IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තද බද තැනෙක ඉඩ ගන්න සුත්තරේ

මහා පිරිසක් සිටින ස්ථානයක තමන්ටම කියා වෙනම ඉඩක් ලබා ගැනීමට හා පහසුවෙන් ගමන් කිරීමට භාවිතා කළ හැකි අපූරු පළඳනාවක් නිර්මාණය කිරීමට සිව් මිං චෙන්ග් නැමැති තරුණියක් සමත් වී ඇත.

එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ප‍්‍රශ්න විසදීම සඳහා භාවිතා කළ හැකි උපකරණ හඳුන්වා දීමේ අරමුණින් සිංගප්පූරුව් ජාතික විශ්ව විද්‍යාලයේ පවත්වන ‘චින්ඩොගු’ වැඩමු`ඵවට ඉදිරිපත් කිරීම සඳහා ඇය මෙම පළඳනාව නිර්මාණය කර තිබේ.

‘ස්පික් අවේ’ නැමති මෙය නම්‍යශීලී ප්ලාස්ටික් පටි දෙකක් ගෙන එයට උල් හැඬේ ප්ලාස්ටික් විශේෂයක් සවි කර මෙය නිපදවා ඇත. එය කාන්තා උරහිස් වලින් දමා ප්ලාස්ටික් කම්බි වලින් ගැට ගසයි.

උමං මාර්ග වල ගමන් කිරීම්දී කාන්තාවන්ට සිදු වන කරදර දැක ඇති නිසා මෙවැනි දෙයක් නිර්මාණය කිරීමට අදහසක් ඇති වූ බව චෙන්ග් පැවසීය. විශේෂයෙන් මෙම පළඳනාව සෙනග පිරී ඇති ස්ථාන වලදී භාවිතයට ගත හැකිය.

 

 



අදහස් (0)

තද බද තැනෙක ඉඩ ගන්න සුත්තරේ

නලින් Thursday, 05 December 2013 05:30 AM

ඕක පැත්තකට දාලා තමන්ටම කියලා වාහනයක් ගන්න බලන්න.නැත්තම් ගෙදරට වෙලා හිටියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සත්‍යා Thursday, 05 December 2013 06:00 AM

අර ඉත්තෑවෙකුත් කිවුවලුනේ "වේදනාවෙන් තොර සැපතක් නැතැයි" කියලා (නි)

:       0       0

සුලෝචනා Thursday, 05 December 2013 07:59 PM

ඕක ඇනගෙන බස් එකේ යනවට වැඩිය නරකද.....කියක් හරි වැඩිපුර දීල 3 විල් එකේ යනවා.(නදී)

:       0       0

කුමාර Wednesday, 04 December 2013 06:07 PM

අනේ අපේ අයියලාට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

ෂෙහාන් Thursday, 05 December 2013 12:56 PM

21 වන සියවසේ මහා ගොන්ම ගොන් නිර්මාණය.. (ස)

:       0       0

නිමල් Wednesday, 04 December 2013 06:21 PM

එහෙත් මේකෙන් ආරක්ෂා වෙන්නේ ශරීරයේ උඩ කොටස පමණයිනේ. යට කොටස? (නි)

:       0       0

නුගේගොඩ Wednesday, 04 December 2013 01:45 PM

මම නම් පැත්ත පළාතේ යන්නේ නැහැ. (ස)

:       0       0

සංජු Wednesday, 04 December 2013 06:41 PM

මෙයා නම් රෝස මලක් වගෙයි. නටුවේ කටු ගොඩයි. (නි)

:       0       0

ශලනී Wednesday, 04 December 2013 01:54 PM

ආත්මාර්ථකාමී නිර්මාණයක්. මෙව්වා පැළඳගත්ත අය 10-15 විතර පාරේ ගියොත් .(නදී)

:       0       0

මහේන්ද්‍ර Thursday, 05 December 2013 07:52 AM

නියමයි! (නදී)

:       0       0

යසවතී Wednesday, 04 December 2013 02:03 PM

මෙහි නීතිමය පැත්ත පැහැදිලි කරන්න පුලුවන්ද ??? (ස)

:       0       0

මදු Wednesday, 04 December 2013 02:06 PM

ලංකාවේ බස් වල යන්න හොදයි. අදට ගැලපෙන නිරිමානයක්!.(නදී)

:       0       0

රසික විතාන Wednesday, 04 December 2013 02:08 PM

මේක ඇඳගෙන ගමනක් යන්න මෙහෙ බස් හෝල්ට් එකක හිටියොත් නම් කවදාවත් බස් එකක් නවත්වන්නේ නැත. (ස)

:       0       0

මෙන්ඩිස් Wednesday, 04 December 2013 02:10 PM

ඕක පැළඳගෙන යන්න. කාටහරි තුවාල වුනොත් වන්දි ගෙවන්නත් බලාගෙන ඉන්න. (නිකමට හිතන්න පොඩි ළමයෙක්ගේ ඇඟේ වැදුන කියලා) (ස)

:       0       0

ලංකා Wednesday, 04 December 2013 02:12 PM

නිකන් ඉත්තෑවා වගේ වෙයිනේ?? (ස)

