සියැන්හිදීය (රොයිටර්)
චීන සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එක්ව සංවිධානය කරන කලාපීය යුද හමුදාවල සුව සේවා හුවමාරු සම්මේලනයක් අද (17) ආරම්භ විය.
මෙම සම්මේලනයට චීන යුද හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු සහභාගී වූ අතර ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබෙන මොහොත සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් තිබෙන මොහොතක චීන ජෙනරාල්වරයා මෙලෙස මෙම සම්මේලනයට සහභාගී විය.
ආසියා ශාන්තිකර හමුදා සුව සේවා හුවමාරුව යනුවෙන් මෙම සම්මේලනය පැවැත්වෙයි. මෙම සම්මේලනය බටහිර චීනයේ නගරයක් වන සියැන්හිදි පැවැත්වෙයි. සියැන් නගරය ටෙරාකෝටා හමුදාවල නිජබිම ලෙසින් සුප‍්‍රකටය.
මෙම සම්මේලනයට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත‍්‍ර රටවල් වන ජපානය සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් 28ක හමුදා නිලධාරීන් ඇතුළු 600කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිති.
චීන මධ්‍යම හමුදා කොමිසමේ සැපයුම් සහාය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ජෙනරාල් සොන්ග් පුෂුවාන් සම්මේලනයට සහභාගී වූ ජෙනරාල්වරයාය.
ජෙනරාල් සොන්ග් මෙම සම්මේලනයට සහභාගී වන බව කලින් ප‍්‍රකාශයට පත් කර නොතිබිණි. ඔහු සම්මේලනයේදී අදහස් දැක්වීමක් ද නොකළේය.
ජෙනරල් සොන්ග් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සමීපතම නිලධාරියකු යැයි පැවසෙන අතර ඔහු මීට පෙර චීන හමුදාවේ උතුරු අණදෙන මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය. ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ පසුගිය වසර හයක කාලයේදී ජෙනරාල් සොන්ග් උසස්වීම් කිහිපයක්ම ලැබීය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ උග‍්‍ර වෙළෙඳ යුද්ධයක් තිබුණ ද ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබෙන සහයෝගීතාව පෙන්වීමට චීනය වැඩි උනන්දුවක් දක්වයි. තායිවානය සහ දකුණු චීන මුහුද නිසාද ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර මතභේද පවතී.
‘‘මෙම හමුව දෙරටේ හමුදාවල සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නැංවීමටත් ස්ථාවරත්වය ඇති කිරීමටත් හේතු වේවි. ඒ වගේම ආසියා ශාන්තිකර කාලපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා මෙමඟින් දෙරටේ දායකත්වය ලැබෙනු ඇත’’ ජෙනරල් සොන්ග් යටතේ සිටින නිලධාරියකු වන සැපයුම් සහාය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශයේ ප‍්‍රධානී ෂෙන් ජින්ග්යුවාන් පැවැසීය.
055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
චීන සහ ඇමෙරිකා හමුදා සුව සේවා හුවමාරු සම්මේලනයක්