හරාරේහිදීය (රොයිටර්ස්)
තම ජනාධිපතිධුරය වටා එක්රැස් වන්නැයි සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා අද (26) අවධාරණය කළේය.
පසුගිය සිකුරාදා ව්‍යවස්ථා අධිකරණය එමර්සන් ම්නන්ගග්වා ජනාධිපති බව තීරණයෙන් කිරීමෙන් පසු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් එමර්සන් ම්නන්ගග්වා ඒ බව පැවැසීය.
ජනාධිපතිධුරය සඳහා එමර්සන් ම්නන්ගග්වා සහ නෙල්සන් චමීසා අතර තියුණු තරගයක් පැවැති නමුත් ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලැබීමට එමර්සන් ම්නන්ගග්වා සමත් විය. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වීම දින කිහිපයක් ප්‍රමාද වූ අතර මැතිවරණය ප්‍රතිඵලය අභියෝගයට ලක් කළ නෙල්සන් චමීසා මැතිවරණ අක්‍රමිකතා සිදුව ඇතැයි ද චෝදනා කළේය.
ජූලි 30 වැනිදා පැවැති ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් මැතිවරණය යන මැතිවරණ ත්‍රිත්වය සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු පශ්චාත් මැතිවරණ සමය සැලකිල්ලට ගැනීමේදී සිම්බාබ්වේහි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්න නැගෙන බව ඇමෙරිකා එක්සත් ජනපද නිරීක්ෂකයෝ පවසති.
කෙසේ නමුත් එමර්සන් ම්නන්ගග්වාගේ දිවුරුම් දීමේ උත්සවය සිම්බාබ්වේ වැසියන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඊට දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැමපෝසා, රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ ඇතුළු විදෙස් නායකයන් ද පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ.
“අපි කවරදාකටත් වඩා එකමුතු විය යුතු දවස එළැඹී තිබෙනවා. අපි සියලු දෙනා එකතු වී අපි අපේ මාතෘභූමිය සංවර්ධනය කරමු. ජාතියක් ලෙස එකමුතු වීමටත් අපේ ආර්ථිකය ගොඩනැගීමටත් කාලය ඇවිත්” ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තම පළමු කතාව කරමින් එමර්සන් ම්නන්ගග්වා පැවැසීය.
055
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තමා වටා එකතු වන්නැයි සිම්බාබ්වේ ජනපති කියයි