IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


චීන නායකයා චීන හොරුන් නිරුවත් කරයි

රාජ්‍ය සේවයේ දුෂිත හා අකාර්යක්ෂම නිළධාරීන් පිරිසක් රටම ඉදිරියේ නිරුවත් කළ රූපවාහිනී වැඩසටහනක් පසුගියදා චීනයේ විකාශය විය.

වැඩසටහන මෙහෙයවූයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක හා චීන ජනපති ෂි ජින්ග්පින්ග්ය.

මෙම වැඩසටහනට සහභාගී කරගෙන තිබුණේ රටේ විවිධ අමාත්‍යංශ හා ආයතන වල මුල් පුටු හොබවන අයයි.

වැඩසහනේදී මෙම පුද්ගලයින්ට කිරීමට සිදුවූයේ තම තමන්ගේ රාජකාරි කටයුතු වලදී සිදුකළ අකටයුතුකම්,වංචා,දුූෂණ ආදිය තිබේනම් ඒවා හෙළි කිරීමයි.

ජනපතිවරයාම වැඩසටහන මෙහෙයවන බැවින් මෙම පුද්ගලයින්ට සත්‍ය හෙළිකරනවා විනා වෙන කරන්නට දෙයක් නොතිබිණි.

මහජන මුදල් වැය කර සාද දැමිීම්,රථ වාහන මිලදී ගැනීම් වල සිට, වංචා කිරීම්,බොරු ගෙතීම්,වැඩ කටයුතු පැහැර හැරීම් දක්වා විවිධාකාරයේ අකටයුතුකම් ඔවුන් බිම් බලාගෙන  හෙළි කරන ආකාරය චීනය දැකගත්තේය.

ජනපතිවරයා මේ සියල්ල සාවධානව අසා සිටිනු දැකගත හැකි විය.ඔහු වරින් වර සටහන් ලියා ගත්තේය.

ෂි ජින්පින්ග් පාලක කොමියුනිස්ට් පක්ෂයේ නායක ධූරයට හා පසුව චීනයේ ජනාධිපති ධූරයට පත්වූ දා සිටම රාජ්‍ය සේවය නඟා සිටුවීමට විවිධාකාරයේ වැඩසටන් දියත් කරනු දැකගත හැකිවිය.මෙයත් එම වැඩසටහන් අතුරින්

එකක් ලෙස සැළැකිය හැකි බව චීන දේශපාලන විචාරකයින් කියයි.

‘‘තම තමන් විවේචනය කර ගැනීමේ කලාව‘‘ ලෙස හඳුන්වාදී ඇති මෙම රූපවාහිනී වැඩසටහන ඉදිරියටත් කි‍්‍රයාත්මක කැරෙයි.

 

 



අදහස් (0)

චීන නායකයා චීන හොරුන් නිරුවත් කරයි

චන්ද්‍රා Sunday, 06 October 2013 01:53 PM

‍මේ ක්‍රමය ලංකාවටත් ඉතාම කදිමෙට ගැලපෙනවා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න .(නදී)

:       0       0

වර්නසින්ග්හේ Sunday, 06 October 2013 09:04 PM

ඔන්න රුපවාහිනියටයි අයි.ටී.එන් එකටයි බාරගන්නවා නම් අභියෝගේ .(නදී)

:       0       0

සෙන්සා Monday, 07 October 2013 08:06 AM

ලංකාවෙ මේ වැඩේ කරන්න බැරි රජයේ ඉහල නිලධාරින් බොහොමයක් නිර්වස්ත්‍ර කරන්න අවශ්‍යතාවයක් නැති කමයි, ඔවුන් දැනටමත් හෙලුවෙන් ඉන්නේ..(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 06 October 2013 02:40 PM

නායකයා වැරදි කරන්නේ නැත්නම් මේක කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. .(නදී)

:       0       0

නාලක Sunday, 06 October 2013 02:56 PM

අපේ රටේ ඕක කොලා නම් වහ කන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

සොරි Monday, 07 October 2013 09:02 AM

ලංකාවේ කොහොමද ඔය වැඩේ කරන්නේ? (නි)

:       0       0

ඩන්ස්ටන් ද සිල්වා Sunday, 06 October 2013 10:43 PM

පාර්ලිමේන්තුවේ සභා ගැබ තුල තිබෙන වාදවිවාද දිහා බලද්දී, ඔය වගේ සමාජයයට වැදගත් දේවල් මේ රටේ බලාපොරොත්තු විය නොහැකියි..(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 06 October 2013 04:31 PM

අපටත් මෙවන් කායකයෙක් පහළ වේවා! අපේ රටේ ඕක කළා නම් අර කට්ටිය ඔක්කොම නිරුවත්..(නදී)

:       0       0

දුම්මලසූරිය Monday, 07 October 2013 10:05 AM

ඔන්න ගන්නවානම් චීනෙන් ආදර්ශයක්.......අපේ ළගම හිතවතෙක් විදියට ඉන්න චිනෙත් එක්ක ජනපති තුමාගේ තියන හිතවත්කම ලෝකෙට පෙන්නන්න එතුමත් මේ ආදර්ශය අරගන මේ වැඩසටහන ඒ නමින්ම මෙහෙය වන්න ඉදිරිපත් උනානම්........බඩුම තමා.....(නදී)

:       0       0

දසුනි Sunday, 06 October 2013 05:47 PM

ප්‍රශ්නය අපේ රටේ වැඩසටහන මෙහෙය වන්නත් කෙනෙක් නැතිකමයි..(නදී)

:       0       0

කිත්සිරි Monday, 07 October 2013 10:45 AM

අපේ රටේ ඔක්කොටම චාන්ස් එක දෙන්න ගියොත්, පැය 24 ම නොකඩවා වැඩසටහන කරන්න වෙයි..(නදී)

:       0       0

අචිනි Monday, 07 October 2013 11:04 AM

චීනෙන් ගන්න ඕනේ පරණ බඩු විතරක් නෙමෙයි මේවගේ වැදගත් දේවලුත් ගන්න ඕනේ .(නදී)

:       0       0

අචිනි Monday, 07 October 2013 11:07 AM

ලංකාවේ කලානම් මුලින්ම වංචා ගැන කියන්න වෙන්නේ මෙහෙයවපු කෙනාටයි. අනෙක් අයට වෙලාවක් ලැබෙන්නේ නැහැ .(නදී)

:       0       0

බංඩා Sunday, 06 October 2013 06:49 PM

ලංකාවේ හොරු ටික අපි දන්නවා ඒ අය යටට හොදට තදට ඇදල තියෙන්නේ .(නදී)

:       0       0

තිළිණි Sunday, 06 October 2013 12:10 PM

මේ වගේ දේවල් ලංකාවේ අපිට නම් ආශ්චර්යයක්ම තමයි නේද? (නි)

:       0       0

දුමින්ද Sunday, 06 October 2013 12:13 PM

ලංකාවටත් ගැළපෙනවා. (නි)

:       0       0

ෂශිමල් Monday, 07 October 2013 11:35 AM

ලංකාවේ එහෙම වෙන්නේ නැ. (අ)

:       0       0

ගලිවර් Sunday, 06 October 2013 12:22 PM

චීන රටේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.කවදාවත් එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ගල් මාටින් Monday, 07 October 2013 06:48 AM

අපේ අය නම් රූපවාහිනි වැඩසටහනකට එන්නේ මොකක්හරි ඡන්දයක් වගේ එකක් ළං වුණහම විතරයි. අනික අපේ රජයේ සේවකයෝ ඔහොම හොරවැඩ කරන්නෙත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site