ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පලස්තීනයේ සංචාරයක නිරත වනු ඇතැයිද තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මුණ ගැසීමට සූදානම් යැයි ද පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් මහතා අද (9) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සාම ක්‍රියාවලියේ කොටසක් ලෙස එය සිදුවන බව ද අබ්බාස් මහතා කීවේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මේ මස අගදී තම පළමු නිල විදෙස් සංචාරයේ කොටසක් ලෙස ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. මෙම ගමනේදී ට්‍රම්ප් මහතා බෙත්ලෙහෙමට ගමන් කිරීමට ද නියමිත බව පලස්තීන ජනාධිපතිවරයා පැවැසීය. ඇමෙරිකා ජනාධිපතිවරයා මැයි 23 වැනිදා බෙත්ලෙහෙමේ සංචාරයක නිරත වනු ඇතැයි පැවසේ.
“අපි ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඔහු බෙත්ලෙහෙමට පැමිණෙනවා” යැයි පලස්තීන ජනපතිවරයා කීය.
පලස්තීන නායකයා ඉකුත් සතියේදී වොෂින්ටනයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හමු වී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීය. ජනාධිපතිවරයා ලෙස තම පළමු විදෙස් සංචාරයේදී ඉස්ලාම් දහම, යුදෙව් දහම සහ කතෝලික දහම ආරම්භ වූ සෞදි අරාබිය, ඊශ්‍රායලය හා වතිකානයේ සංචාරය කරන බව එම සතියේදීම ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා නිවේදනය කළේය.
ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මැයි 22 වැනිදා ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි පැවැසුණ ද එය නිල වශයෙන් තහවුරු නොවීය. ජනාධිපතිවරයා බටහිර ඉවුරේ සංචාරයක නිරත නොවනු ඇතැයි පැවැසිය නොහැකි බව පලස්තීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් පාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය.
ආරක්ෂාව සහ සාමය ගෙනඒම සඳහා පලස්තීන ජනාධිපතිවරයා තබන ඉදිරි පියවර මත එය තීරණය වනු ඇතැයි ද ඔහු පැවැසීය. ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් මහතා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
ඒ.එෆ්.පී - 055
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීනයේ සංචාරයක
mahee Tuesday, 09 May 2017 11:20 PM
ට්‍රම්ප් මහත්තයා කරන පෙරළිකාර වැඩ දැක්කහම මට කතාවක් මතක් වුනා. එක්තරා ඇමෙරිකානු ජනාධිපති කෙනෙක් හමුවෙන්න ඉන්දියානු තානාපතිවරයා ඇවිත් ගියාලු. ඒ එක්කම ජනාධිපතිතුමා වහාම තමන්ගේ ආසියානු උපදේශකවරයෙක් කැඳවල නියම කලාලු රතුපාට තීන්ත ටිකක් ගෙන්න කියලා. උපදේශකයා පුදුම වෙලා ඇහුවා මොකටද රතු තීන්ත කියලා. ජනාධිපතිතුමා කිව්වලු, "අර ඇවිත් ගිය ඉන්දියන් තානාපති එයාගේ නළලට ඇඟිල්ල තියල එයාගෙ ලේකම්ට කියනවා මට ඇහුණා... ' මේ ජනාධිපතිගේ මෙතන මොකවත් නැහැ' කියල. ඉක්මනට තීන්ත ටිකක් ගේන්න' කියලා..