IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


තායිලන්ත හිටපු අගමැතිනියට එරෙහි නඩු විභාගය ඇරැඹේ

සහල් සහනාධාර වැඩසටහනක් හරහා මහා පරිමාණයේ මූල්‍ය වංචාවලට සම්බන්ධ වූයේ යැයි චෝදනා ලැබූ තායිලන්ත හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාට එරෙහි නඩු විභාගය අද (19) ආරම්භ විය.

නඩු විභාගය පැවැත්වුණේ බැංකොක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. නීතීඥවරුන් කණ්ඩායමක් ද සමඟ හිටපු අගමැතිනී යිංග්ලක් ද අධිකරණයට පැමිණ සිටියාය.

ඇය අධිකරණයට පැමිණෙද්දී ඇගේ   පක්ෂයේ ආධාරකරවෝ රැසක් අධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්ව සිට ඇයට සුබ පැතූහ.

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් හිටපු අගමැතිනිය වරදකාරිය වුවහොත් ඇයට අද වසරක සිර දඬුවමක් හිමි වනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.  

අධිකරණය හමුවේ යිංග්ලක් පවසා ඇත්තේ තමන් නිර්දෝෂී බවයි. ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ ඇගේ දේශපාලාන ගමන නැවැත්වීමට විපක්ෂය ක්‍රියා කරන බවයි.

යිංගලක්ට අගමැති ධුරය අහිමි වූයේ ඉකුත් වසරේ මැයි මාසයේදී එරට ව්‍යවස්ථාදායක අධිකරණය දුන් තීන්දුවකට අනුවය. ව්‍යවස්ථාදායක අධිකරණය ඇය අගමැති ධුරයෙන් ඉවත් කළේ ඇය බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි එල්ල වී තිබුණු චෝදනාවලට වරදකාරිය කරමිනි.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

තායිලන්ත හිටපු අගමැතිනියට එරෙහි නඩු විභාගය ඇරැඹේ

ශ්‍රීලාල් Tuesday, 19 May 2015 08:20 PM

එයා ලංකාවට ආවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව බේරෙන්න පුළුවන්. අද ඒ සඳහා උපදෙස් ගන්න අවශ්‍ය අය ඕනෑතරම් ඉන්නවා ලංකාවේ. (නි)

:       0       0

සමන්ති Wednesday, 20 May 2015 12:24 AM

මෙහෙත් එක්තරා දේශපාලයෙකුට තිබුනා ඔය විදිහේ ප්‍රශ්නයක්. මතකද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 10:11 AM

බොලේ හැබැට , එහෙ කට්ටියත් කියන්නේ අපේ කට්ටිය කියන දේමනේ. ඔය සුත්තරේ දිගටම කියන්න නෝනේ මෝඩ ඡන්ද දායකයෝ හුරේ දම දමා පසෙන් එනවා මෙහෙ වගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 118 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1222 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 194 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1494 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 257 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 156 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site