IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය ජනපති ඔබාමා හෙළාදකී

ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප‍්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ(12)  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් සහ ඔහුගේ නිලධාරීන් තිදෙනාට සිය ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය. තානාපතිවරයා ඇතුළු ඇමෙරිකානුවන් සිවුදෙනාගේ ඝාතනය තමන් හෙළාදකින බව කී ජනපති ඔබාමා ලිබියාවේ සහ ලොව අනෙක් රටවල සිටින ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට දැඩි ආරක්ෂාවක් යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව ද අවධාරණය කළේය. මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ඊශ‍්‍රායල-ඇමෙරිකානුවකු වන සෑම් බැසිල් නැමති තරුණයකු විසින් ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ චිත‍්‍රපටයක් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චිත‍්‍රපටයට විරෝධයපාමින්  ලිබියාවේ බෙන්ගාසි නුවර විරෝධතාවක නිරත අවි ආයුධ සන්නද්ධ කලහකාරී පිරිසක් විසින් තානාපති කාර්යාලයට මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද බව වාර්තා වේ. චිත‍්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇෆ්ගන් ජනපති කියා සිටියේ එය ‘අමානුෂික සහ අපහාසාත්මක’ කි‍්‍රයාවක් බවත් තමන් එය තරයේ හෙළාදකින බවත්ය. එම චිත‍්‍රපටය ආගමික සහ සංස්කෘතික සහජීවනයට තර්ජනයක් බව ද කී ඇෆ්ගන් ජනපති ලෝකයේ සාමයටත් යහ පැවැත්මටත් එමඟින් තර්ජනයක් එල්ල වන බව ද සඳහන් කළේය. ප‍්‍රහාරය පිළිබඳව නිකුත් වූ වාර්තාවක දැක්වූණේ තානාපති කාර්යාලය තුළ සිටි තානාපතිවරයා මියගියේ කාබන්මොනොක්සයිඞ් විසවීමෙන් බවය. බෙන්ගාසි නගරය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බල කඳවුරක් ලෙස ද සැලකේ.



අදහස් (0)

තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය ජනපති ඔබාමා හෙළාදකී

වරුණ Thursday, 13 September 2012 01:12 PM

නියමයි. (නි)

:       0       0

නවුෂාඩ් Thursday, 13 September 2012 01:55 PM

නියමයි.නියමයි. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 13 September 2012 06:54 PM

ඇමෙරිකාවට ඔහොම වෙලා මදි. ඇමෙරිකාව විනාශ වේවා! (නි)

:       0       0

චන්දන Thursday, 13 September 2012 02:13 PM

අපිත් ඒ ප්‍රහාරය හෙලා දකිනවා (දී)

:       0       0

වීරසූරිය Thursday, 13 September 2012 07:04 PM

ඉල්ලගෙන කාලා තියෙද්දී, හඩලා වැඩක් නැහැ. (නි)

:       0       0

නසාර් Thursday, 13 September 2012 07:11 PM

මෙය ආරම්භය හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)

:       0       0

සන්ජීව Friday, 14 September 2012 08:15 AM

අසින්ත, ගාඩාෆි මැරුණම ප්‍රශ්නේ ඉවර උනාද ?? (ස)

:       0       0

සිල්වා Thursday, 13 September 2012 03:20 PM

අසිත, ගඩාෆි මැරුණා කියලා ඔයාට ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 13 September 2012 07:58 PM

අසිත, ගඩාෆි ලංකාවට කළ උදවු ගැන දන්නේ නැද්ද? (නි)

:       0       0

රිෂාන් Thursday, 13 September 2012 10:50 AM

විශිෂ්ටයි. (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 11:14 AM

ඇමෙරිකාව වගාකරලා නෙළාගත් අස්වැන්න තමයි දැන් ඒ අයට ලැබිලා තියෙන්නේ. (නි)

:       0       0

අසිත Thursday, 13 September 2012 11:32 AM

ගඩාෆි මරා දැමීම ගැන සම්බන්ධන් ඇමෙරිකාවට ස්තූති කළ යුතුයි. (නි)

:       0       0

නිශාම් Thursday, 13 September 2012 10:21 PM

අසිත, මම හිතන්නෙ ගඩාෆි කියන්නෙ ඔයාගෙ අසල්වාසියෙක් වෙන්න ඇති. ඒකනෙ එයා මැරුණට සතුටු. එතකොට ඇමරිකාව ඔයාගෙ කවුද? (ස)

:       0       0

අර්ජුන Thursday, 13 September 2012 12:25 PM

ඔබාමාට දුකද

:       0       0

ලක්ෂාන් Thursday, 13 September 2012 05:44 PM

ඇමරිකාවෙන් ඉල්ලගෙන කන්න හදන්නෙ. මුස්ලිම් මිනිස්සු ඉන්නවනම් ඉන්න හැමතැනම අපරාධ. තමන් ගැනම විතරයි හිතන්නෙ. ඇමරිකාව මට්ටු කරන්න හැදුවොත් තමන්ලමයි මට්ටු වෙන්නෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site