ඇමරිකා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නව ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ඉන්දියානාවේ පැවැති ඡන්ද ප්‍රචාරක රැලියකට එක්වෙමින් ට්‍රම්ප් කියා සිටියේ ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම වංචාව සම්බන්ධයෙන් චීනය වගකීම බාරගත යුතු බවයි. චීනය ගෝලීය අපනයන තරගකාරීත්වය ඇති කිරීම සඳහා චීන මුදල් ඒකකය වන යුවාන් නෝට්ටුව විවිධ නූල් සූත්තරවලට ලක්කරන බව ට්‍රම්ප් කියයි. මේ හේතුවෙන් ඇමරිකාවේ ව්‍යාපාරිකයන්ට හා සේවකයන්ට දරුණු අනතුරක් ඇතිවන බවද ඔහු පෙන්වා දෙයි.
චීනයට තම රට දූෂණය කිරීමට ඉඩ නොදිය යුතු බවත් එය අප කරන දෙයින් තීරණය වන බවත් ට්‍රම්ප් කියා සිටී.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා
හිමල් Tuesday, 03 May 2016 09:52 AM
ඇමරිකාව ණය ගැතියෙක්,චීනය ණය හිමියෙක් වෙන්න පුළුවන්. ඒත් චීනයේ වෙලෙඳපොළ ඇමරිකාව. චීනය කොපි කැට් කරන එක ලෝකයේ නව නිපැයුම් කරන හැම රටකටම තර්ජනයක්. ට්‍රම්ප් හොයන් යන්නේ හදවතට කතා කරන ඇමරිකන් ඡන්ද.ඒකයි මේ. (ම)
තිලක් Wednesday, 04 May 2016 08:14 AM
නාමල්, මම චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා. ඇමෙරිකාව නිකුත් කරන ජාතික ණය සුරැකුම් පත් වලින් 80% කටත් වඩා මිලදී ගන්නේ චීනය. චීනය නිව්යෝර්ක් වල තියෙන ලෝකේ හොඳම අධි සුපොඛ්ජබෝගී හෝටලයත් ගත්තා. දැනගෙන කතා කරනවා මිසක් නොදැන කතා කිරීමෙන් වැළකීම නුවනට හුරු දෙයක්. චීනයේ තියෙන ආර්ථික සැලැස්ම නිසා අඩුම ගානේ තාවකාලික වීසා වත් ඇමෙරිකන් අයට නිකුත් කරන්නේ නැහැ. (හේ)
කැනඩා දිසා Thursday, 05 May 2016 01:15 AM
නාමල්, කලබල වෙන්න එපා. තිලක් දන්නා ප්‍රමාණය ගැන අපිටත් හොඳින් වැටහෙනවා. (නි)
මහින්ද නිව්යෝර්ක් Wednesday, 04 May 2016 12:04 AM
ලංකාවේ අයට නම් හොඳදේට වඩා ලාබදේනේ හොඳ නේද? (නි)
චන්දන Wednesday, 04 May 2016 12:03 AM
1980 ගණන් වලදී චීනයේ ළඟම හිතවතා ඇමෙරිකාවයි. ඇමෙරිකාවෙන් තමයි ණය ගත්තේ. ඇමෙරිකාව එක්ක එකතුවෙලා සෝවියට් දේශයට හතුරුකම් කළා. වියට්නාමයේ පැත්තක්ම විනාශ කළා. පොල්පොට් ආරක්ෂා කළා. මේ හැමදේම කළේ ඔවුන්ගේ අරමුණු වලට මිසක් අපි වාගේ පුංචි රටවල වලට ආදරේට නොවෙයි. මුළු ලෝකෙම හූරාකන්නේ චීනා. මේක තමයි නව යටත්විජිතවාදය. අපි ණය උගුලට අහුවුණේ චීනය පස්සෙන් ගිය නිසයි. (නි)
තිලක් - නුවර Tuesday, 03 May 2016 07:36 AM
මොන දේ කතා කලත් චීනය නැත්නම් අද බොහෝ ඇමෙරිකන් මිනිස්සු බඩගින්නේ. ලෝකයේ එකම ශක්තිමත් ආර්ථිකය තියෙන්නේ චීනෙට. ඉතින්, අපි චීනය වටා යනවා මිසක් ඇමෙරිකාවේ පස්සේ ගිහින් වැඩක් නැහැ කියන්නේ මේකට තමා මොකද, චීනයේ විදේශ වත්කම් ඩොලර් ට්‍රිලියන 4.5 කට වඩා වැඩි වෙන විට ඇමෙරිකාවේ වත්කම් වෙනුවට විදේශ ණය ඩොලර් බිලියන දහස් ගානක් වෙලා. (ර)
නාමල් - නිව් යෝර්ක් Wednesday, 04 May 2016 03:03 PM
තිලක් ඔබ ඇමරිකාව ගැන කිසිදෙයක් නොදන්නා හදයි.. ඇමරිකාවේ ණය සුරැකුම්පත් චීනය ලබාගන්නවා වගේම ඇමරිකාව චීනයේ කර ඇති ඩොලර් බිලියන ගණනක ආයෝජන ගැන ඔබ දන්නේ නෑ.. චීනය ඇමරිකාවේ හෝටලයක් මිලට ගත්තාට ලෝකයේම වැඩිම ව්‍යාපාරික දේපල හිමි ඇමරිකාවටයි.. චීනයේ බහුතර මිනිස්සු අමරිකානුවෙක්ගේ වැටුපින් 1/10 වත් ලබා නොගන්නා බව දන්නවාද.. ඔබ වගේ බටහිර විරෝධයක් ඔලුවේ හිරකරන් ලෝකය ගැන කතාකරන්න හදන අය මට ලංකාවේ ගොඩක් හමුවී තිබෙනවා (බ)
මංගල කුලසිංහ Tuesday, 03 May 2016 05:50 AM
සහතික ඇත්ත (බ)
තරිදු Tuesday, 03 May 2016 08:48 AM
ට්‍රම්ප්ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.. චීනය කරන්නේ බටහිර රටවල නිෂ්පාදන කොපි කරගෙන ඉතා අඩු වැටුප් සහ පහසුකම් යටතේ තම රටේ මිනිස්සු ලවා අඩු කොලිටියට හදවලා ලෝකයට විකුණන එක. (ර)
චන්න Wednesday, 04 May 2016 05:46 PM
නාමල්ගේ අදහස් නිවැරදියි. චීනය ගැනත් ඇමෙරිකාව ගැනත් හොඳට දන්නවා කිව්වට තිලක් බොරු කියන්නේ (නි)
නාමල් - නිව්යෝර්ක් Tuesday, 03 May 2016 01:58 PM
තිලක්, චීනයේ සමාගම් වැඩිහරියක ආයෝජනය කරඇත්තේ ඇමරිකාව බව ඔබ දන්නවාද? ඇමරිකානු සමාගම් නැත්නම් චීනයට බඩගින්නේ ඉන්න වෙන්නේ (නි)