IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ණය නොගෙව්වොත් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට

ණය අර්බුදයෙන් මිදීමට අන්තර්ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් ග්‍රීසියට යුරෝපා සංගමයෙන් හා යුරෝපා කලාපයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි එරට මහ බැංකුව අද (17) අනතුරු ඇඟවූයේය.

ණයහිමියන් සමඟ ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් එය දැඩි අර්බුදයක ආරම්භය වනු ඇති බවත් ප්‍රතිඵල වශයෙන් යුරෝපා කලාපයෙන් මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉවත් වීමට සිදුවනු ඇති බවත් ග්‍රීක මහ බැංකුව අනතුරු අඟවා ඇත.

ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, යුරෝපා සංගමයට හා යුරෝපා මහ බැංකුවට වී ඇති ණය ප්‍රමාණයෙන් යූරෝ බිලියන 7.2 ණය මුදල ආපාදා අරමුදල් ලෙස කපාහැරීම පිළිබඳව ග්‍රීක බලධාරීන් හා ජාත්‍යන්තර ණයහිමියන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.

ග්‍රීසිය මේ මස අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යුරෝ බිලියන 1.6ක මුදලක් ගෙවීමට නියමිතව තිබූ අතර යුරෝපා මහ බැංකුවට ජූලි හා අගෝස්තු මාසවලදී යූරෝ බිලියන 6.7ක ගෙවීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් මෙතරම් ණය මුදලක් ගෙවීමට තරම් හැකියාවක් ග්‍රීක රජයට නැතැයි එරට බලධාරීහූ පැවසූහ.

ඇතැන්ස්හිදීය (ඒ.එෆ්.පී)

 

 



අදහස් (0)

ණය නොගෙව්වොත් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට

මනෝජ් විජේරත්න Thursday, 18 June 2015 04:20 AM

මම සෞදි අරාබියේ සේවය කරන්නේ ග්‍රීසියට අයත් සමාගමක. එයාල මෙහෙ සේවක පහසුකම් සලසන්නේ අධ්‍යාපනික සුදුසුකම් වලටවත් රැකියා සුදුසුකම් වලටවත් නොවේ. එයාලගේ රටේ කට්ටිය සහ අනෙකුත් ඒ ආශ්‍රිත රටවල වලින් අාපු අය දක්ෂයි කියල වෙන් කරලා. අපි තුන්වෙනි පන්තියේ රටක කියා වෙන්කරනවා (නදී)

:       0       0

දර්ශ Thursday, 18 June 2015 05:40 AM

ඔව්. එක හරි . දකුණු කොරියානු සමාගම් වලත් මේ විදියට බෙදනවා. ශ්‍රී ලංකාව / ඉන්දියාව ආදී රටවල් 3 වැනි රටවල් විදියට සලකනවා. (ම)

:       0       0

නිමාෂා Thursday, 18 June 2015 06:01 AM

මනෝජ් කියන්නේ යුරෝපයේ යහපාලන දර්ශකයක එක දෙයක්. දැන් අපේ මිනිස්සුන්ගේ මනස්වලත් වන්දනාමාන කරන්න උගන්වන්නේ මෙම ආකෘති. පහුගිය කාලේ අපේ රටත් දුන්නා කියපු ණය පියවා ගන්න මොකද දන්නේ නැහැ කරන්නේ? (ම)

:       0       0

රූපවතී Thursday, 18 June 2015 06:42 AM

ඔව් නිහාල් ඒ දවස ගැන අපි ඇඟිලි ගනිමින් ඉන්නේ ..? මිනී මැරුම් , ස්ත්‍රී දුෂකයන් ,මංකොල්ලකරුවන්, පැහැරගෙන යාම් නැතිනම් අපේ රටටත් ඔහොම කියන්න තිබුනා ..මිනිසුන් දියුණු වෙන්න ඕනේ සල්ලි මිලියන ගානකින් නොවේ ...කෝටි ගානකටත් වඩා වටිනාකමින් යුතු උතුම් මිනිස් ගුණධර්ම වලින් ...! ඒ ටික නැති තැන මොනවා හෙට දියුණු උනත් සමාජයට වැඩක් නැහැ ...?අපේ දරුවෝ ලොකුවෙන්නේ ..කුහක කම් අධම ගති තියෙන මිනිසුන් සමග. අයන්න කියන්න පටන්ගන්නා පාසලෙන්ම වීම බුදුන් වදින්න යන පන්සලෙන් වීම තවත් ඛේදවාචකයක් ..? (ස)

:       0       0

ලක්මාල් Thursday, 18 June 2015 01:40 PM

මම එක ඉල්ලීමක් කරන්න කැමති ලංකාවේ ජනතවගෙන් යුරෝපයේ කිසිම රටකට ලංකාව තුල ප්‍රමුකස්ථානය දෙන්න එපා. (ර)

:       0       0

රුබට් Friday, 19 June 2015 02:50 PM

අනේ මෝඩ කොල්ලනේ කෙල්ලනේ, ග්‍රීසියේ සහ ලංකාවේ දල ජාතික ආදායම එක සමානයි. නමුත් ලංකාවේ ණය තියෙන්නේ ඩොලර් බිලියන 30 විතර, ග්‍රීසියේ ඒක ඩොලර් බිලියන 600 විතර. කොටින්ම කියනවනම් ග්‍රීසිය යුරෝපයේ අනුකම්පාවෙන් ඇත දිග හැරලා කාල බීල හිටිය පහුගිය අවුරුදු 20, ඉතින් දැන් ගෙවන්ඩ වෙලා. අපිට එහෙම දෙන්ඩ යුරෝපයක් වත් වෙන රෙද්දක්වත් නැහැ. හම්බ කරගත්තොත් කෑව හැකි. ඒකයි ලංකාවට කචල් අඩු. (බ)

:       0       0

නිහාල් Wednesday, 17 June 2015 07:27 PM

පසුගිය කාලයේ ග්‍රීසියේ ජාතික රූපවාහිනියත් වැහුවා වැටුප් ගෙවාගන්න බැරුව.දැන් යුරෝපයේ සමහර රටවල් වලට වැඩිය ලංකාව හොඳයි (නි)

:       0       0

නිහාල් Thursday, 18 June 2015 05:25 PM

රුපවති, මොනවද මේ කියන්නේ ?ලෝකේ වෙන දේවල් බොරු කියලා දැන් වසන් කරන්න බැ. ඕනෑම රටක වෙන අපරාධ ප්‍රමාණය අන්තර් ජාලයෙන් සත්‍ය දැනගන්න පුළුවන්. (ර)

:       0       0

විජයබාහු Friday, 19 June 2015 08:01 AM

දර්ශ ගොඩක් රටවල් එහෙම තමයි. අපිට තමයි බන දේශනා කරන්නේ. (ර)

:       0       0

මගලි Thursday, 18 June 2015 08:52 AM

ලෝකයේ සැප විදින හොඳම සල්ලි කාරයෝ නම් හිටියේ ලංකාවේ. ජනාධිපති ඇතුළු පවුලේ සහ දේශපාලකයෝ ටික. පසුගිය ආණ්ඩුවේ කට්ටිය ගැන විතරයි මමනම් දන්නේ. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 18 June 2015 08:56 PM

ලංකාවේ ආර්ථික උපදේශකයන්ගෙන් උපදෙස් ගත්තා නම් ග්‍රීසිය ගොඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site