:       0       0

චන්දිමා Wednesday, 04 December 2013 07:23 PM

මොනකරත් කමක් නෑ. ටිකක් මොලේ කල්පනා කරන්න ඕනේ. ගොන් වැඩක්. (අ)

:       0       0

අල්විස් Thursday, 05 December 2013 08:53 AM

අපේ රටට ඔව්වා ගෙනාවට අපි බයවෙන්නේ නැහැ. කවුද අනේ කාන්තාවන්ට හේත්තු වෙන්ට යන්නේ..? (ස)

:       0       0

සම්පත් තුෂාර Friday, 06 December 2013 09:46 AM

මොලේ කල්පනා කරලා කරපු ගොන් වැඩක්. (ස)

:       0       0

විජේ Wednesday, 04 December 2013 10:22 PM

මේවා දාගෙන යන්න නම් ඉතින් තමන්ගේම වාහනයක යන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් ගුටිකන්න තමයි වෙන්නේ. අපේ රටටනම් මේවා එපා මොකද ලංකාවේ හැමෝම උදේට කලබලෙන් බස් එකට දුවන්නේ රස්සාවට යන්න ඒ වෙලාවට මේවා දාගෙන කවුරුහරි අවොත් ගහල එලවනවා හැර වෙන මොනවා කරන්නද. (අ)

:       0       0

ශාන්ති Wednesday, 04 December 2013 11:14 PM

විජේ, හොද අදහස (නි)

:       0       0

රොහාන් Friday, 06 December 2013 12:11 AM

ලංකාවෙ නම් මේවා දාගෙන බස් වල නම් යන්න බැරිවෙයි... (නි)

:       0       0

නිරෝශන් Thursday, 05 December 2013 05:04 PM

අපේ කොල්ලො අසරණයි නේද? හිර වෙන්නෙ නැතුව බස් එකකවත් යන්නෙ කොහොමද? (නි)

:       0       0

චමිත් (චමී) Thursday, 05 December 2013 05:08 PM

කෙල්ලන්ටම ගැළපෙන වැඩේ (නි)

:       0       0

කොටා Thursday, 05 December 2013 05:30 PM

ඕකට තමා ගෑණු නුවණ හැදි මිටේ කියන්නෙ..... (නි)

:       0       0

සකූ Thursday, 05 December 2013 10:49 AM

පිස්සු හැදෙන සඳ. (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 01:17 AM

යසවතියෝ,ඔබගේ පැනය අදාල අංශ වෙතට යොමු කොට ඇත. (නි)

:       0       0

සරත් Wednesday, 04 December 2013 04:14 PM

ඕවා මොනවද දකුණු අප්‍රිකාවේ ගැහැණුන්ට කටු වැනි ගොරෝසු කටු තියෙන රේන් කෝට් දාන්නේ. ලංකාවත් මේවා ඉක්මනට ඕන වෙයි. මොකද ඊයෙත් එක ගැහැණු කෙනෙක් පස් දෙනෙකුගේ අතවරයට ලක් වෙලා. (ස)

:       0       0

චලින්ද Thursday, 05 December 2013 05:45 PM

නියමයි! (නදී)

:       0       0

චලින්ද Thursday, 05 December 2013 05:46 PM

සද සද වගේ... තරු තරු වගේ.. කටු කටු වගේ... (නි)

:       0       0

හොරණ සිරි Friday, 06 December 2013 09:15 PM

කීයක් ඔට්ටුද ? ලංකාවට ඔය ඇදුම ආවොත් එක කෙල්ලෙක්වත් ගන්නෙ නැහැ. මතක නැද්ද ගැහැණුන්ට පමණයි බස් දාල සාර්ථක උනාද බොරුවට ඇඹරුනාට අද කාලෙ හුගක් අයට ඕනෙ තද වෙලා යන්න තමයි. (නදී)

:       0       0

සමදරා Thursday, 05 December 2013 11:03 AM

මම පෞද්ගලිකව මේ නිර්මාණයට කැමති නැහැ. මේකෙන් අපි පිරිමින්ට අසාධාරණයක් කරනවා .ඒ වගේම අපිටත් අසාධාරණයක් වෙනවා. සමාජවාදිව හිතන්න ඕනේ. (ස)

:       0       0

හම්සා Thursday, 05 December 2013 06:27 PM

අපේ උන්දැලාට නම් මේකත් ළං වෙන්න උපකාරයක් වේවි (නි)

:       0       0

දම් Wednesday, 04 December 2013 05:11 PM

කෙල්ල නිකන් දැලඹුවා වගේ.(නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 04 December 2013 05:14 PM

ඕවා හොඳයි පිට රටවල් වලට. අපේ අයට ඕවා නෙමෙයි ඉබි යතුරු දාලවත් බේරගන්න බැරි එකේ ඕවා නිකන් සෙල්ලම් බඩු වගේ වෙයි.අනික අපේ බස් එකක,කෝච්චියක ඕවා දාගෙන නැග්ගොත් අතවරයට ලක්වෙන එක කෙසේ වෙතත් වෙන අයගේ ඇඟේ වද්දලා ගුටිකන්නයි වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1915 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site