IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තරග පාවා දීමක් ගැන දනීෂ් කනේරියා පාපෝච්චාරණය කරයි

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් තරුවක් දනීෂ් කනේරියා තමන් තරග පාවා දීමකට සම්බන්ධ යැයි පාපෝච්චාරණය කළේය.

වසර හයක් මුළුල්ලේ තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ දනීෂ් කනේරියා අල්ජසීරා පුවත් සේවයේ ගවේෂණාත්මක ඒකකය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම පාපොච්චාරණය කළේය.

තමන් එසේක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේදී එම කණ්ඩායමේ ක්‍රීඩකයකු සුප්‍රකට බුකීකරුවකුට හඳුන්වා දීමට උත්සාහ කළ බවත් මුදල් වෙනුවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන පරිදි ක්‍රීඩා කිරීමට තම සගයා පෙළඹවීමට උත්සාහ කළ බවත් කනේරියා එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවැසීය. 

දනීෂ් කනේරියා යනු පාකිස්තානයෙන් බිහි වූ වඩාත් සාර්ථකම ටෙස්ට් දඟ පන්දු යවන්නාය. ක්‍රිකට් බලධාරිහු 2012 වසරේදී දනීෂ් කනේරියාට ජීවිතාන්තය දක්වා ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන අයුරින් තහනමක් පැනවූහ. එහෙත් එතැන් පටන් මේ දක්වා දනීෂ් කනේරියා තමන් කිසිදු වරදක් කර නැතැයි කීය.  

“මගේ නම දනීෂ් කනේරියා. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය 2012 වසරේදී මට එරෙහිව ගෙන එන ලද චෝදනා දෙකකට මම වැරැදි කරු බව මා මෙහිදි පිළිගන්නවා” යැයි අල්ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් කනේරියා ප්‍රකාශ කළේය. 

“අද මට මේ තීරණය ගැනීමට (පාපොච්චාරණය කිරීමට) තරම් ශක්තියක් තිබෙනවා. මොකද අපට බොරු සමඟ ජීවත් වෙන්න බැහැ” කනේරියා කීවේය. 

අල්ජසීරා

055

 



අදහස් (0)

තරග පාවා දීමක් ගැන දනීෂ් කනේරියා පාපෝච්චාරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 41 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1062 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 107 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1322 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 228 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 141 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site