තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවී සිටින සොකර් කණ්ඩායම පිටතට ගැනීම සඳහා බේරාගැනීමේ කණ්ඩායම් දැවැන්ත සටනක යෙදී සිටින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
ගුහාවේ පිවිසුම් මාර්ගයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවී පැවතීමත් දරුවන් කිසිවකුටත් පිහිණීමට නොහැකි වීමත් හේතුවෙන් මෙම ඛේදජනක තත්ත්වය උදාවී ඇත.
කෙසේ වුවද දරුවන් බේරා ගැනීම පමාකිරීම අවදානම් බවත් ජල මට්ටම තවදුරටත් ඉහල ගියහොත් ඔවුන් දැනට රැඳී සිටින උස් ස්ථානයද ජලයෙන් යටවීමට ඉඩ ඇති බවත් පැවසේ. දරුවන් රැඳී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම අඩුවීමේ අවදානමක් පවතින බවටද සහන කණ්ඩායම් අනතුරු අඟවා ඇත.
ගුහාව නැරඹීමට ගිය දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහා දොරටුව ජලයෙන් වැසී යාම නිසා සිරවූ අතර දින නවයක දීර්ඝ හා වෙහෙසකර මෙහෙයුමකින් පසු දරුවන් සිටින ස්ථානය සොයා ගැනින. බ්‍රිතාන්‍ය ජාතික විශේෂඥ ගුහා කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් මෙසේ කණ්ඩායම සොයා ගත්තද ඔවුන් පිටතට ගැනීම ලේසි පහසු ක්‍රියාවක් නොවීය.
දරුවන්ට මේ වනවිට කෑම, උණුසුම් ඇඳුම් හා වෛද්‍යාධාර ලැබී ඇති අතර දෙමාපියන් සමඟ කථා කිරීම සඳහා දුරකථන සම්බන්ධතාවයක් ද සකස් කරමින් පවතී.
ගුහාව පිහිටා තිබෙන චියෑං රායි ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ වියලි කාලගුණයක් පැවති හෙයින් ගුහාවේ රැඳී පවතින ජලය පිටතට පොම්පකිරීම සිදුකරන බව බේරා ගැනීමේ කණ්ඩායම් පවසති. මේ වනවිට වතුර ලීටර් මිලියන 128ක් පොම්ප කර ඇති අතර ජල මට්ටම පැයකට සෙන්ටි මීටර් 1.5ක වේගයෙන් අඩුවන බව පැවසේ. එහෙත් ඉරිදා වනවිට මෝසම් වැසි සක්‍රිය වන බවට අනාවැකි පල කර ඇති හෙයින් මෙය ජලයට එරෙහි සටනක් බව චියෑං රායි නගරාධිපතිවරයා පවසයි.
මෙසේ ජල මට්ටම අඩුකර දරුවන් පිටතට ගැනීමේ උත්සාහය අතර තුර වෙනත් විසඳුම් සම්බන්ධවද සොයා බලන බව නගරාධිපතිවරයා තවදුරටත් පවසයි. ගුහාවට පිවිසිය හැකි වෙනත් කවුළුවක් සොයා ගැනීම එක් අරමුණකි.
තායි නාවුක කිමිදුම් කරුවන් දරුවන්ට කිමිදීමේ අභ්‍යාස පුහුණු කරන බවද පැවසේ. කෙසේ වුවද නාවුක කිමිදුම් කරුවන් පවසන්නේ මේ ක්‍රමයට දරුවන් පිටතට ගැනීම අතිශය අවදානම් ක්‍රියාවක් බවයි.දරුවන් කිහිපදෙනකුගේ සහ පුහුණුකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බවද වෛද්‍යවරුන් පවසා ඇත.
(බීබීසී ඇසුරිණි -085)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තායිලන්ත ගුහාවේ සිරවුණු දරුවන් පිටතට ගැනීමට දැවැන්ත මෙහෙයුමක්
jayath Friday, 06 July 2018 12:42 AM
මේ රටේත් මේ කෝටි ගණනක ජනතාවක් ඔයිට වැඩිය බයංකාර අඳුරු ඉමක් කොනක් නොපෙනෙන ගුහාවක හිරවෙලා ඉන්නේ 1948 ඉඳලම ගලවගන්න කව්රුවත් නැ.
ranesh Friday, 06 July 2018 03:10 AM
කිසිවකු හට අනතුරක් නොවේවා.......