චීන අගමැති ලී කෙකියැං පෙරේදා (19) සවස තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
චීන අගමැති නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණියේ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟය.
අගමැති කෙකියැං, ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී චීනයත් ඉන්දියාවත් අතර නිර්මාණය වී ඇති දේශසීමා අර්බුදය ගැන සාකච්ඡුා කිරීම ද නියමිතය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
චීන අගමැතිවරයාගේ සංචාරය නිමිත්තෙන් නවදිල්ලි නුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය. නවදිල්ලියේ උමං දුම්රිය ස්ථාන කිහිපයක් ද වසා දමා ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවත් සමඟ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීම ද චීන අගමැති ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.
අගමැති ධුරයට පත් වීමෙන් පසු, ලී කෙකියැං ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. ඔහු මීට පෙර ඉන්දියාවේ සංචාරය කළේ ඇමැතිවරයකු ලෙසය. ඒ 27 වසරකට පෙරය.
![]() |
චීන අගමැති (වමේ) ඉන්දීය අගමැති හමුවී... |
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චීන අගමැති ලී කෙකියැං ඉන්දියාවේ සංචාරයක
ලසන්ත Tuesday, 21 May 2013 08:19 AM
අපට ලෝකේ තියනා තැන කොහොම තැනක් ද කියනවා නම් මෙහෙට එන රාජිය නායකයෝ දිහා බැලුවම පෙනෙනවා. මෙච්චර උදවු කරනවා කියන ඔය ඉන්දියා, චීන, රුසියා නායකයෙක් ඒවිද. ඔක්කොම එවන්නේ නියෝජිතයෝ.(නදී)
රූපා Tuesday, 21 May 2013 08:20 AM
ඉන්දියාවට වසරක් ඇතුලත ඇමරිකන්, රුසියන්,ප් රංශ,බ්‍රිතාන්‍ය නායකයෝ ආවා. දැන් චිනෙනුත් ඇවිල්ලා. අපි පොදුරාජ්‍ය මණ්ඩල නායකයෝ ටික ගෙන්වා ගන්ට පොරකනවා.(නදී)
නන්දන Tuesday, 21 May 2013 08:21 AM
අපටත් ආවේ ස්වාසිලන්තෙන්.අන්න එක බිරියක් එංගලන්තෙට පැනලා ගිහින් ආධාර ඉල්ලලා.අන්න එහෙම අය තම අපේ යාලුවෝ. ආ.... ඒකට මොකෝ ඒ රජෙක්නේ.... (නි)
නිමල් Tuesday, 21 May 2013 08:26 AM
මේකෙන් කියන්නේ එකට වෛර කරගන්න රටවල් දෙකක් උනත් මේ දෙන්නගේ ආර්ථික දියුණුව නිසා එකිනෙකාට දැනෙන ආර්ථික වැදගත් කම. අපට එහෙමද? අපිට පරිප්පු බෙදුවත්,ඉන්දුලංකා ගිවිසුම බලෙන් අත්සන් කරත් අපිට වැදගෙන ඉන්නයි වෙලා තියෙන්නේ. (නදී)