තායිවානය අයිති කරගැනීමට චීනය උත්සාහ කරන්නේ නම් ඔවුන්ට දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජියැන්ලි යැන්ග් පවසයි.
ජියැන්ලි යැන්ග් චීන පාලනය ප්‍රතික්ෂේප කරන අතර චීනයේ විරුද්ධවාදියකු ලෙස ද සැලකේ.
හෙතෙම ‘නිව්ස්වීක්’ සඟරාව වෙත ලිපියක් ලියමින් මේ බව සඳහන් කර ඇත.
තායිවාන ජනතාවගේ වෙනමම ජාතික අනන්‍යතාවක අවශ්‍යතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව ද හෙතෙම පෙන්වාදෙයි.
‘සිටිසන් පවර් ඉනිෂියේටිව් ෆෝ චයිනා’ වැඩසටහනේ නිර්මාතෘවරයා වන්නේ ද ජියැන්ලි යැන්ග් ය.
තායිවානය තමන් යටතට ගැනීමට හැකි වනු ඇතැයි චීනය සුබවාදී අපේක්ෂා තබාගත්ත ද තායිවාන වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි ද තායිවානය අල්ලා ගැනීම චීනය සිතන තරම් පහසු නැතැයි ද යැන්ග් පවසයි.
තායිවාන වැසියන් ඔවුන් චීනයට සම්බන්ධ කරගැනීමට පමණක් නොව චීන ජාතිකයන් හෝ එම වාර්ගිකත්වයට හෝ සම්බන්ධ කරගැනීමට දැඩි ලෙස විරුද්ධ යැයි ද හෙතෙම කියයි.
තායිවානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන ‘නැෂනල් චෙන්ග්චි’ විශ්වවිද්‍යාලයේ මැතිවරණ අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇත.
ඊට අනුව පසුගිය දශක තුනක කාලයේ දී තමන් තායිවාන ජාතිකයකු ලෙස හඳුන්වන පිරිස වැඩි වී ඇති බවත් තමන් චීන සහ තායිවාන ජාතිකයකු ලෙස හඳුන්වන පිරිස ඉතා වේගයෙන් සහ සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනාවරණනය වී ඇත.
එමෙන්ම තායිවානය තුළ, එනම් තායිවාන ජනතාව අතර වෙනමම ජාතික අනන්‍යතාවක අවශ්‍යතාව වේගයෙන් වැඩි වී ඇතැයි ද එහිදි සොයාගෙන තිබේ.
(ඒ.එන්.අයි. ඇසුරිනි)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තායිවානය අයිති කරගන්න ඉඩ දෙන්නේ නෑ