තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස පිට පිටම දෙවැනි වරටත් තේරී පත්වූ ජයලලිතා ජයරාම් ඇතුළු ඇගේ කැබිනට් මණ්ඩලය ආණ්ඩුකාර කේ.රෝසයියා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්හ.
එම උත්සවය මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ සංවත්සර ශාලාවේදී පැවැත්විණි.
ජයලලිතා මහ ඇමැතිනිය වූයේ හයවැනි වරටයි. ඇය දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ මත්පැන් හල් විවෘතව තැබීමේ වේලාව පැය දෙකකින් අඩු කිරීමට තීරණය කළාය. ඒ අනුව මත්පැන් හල් මින් පසු විවෘත කළ යුත්තේ මධ්‍යහ්න 12 සිට රාත්‍රී 10 දක්වා පමණි. මීට පෙර පෙරවරු 10ට විවෘත කිරීමේ අවසරය තිබිණි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා විදුලි ඒකක 100ක් නොමිලේ ලබාදීමේ ඡන්ද පොරොන්දුව ඉටු කිරීමටද ඇය අද කටයුතු කළාය.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජයලලිතා හයවැනි වරටත් මහ ඇමැති පදවියේ දිවුරයි
උපුල් Monday, 23 May 2016 04:23 PM
නුගත් ඡන්දාදයකයෝ ඉන්නතුරු විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල ඉන්න දුෂිත දේශපාලකයින් කවදාවත් පරාජය වෙන්නේ නැහැ. මේගොල්ලෝ මැරෙනකම්ම දිවුරුම් දෙනවා. ඊටපස්සේ ඔවුන්ගේ පවුලේ කෙනෙකු දිවුරුම් දෙනවා. මැරුණහම මිනිස්සු පිළිම හදලා වඳිනවා. (නි)
උපාලි Tuesday, 24 May 2016 01:01 PM
උපුල්, සම්පුර්ණ ඇත්ත. අපි හිතාගෙන ඉන්නේ නම් 80% සාක්ෂරතාවය එහෙම තියෙනවා ඉතින් අපි හරි උගත් කියල. නමුත් අපි දකුණු ඉන්දියානුවන්ට වෙනස් නැහැ. දේශපාලනඥයන් ජීවමාන දෙවිවරුන් කියල වඳිනවා. මොන තරම් රටට අහිතකර දේවල් කරපු කෙනෙක් වුනත් වේදිකාවේ බෙරිහන් දෙනකොට සාදු කියනව. (බ)
ඇසළ Monday, 23 May 2016 12:49 PM
හරිට අපේ කට්ටිය වගේ මයි. අපිට පොරොන්දු උන සේරම දැන් දීල තියෙන්නේ. අපිට තියෙන්නේ කැප කරන එක විතරයි. (ර)
සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 24 May 2016 06:02 PM
ජයලලිතා සහ ලංකාවේ මහින්ද රාජපක්ෂ දෙදෙනාම එක සමානය , ඔවුන් දේශපාලනය ජය ගන්නට ජාති වාදය මුල් කරගෙන සිටි , ජයලලිතා දමිළයන් වෙනුවෙන් සහ මහින්ද සිහලුන් වෙනුවෙන් , බහුතරයක් මේ දෙදෙනාව දෙවියන් මෙන් සලකා පුදනවා වහලුන් වෙනවා (බ)