IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනපතිවරණය නැවැත්තුවාට මාලදිවයින විපක්ෂයේ විරෝධය

මාලදිවයිනේ පෙරේදා (19) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය, අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ගැනීමත් සමඟ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ’ කි‍්‍රයාකාරීහු පිරිසක් ඊයේ (20) මාලේ අගනුවර සාමකාමී විරෝධතා රැලියක් පැවැත්වූහ.

ජනපතිවරණය පැවැත්වීම අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවුණේ, පොලිසියෙන් බාධා එල්ල වීම නිසාය.

පොලිසිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුකූල නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීමට උත්සහ කළ නිසා එය වැළැක්වීමට තමන් පියවර ගත් බවය.

විරෝධතාකරුවන් වත්මන් මාලදිවයින ජනපති වහීඞ් හසන් ඇතුළු රජයෙන් ඉල්ලීමක් කළේ කිසිදු බාධාවකින් තොරව, ජනපතිවරණය කඩිනමින් පැවැත්වීමට මැදිහත් වී කටයුතු කරන ලෙසටය.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා මාලදිවයිනේ ජනපතිවරණයක් පැවැත්විණි. එහිදී සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගනිමින් ඉදිරියට ආවේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ය. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව, එම ජනපතිවරණය අවලංගු කෙරුණි.


 

සාමකාමී ලෙස පැවැත්වුණු විරෝධතාවට එක් වුණු හිටපු ජනපති නෂීඞ්ගේ පක්ෂ සාමාජිකාවක්

 



අදහස් (0)

ජනපතිවරණය නැවැත්තුවාට මාලදිවයින විපක්ෂයේ විරෝධය

මාගරී Monday, 21 October 2013 07:59 AM

හිටපු ජනපති නෂීඩ් 2012 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට පක්ෂව හොද කතාවක් කළා. ඒකට කිපුණු සමහර රටවල් එතුමාව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණ කළාද කියලත් හිතෙනවා මට. (නි)

:       0       0

කපිල Monday, 21 October 2013 09:16 PM

මාගරි ඔය කියන එක ඇත්ත, ඔය යු ටියුබ් එකේ යන දේවල් විශ්වාස කරන්න ගියොත් අපිට වහ කන්න තමා වෙන්නේ...නෂීඩ් ජනාධිපතිගේ ක්‍රියා කලාපය සමහර බලවත් රජයන්ට අල්ලන්නේ නැහැ. ඒකයි එයාව බලයෙන් පහ කලේ. (නදී).

:       0       0

මහේෂ් Monday, 21 October 2013 04:03 PM

ප්‍රසන්න, ඔය මොන කිව්වත් මේ සැරේ සාධාරණ ඡන්දයක් තිබුනොත් නෂීඩ් දිනනවා. ඒකයි වත්මන් මාලදිවයින් රජය ඡන්දය කල් දාන්නේ. අපිට වැදගත් වන්නේ විදේශිකයෝ ලෙස මේ රටේ සේවය කරන අපිට අනාගත පාලකයාගේ ප්‍රතිපත්ති කොහොමද බලපාන්නේ කියන එකයි. (ස)

:       0       0

කේ සී Monday, 21 October 2013 09:44 PM

මට නම් හිතුනේ එහෙ පොලිසියේ ඇදුම ගැන.. අපේ පොලිස් නිල ඇදුම එහෙම වෙනස් කරන්නේ නැත්තේ.(දිල්)

:       0       0

ගාමිණි එම්.ජයලත් Monday, 21 October 2013 04:43 PM

නෂීඩ් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුද්ගලයෙකි. ඔහුගේ ප්‍රතිපත්ති රටේ බහුතරය අවබෝධ කරගෙන ඇත. එම නිසා, ඔහුගේ ජය වලක්වා ගැනීම අපහසුය. ලංකාව පිළිබඳව ඔහු දරන මතය අප ගරු කල යුතුය. ඔහුට ජය පතමු! (ස)

:       0       0

මගරි Monday, 21 October 2013 04:46 PM

ප්‍රසන්න, නෂීඩ් ජනාධිපති එයාගේ රටේ කරන දේසපාලනය අපිට වැඩක් නැහැ මම කිව්වේ ලෝකයේ වෙනත් රටවලින්( බටහිර) අපේ රටට විරුද්ධව කෑගහන කොට මෙතුමා කියල තියෙනවා ''මම බෙහෙත් ටික ගන්නත් ලංකාවට යන්නේ ඔය කියන මානව හිමිකම් කඩවීම් එහෙ පේන්න නැහැ'' ආදී වශයෙන් හොඳ විග්‍රහයක් කරලා තිබුනා. අවශ්‍ය අවස්ථවෙදී අපි වෙනුවෙන් කතා කරලා තිබුනා . ඒකයි අපිට තිබෙන වැදගත්කම. (ස)

:       0       0

විරා‍ජ් Tuesday, 22 October 2013 09:47 AM

නෂීඩ් හොඳ මනුස්සයෙක්. ඡන්දෙ ඉල්ලන අනෙක් සෙට් එක කැමති නැහැ. එයා එන එක කොහොම හරි නවත්තන්න හදන්නේ එයා දිනන එක. (ස)

:       0       0

ප්‍රසන්න Monday, 21 October 2013 11:22 AM

මාගරි, ඔයා මාලදිවයින ගැන මොනවද දන්නේ ??? ඔය අද නෂීඩ් ජනාධිපති පස්සෙන් යන කට්ටියම තමයි එයා බලයෙන් පහ කරන්න උද්ගෝෂණ කලේ...නෂීඩ් ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න උනේ. එයාට විරුද්ධව නඩු තීන්දුවක් දීපු විනිසුරු වරයෙකුව හමුදාව යොදවල බලෙන් පැහැරගෙන ගිහිල්ල හංගල තියාගෙන හිටපු එකට විරුද්ධව ජනතාව උද්ගෝෂණ කරපු නිසා...... (ස)

:       0       0

ප්‍රසන්න Monday, 21 October 2013 11:35 AM

මාගරි, මේ පහල ලින්ක් එක බලන්න 2012 - 02- 06 රැ සහ 2012 -02-07 උදේ සිදුවෙච්ච දේවල් ඔය පිස්සෙක් වගේ අසභ්‍ය ( මාලේ භාෂාවෙන් ) වචන කිය කියා කෑ ගහන කෙනා තමයි ජනපති නෂීඩ්, ඊට පස්සේ තමයි ඉල්ලා අස් වෙන්නේ... http://www.youtube.com/watch?v=1Cu3GTGRGN4 (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site