චීන රජයට එරෙහි මතවාද ඉදිරිපත් කිරීම හේතුවෙන්, රජයේ උදහසට ලක්වූ, අන්ධ නීතිවේදියකු වන චෙන් ගුවන්චෙන්ට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට යෑමට චීන රජයෙන් ගුවන් ගමන් බලපත්‍ර හිමි වූ අතර ඔවුහු පෙරේදා (19) ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. චෙන් ගුවන්චෙන් (40) මානව කි‍්‍රයාකාරියකු ද වෙයි. චීන රජය පසුගිය වසර කිහිපයක් තිස්සේ ඔහු නිවාස අඩස්සියට පත් කළේය. එහෙත් ඉකුත් මැයි 7 වැනිදා, ආධාරකරුවන්ගේ උදව් ඇතිව චෙන් ගුවන්චෙන් චීනයේ බීජීං නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට ගොස් ඇමෙරිකා රජයේ ආරක්ෂාව පැතුවේය. ඔහු ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේ තමා ඇමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසය. කෙසේ නමුත් ඇමෙරිකා රජය එය ප්‍රතික්ෂේප කළ අතර චෙන් ගුවන්චෙන් යළි චීන බලධාරීන් අතට පත්විය. එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුට ඉතා කුරිරු ලෙස පහර දුන් අතර දින කීපයක් රෝහලේ සිටීමට ද ඔහුට සිදුවිය. නිවාස අඩස්සියෙන් පලා යෑමට පළි ගැනීමක් ලෙස චෙන් ගුවන්චෙන්ගේ ඥාති පුත්‍රයකුට එරෙහි මිනීමැරුම් චෝදනා ද එල්ල කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළ බව වාර්තා විය. චෙන් ගුවන්චෙන් ඔහුගේ බිරිය සහ පුතා පෙරේදා චීනයේ බීජීං නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් චීන බලධාරීන් ඒ ගැන කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චීන අන්ධ නීතිවේදියාට ඇමෙරිකා යන්න වරම්