පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සහ බර්මන් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ස්නේවර්ඩින්ගන් නගරයේ ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව සියලු දෙනා වෙත සාමය හා සෞභාග්‍යය ප්‍රර්ථනා කරමින් ඔක්තෝබර් 3 සහ 4 යන පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන විහාර සංගමය කටයුතු යොදා ඇත.
ජර්මනියේ සංචාරක පුරවරයක් ලෙසින් ප්‍රකට මෙම පළාත ගිම්හාන හා සිසිර ඍතුවලදී සංචාරකයින්ගෙන් පිරි පවතී. මෙම නගරයේ මහායාන විහාරස්ථාන දෙකක්ද ඇත. එනිසාම පළාතේ බොහෝ දෙනා අතර බුදුදහම පිළිබඳ කිසියම් අවබෝධයක් ද පවතින බව පෙනෙන්නට ඇත.
මෙම සති අන්තයේදී ශ්‍රී ලංකා මහා විහාරයේදී පැවැත්වෙන පින්කම් මාලාවට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, සංඝගත දක්ෂිණාවක්, භාවනා වැඩසටහන්, මව්පිය වන්දනා වැඩසටහනක් සහ උත්සව සභාවක් ද ඇතුළත් වෙයි.
පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමි, ස්කැන්ඩිනේවියා රටවල ප්‍රධාන සංඝනායක ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, යුරෝපා සංඝපති ඔස්ට්‍රියාවේ වියනා ඥාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති විජයරාජපුර ශීලවංශ නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක සිසිලි බෞද්ධ විහාරාධිපති වගේගොඩ සීලානන්ද නාහිමි, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ලේඩියන්ගල සුදස්සී හිමි, ලුණුකඩවැල්ල රජමහා විහාරයේ භාරකාර කාව්‍ය ශ්‍රී කිරිදිගල්ලේ ඥානරතන හිමි, ජර්මනියේ බොහුම් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තම්මන්නාවේ ධම්මානන්ද හිමි, ජර්මනියේ රෝසන්හයිම් බෞද්ධ මධ්‍යස්ථානාධිපති කන්නිමහර පියසිරි හිමි, ජර්මනියේ බොන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති පානදුරේ සාරානන්ද හිමි, ජර්මනියේ ඔඩන්වර්ල්ඩ් බුදුමඟ බෞද්ධ මධ්‍යස්ථානයේ මොක්කිත හිමි, ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරවාසී උණගතලාවේ උපරතන හිමි, මහදමනේ ජනානන්ද හිමි, මහදමනේ අස්සජි හිමි සහ පුන්චිවැව සිරිනන්ද හිමියන්ද මෙම පිංකම සඳහා සහභාගී විමට නියමිතය.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ද ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් සහ අන් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක්ද පිංකම සඳහා සහභාගී වනු ඇත.
මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ජර්මනියේ වාසය කරන සියලුම බොදු සැදැහැවතුන් වෙත ගෞරවයෙන් ඇරයුම් කරන බව විහාරාධිපති ආචාර්ය පුඤ්ඤරතන හිමියෝ පැවසුහ.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජර්මනියේ සර්වරාත්‍රික පින්කමක්
වසන්ත Wednesday, 30 September 2015 02:19 PM
ඔබ සැමට බුදුසරණයි! (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 01 October 2015 12:06 AM
යුරෝපයේ වෙනත් රටවල් සමඟ සසඳනවිට ජර්මන් ජනතාව තුළ බොදු දහම පිළිබඳ බොහෝ කලක සිට උනන්දුවක් තිබෙනවා. වර්තමාන බර්ලින් විහාරය ජර්මන් ජාතික පඬිවරයෙක් වූ ඩාල්කේ විසින් පරිත්‍යාග කළ එතුමාගේ පෞද්ගලික මන්දිරයයි. සැදැහැවත් වීරරත්න පවුලේ අය විසින් දිවි හිමියෙන් රැක ගෙන පවත්වාගෙන යන මේ ආයතනය බුදුදහම ගැන උනන්දුවක් දක්වන විශේෂයෙන්ම තරුණ පරපුරට ඒ විෂය පිළිබඳ දැනුම ලබාදෙන්න විශාල මෙහෙයක් සිදු කරනවා. බර්ලිනයේ වසන අපගේ ගරු කටයුතු මිතුරෙක් වන එකහාර්ට් ක්රෝනේබර්ග් මහතා ක්‍රිස්තියානි පුජකයෙක් ලෙස කටයුතු කරමින් සිටියදීම ඉඳුරුවේ උත්තරානන්ද නායක ස්වාමීන් වහන්සේ ළඟ කෙටි කාලයක් පැවිදිව සිට සුත්‍ර පිටකයේ සමහර කොටස් ජර්මන් භාෂාවට පරිවර්තනය කර ග්‍රන්ථයක් ලෙස ජර්මනියේ පළකරනු ලැබුවා. ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් නමැති පඬිරුවන පාලි භාෂාවට හා සිංහල ව්‍යාකරණයට කරන ලද මෙහෙය අනුපමේයයි. (නි)
සමන්තිකා පෙරේරා Wednesday, 30 September 2015 09:26 AM
ලංකාදීපයට ස්තුතියි මෙම ලිපියට. (ර)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 03 October 2015 01:41 AM
බොහොම ස්තුතියි විද්‍යා ! (නි)
අරුණ Monday, 05 October 2015 02:49 AM
ළඟදිම ජර්මන් එන්න හිතාගෙන ඉන්නේ.ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතා ජර්මන් වල අපේ ආගම අදහන්න අවස්ථාවක් තිබෙන බව දැනුවත් කළා.ඔබතුමන්ට පින් සිදුවෙනවා (නි)
ප්‍රංශයේ සුජිව Sunday, 04 October 2015 08:19 AM
තුරුණුවන් සරණයි සියලු දෙනාටම !!!!! (ම)
සෙනෙවිරත්න Thursday, 01 October 2015 03:52 AM
හැමෝම උපරිම සහයෝගයක් ලබා දුන්නා. හරිම සතුටුයි. අසරණ සරණ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් තවත් හොඳයි. තෙරුවන් සරණ වේවා. (ස)
පඤ්ඤාශේඛර හිමි Thursday, 01 October 2015 05:31 AM
මා හිතවත් විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන්ගේ මෙම නොපසුබට උත්සාහයට මගේ උපරිම ආශිර්වාදය පිරිනමනවා. උන්වහන්සේ මෙම ස්ථානයට පැමිණියේ අතිශය දුෂ්කරතා මැදය. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා! (නි)
විද්‍යා Friday, 02 October 2015 04:10 PM
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණනි. ඔබ තුමාගේ තොරතුරු මම අගය කරමි (අ)