මේ වනවිට, ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදය ලෙස සැලකෙන 'ඩෙල්ටා' ප්‍රභේදය අඩපණ කිරීමට, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
'ඩෙල්ටා' ප්‍රභේදයට, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පුළුල් ලෙස අධ්‍යයනයක් සිදුකර ඇති අතර, එම අධ්‍යයනයේදී හෙළි වුණු කරුණු සියල්ල මේ වනවිට 'නිව් ඉංග්ලන්ඩ්' වෛද්‍ය සගරාවේ පළවී තිබේ.
අධ්‍යයනය සිදු කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ 'කොවිඩ් 19' රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකමුතු වෙමිනි. අධ්‍යයනයට අනුව, 'ෆයිසර්' එන්නතේ නියමිත මාත්‍රා දෙක සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් නියමිත මාත්‍රා දෙක ලබා ගැනීමෙන් පසු 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වීම හෝ 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වුවහොත් ඇති වන සංකූලතා අවම කිරීම හෝ ඉතාමත් සාර්ථකව සිදුවෙයි.
'ඩෙල්ටා' විකෘතිය පමණක් නොව, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට 'ඇල්ෆා' විකෘතිය ද අඩපණ කළ හැකි බව එම නව අධ්‍යයනයෙන් හෙලි වී ඇත. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් හඳුනාගත් 'කොවිඩ් 19' විකෘතිය වන අතර, 'ඇල්ෆා' යනු එංගලන්තයෙන් පළමු වරට හඳුනා ගත් කොරෝනා විකෘතියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඩෙල්ටා විකෘතිය මේ වනවිට රටවල් සහ පාලන ප්‍රදේශ 124 කට පැතිර ගොස් අවසන්ය. පසුගිය සතියේ පමණක් රටවල් සහ පාලන ප්‍රදේශ 36 කින් ඩෙල්ටා විකෘතිය වාර්තා වූ බව පැවැසෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 195 කි.
(රොයිටර්)
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ
මුළු ලොවම කම්පා කරමින් අනතුරට පත් වුණ දකුණු කොරියානු ‘ජේජු’ ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් ඊයේ (30) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, යානයේ රෝද නිසි ලෙස ක්
ඉතියෝපියාවේ, සිඩාමා පළාතේ, මගීන් පටවාගත් ට්‍රක් රියක් ගංගාවකට පෙරැළීමෙන් එහි සිටි 71 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිඩාමා යනු දුෂ්කර පළාතක් බවත් එහි වැසිය
කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි. කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ,
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොට
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
’ඩෙල්ටා’ අඩපණ කරන එන්නත්