුරු වලින් පාලමක්..? සුප්පා නේ කොල්ලනේ, කෙල්ලනේ 02 ෆොටෝ එකේ වගේ සීගිරියේ ගහමු එකක්, කැමතිද ඔයාලා හෙල්ප් කරන්න....? (බ)

:       0       0

ගිහාන් Monday, 28 September 2015 10:40 AM

හොද නිර්මාණයක්.(හේ)

:       0       0

සිරිමල් Wednesday, 30 September 2015 10:03 AM

දැන් ටික කාලෙකට ඉස්සර ලංකාවෙත් ඔය විදියේ (ඇවිදිනකොට යටින් මහපොලව පෙනෙන ) පාලම් තිබුන . ඒවල උදේ හවස ගිය අපිට වීදුරු පාලමේ යන එක සිම්පල් . (ම)

:       0       0

සචිත් Friday, 02 October 2015 06:21 AM

මේඩ් ඉන් චයිනා? (ස)

:       0       0

ජයලත් Monday, 28 September 2015 11:23 AM

නිමල් -ගයාන් ඔයාලගේ කතාවල අර්ධ සත්‍යයක්‌ තියෙන්න මම දන්නා තරමට ඔය චීනෙන් අමෙරිකාවට අරෙහට මෙහාට දෙන බඩු වල තාක්ෂනය එයාලගේ නෙමේ එහෙ ශ්‍රමය ලාබ හින්ද එකලස් කිරීම් හුඟක් කරනවා එයාලගේ බඩු අරගෙන ලබපු කටුක , සමහරවිට විහිළු සහගත අත් දැකීම් අපට තියනවා එහෙම අය තවත් ඇති (බ)

:       0       0

කුමාර් Monday, 28 September 2015 12:33 PM

එංගලන්තයේ නවතම න්‍යෂ්ටික බලාගාරය හදන්නෙත් චීනය. .බටහිරයන්ගේ කටේ නරිවාදන් පමණි (අ)

:       0       0

චන්දා Sunday, 27 September 2015 10:30 PM

සියුම් ලෙස චීන බලය අවතක්සේරු කරන්න පුරුදු පුහුණු වූ අය නම් තවමත් දොස්ම තමයි කියන්නේ (නි)

:       0       0

චන්දි Monday, 28 September 2015 02:10 PM

අපිට නම් ඉතින් ඕකේ යන්න බය වෙන්න දෙයක් නැහැ..., මොකද අපිට යන්න වෙන්නේ හීනෙන් තමයි (බ)

:       0       0

ජයාත් Monday, 28 September 2015 02:58 AM

චන්ද්‍රිකා - චන්ද්‍රා ,මම කාගෙවත් තාක්ෂණික ඥානය අවතක්සේරු කළේ නැහැ මම කිව්වේ යථාර්ථය. මේකේ ඇත්ත නැත්ත. ඔයාලටම බලාගන්න පුළුවන් වෙළද පොළට ගිහින් චීන නිෂ්පාදනයකුයි ඊට සමාන බටහිර හරි ජපාන නිෂ්පදනයකුයි ගත්තහම / චීනගේ එක ගෙදර ගේනකොටම වැඩකරන්නේ නැහැ.එයාලගේ තාක්ෂණයේ ගැටළු තියනවා. ලෝකේ කාර්මික අනතුරු වැඩිම රටක් ඕක. නමුත් අපි වගේ "දුප්පත් "රටවල් වලට එයාලගේ දේවල් කැමති වුණත් අකමැති වුණත් ගන්න වෙලා තියනවා. යථාර්ථය ඕකයි (නි)

:       0       0

පීරිස් Sunday, 27 September 2015 04:18 AM

"මේඩ් ඉන් චයිනා" නිසා ටිකක් ප්‍රවේශමෙන් තමයි ඇවිදින්න වෙන්නේ (නි)

:       0       0

දනුෂ්ක Sunday, 27 September 2015 04:43 AM

විශිෂ්ට නිර්මාණයක්. අවස්ථාවක් ලැබුනොත් මම නම් අනිවාර්යෙන් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1689 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site