IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩ්‍රෝන ප‍්‍රහාරවලින් මියගිය 2,227 දෙනාගෙන් සියයට 3 ක් සිවිල් වැසියෝ

ඇමෙරිකාව හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන මෙතෙක් එල්ල කර ඇති ප‍්‍රහාරවලින්, 2,227 දෙනකු මියගොස් ඇති බවත්, එයින් සියයට 3 ක් පාකිස්තාන සිවිල් වැසියන් බවත් පාකිස්තාන රජය කියා සිටී.

අගමැති නවාස් ෂරීෆ්ගේ රජය මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

ඩ්‍රෝන යානා යොදා ගනිමින්, යුද අපරාධ සිදු කරන්නේ යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද ඇමෙරිකාවට දොස් පවරා ඇත. එම චෝදනා ඇමෙරිකා රජය ප‍්‍රතික්ෂේප කරයි.

ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්නේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කරගෙන බවත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නක් බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප‍්‍රහාරවලින් ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මියයෑම පාකිස්තාන අගමැති ෂරීෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත. අගමැති ෂරීෆ් චෝදනා කර සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එම ප‍්‍රහාර එල්ල කරන බවටය.

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය. දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත. ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.

 



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරවලින් මියගිය 2,227 දෙනාගෙන් සියයට 3 ක් සිවිල් වැසියෝ

මධු Friday, 01 November 2013 03:06 PM

සාදාරණ පහර දීම ! (ස)

:       0       0

ධම්මිකා Friday, 01 November 2013 10:26 AM

කෝ මේවට නැත්ද මානව හිමිකම් පරීක්‍ෂණ? (ස)

:       0       0

ඩෑම් Friday, 01 November 2013 11:01 AM

කෝ මේවට නැද්ද අපේ බක පණ්ඩිත ප්‍රතිචාර? සියල්ලටම කලින් අපේ අයගෙන් අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:53 PM

දැන් කෝ මේ පිල්ලේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1932 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site