රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවකින් චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය ඊයේ (22) උදෑසන කැළැඹී ගියේය.
භූමි කම්පාවෙන් දෙදරා ගිය නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වූ අතර එයින් 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 200 ක් යැයි චීනයේ ෂින්හුවා පුවත් සේවය පවසයි.
භූමි කමිපාව හටගත්තේ ඊයේ උදෑසන 7.45 ට පමණය. එහි අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් පොළෝ ගැඹුරේ යැයි භූ කම්පන සමීක්ෂණ ඒකක පවසයි.
ගොන්ෂූ පළාතේ මිලියන 26 ක පිරිසක් ජීවත් වෙති. භූමි කම්පාවෙන් පසු අතුරු කම්පන කිහිපයක් සිදුවිය. ඒවා රික්ටර් මාපකයේ ඒකක 3 ත් 4 ත් අතර අගයන් සටහන් කළේය.
ගොන්ෂූ පළාතේ බහුලව ජීවත් වන්නේ ගොවීන්ය. භූමි කම්පාවෙන් වගාබිම් රැසකට ද හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි. ඩින්ග්සී නගරය පිහිටා ඇත්තේ බීජීං අගනුවර සිට කිලෝ මීටර් 1,233 ක් දුරිනි.
භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස් සඳහා අවශ්‍ය සහනාධාර බෙදා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇතැයි චීන බලධාරීහු පවසති.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සහන සේවා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා බැකෝ යන්ත‍්‍ර ද යොදා ගෙන ඇතැයි වාර්තා වේ.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර හමුදාවේ සහාය ද ඒ සඳහා හිමිවිය.
චීනය බහුලව භූමි කම්පාවලට ගොදුරු වෙයි. 2008 වසරේ චීනයේ ෂින්හුවා පළාත අති ප‍්‍රබල භූමි කම්පාවකට ගොදුරු විය. එයින් මියගිය ගණන 90,000 කි. සිදුවුණු දේපොළ හානිය අතිමහත්ය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
චීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 54 ක් මරුට: 200 කට තුවාල