තමන් රුසියානු නීතිඥවරියක හමු වූ බව පියා දැන සිටියේ නැතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය.
මෙම රුසියානු නීතිඥවරිය ට්‍රම්ප් මහතාට ජනාධිපතිවරණයෙන් ජයගැනීමට සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ.
“එය එතරම් දෙයක් නෙමෙයි, ඔහුට කියන්න තරම් දෙයක් තිබුණේ නැහැ” යැයි ෆොක්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය.
රුසියානු නීතිඥවරිය හා සන්නිවේදනය වූ ඊමේල් පණිවිඩ ද ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ට්‍රම්ප් මහතාගේ පුත්‍රයා කටයුතු කර ඇත. රුසියානු නීතිඥවරිය ක්‍රෙම්ලීනය සමඟ ද සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙන අතර ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියට හානිදායක අන්දමේ තොරතුරු ද ඇය සතුව තිබී ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන පැවැත්වෙයි.
රුසියාව ක්ලින්ටන් මහත්මියගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවත් ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත සහ තොරතුරු වෙනස් කළ බවත් රුසියාවට චෝදනා එල්ල විය. කෙසේ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
තමන් රුසියානු නීතිඥවරිය මුණ ගැසුණු බව පියා නොදන්නා බව ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) දිගින් දිගටම පවසන අතර රුසියාව ද එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඔබ මේ සම්බන්ධයෙන් පියාට කීවා නම් කුමක් සිදුවන්න තිබුණා දැයි ෆොක්ස් පුවත්සේවයේ මාධ්‍යවේදී සීන් හැනිටි ට්‍රම්ප් මහතාගේ පුතුගෙන් විමසූ අවස්ථාවේදී එය එතරම් දෙයක් නොවන බව පැවැසීය.
“එය එතරම් දෙයක් නෙවෙයි. තාත්තට කියන්න තරම් දෙයක් වුණේ නැහැ. ඔබ හාර අවුස්ස අවුස්ස අහනකන් මට ඒ ගැන මතක තිබ්බෙත් නැහැ. ඒ ගැන කතා කරපු කාලෙත් අපරාදේ” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ පුත්‍රයා පැවැසීය.
ජනාධිපතිගේ පුත් ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ), ඔහුගේ මස්සිනා වනා ජාඞ් කෘෂ්නර් සහ ජනාධිපතිවරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පෝල් මැනෆෝට් 2016 වසරේ ජූනි මාසයේදී නිව්යෝක් නුවර පිහිටි ‘‘ට්‍රම්ප් ටවර්‘‘ හිදී රුසියානු නීතිඥ නතාලියි වෙසෙල්නිට්ස්කයා මුණ ගැසී ඇතැයි කියැවේ.
ඒ.එෆ්.පී/රොයිටර් 055
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපති තාත්තාට නොකියා පුතා රුසියානු නීතිඥවරිය හමුවෙලා
විස්වජිත් Wednesday, 12 July 2017 10:58 AM
එතකොට තාත්තා කවුද?
Susil Thursday, 13 July 2017 04:22 AM
මේ තාත්තලා , පුතාලා හරි බබ්බු,
de silva Thursday, 13 July 2017 07:03 AM
ඔන්න පුත්‍ර සමාගම් ක්‍රමය ලංකාවෙන් ඇමෙරිකාවටත් බෝ වෙලා , ඉදිරියට බටහිර ජාතිකයෝ ලංකාවට ඒවි දේශපාලන ඉගෙන ගන්න