IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ

දින තුනක් තිස්සේ කයිරෝ නුවර පැවැති ජනතා විරෝධය උත්සන්න වී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග‍්‍රවීමත් සමඟ ඊජිප්තු ඇමැති මණ්ඩලය පෙරේදා (21) ඉල්ලා අස්වීමට තීරණය කළේය.පසුගිය පෙබරවාරි මාසයේ දී ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා හැරීමෙන් පසු ඊජිප්තුවේ පාලනය හිමිවූයේ හමුදා පාලක මණ්ඩලයකටය.  ඊජිප්තු ඇමැති මණ්ඩලය පිහිටුවූයේ  එම හමුදා පාලක මණ්ඩලය යටතේය.කැබිනට් ප‍්‍රකාශක මොහොමඞ් හෙගාසී නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අගමැති එසාම් ෂරාෆ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හමුදා පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය. ඊජිප්තු රජයේ රූපවාහිනී නාලිකා මුලින් වාර්තා කර තිබුණේ එම ඉල්ලා අස්වීම හමුදා මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළ බවය.එළැඹෙන 28 වැනිදා ඊජිප්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර අගමැති එසාම් ෂරාෆ්ගේ ඉල්ලා අස්වීමත් සමඟ එම කටයුතු සියල්ල  අවුල් වනු ඇත. ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා දැමීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණු ප‍්‍රථම මැතිවරණය එය වෙයි.ඊජිප්තුවේ යළිත් වරක් විරෝධතා ඇරැුඹුණේ ඉකුත් සෙනසුරාදා (19) ය. කයිරෝ නුවරට රැුස් වූ දහස් ගණනක් ඊජිප්තු වැසියන් හමුදා පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ වහාම සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙසය. 2012 වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ද ඔවුහු කියා සිටියහ. විරෝධතා පැවැත්වුණේ තරීර් චතුරස‍්‍රයේදීය.හමුදා පාලක මණ්ඩලය එම විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ යෙදවූ අතර දෙපිරිස අතර දරුණු ගැටුම් හට ගැනිණි. එම ගැටුම් දින තුනක් තිස්සේ පැවැතුණු අතර සිවිල් වැසියෝ විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 1,800 කි. පොලිසිය කියා සිටියේ දස දහස් ගණනක් දෙනා විරෝධතා සඳහා තරීර් චතුරස‍්‍රයට රැුස්ව සිටි බවය.විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා පොලිසිය යෙදවීමට හමුදා පාලක මණ්ඩලය සහ අගමැති එසාම් ෂරාෆ් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් සංස්කෘතික ඇමැති එමාඞ් අබු ඝාසී ඉකුත් ඉරිදා (20) ධුරයෙන් ඉවත් වූයේය. පොලිස් ප‍්‍රහාර හමුවේ කයිරෝ නුවර කලහකාරීව හැසිරෙන පිරිස්...



අදහස් (0)

ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site