IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ත්‍රස්තයන්ට උදව් දෙන ලැයිස්තුවෙන් කියුබාව ඉවතට

ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය.

ඒ අනුව එම ලැයිස්තුවේ ඉතිරි වනුයේ ඉරානය,  සුඩානය හා සිරියාව පමණි. දශක පහකට පමණ පසු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ස්ථාපිත කිරීමට තිබූ තවත් බාධකයක් ඉවත් කිරීමක් ලෙස මෙය පෙන්වා දිය හැකි යැයි විදෙස් මාධ්‍ය කියයි.

1982 දී ත්‍රස්තවාදීන්ට සහය දක්වන රටවල ලැයිස්තුවට කියුබාව ඇතුළත් කළ විට එරට කියාබා දැඩි විරෝධයක් දැක්වූහ. එම අසාදු ලේඛනයට ඇතුළත් වීම නිසා ගෝලීය වෙළෙඳපොළවලට පිවිසීමට නොහැකි වූ අතර ජාත්‍යන්තරයේ  චණ්ඩියකුගේ ස්වරූපයට පත් විය.    

 ඉකුත් දෙසැම්බරයේදී කියුබා ජනපති රාවුල් කස්ත්‍රෝ හා ඇමෙරිකා ජනපති  දෙරට අතර සබඳතා නැවත ආරම්භ කිරීමට එකඟ වූ අතර අප්‍රේල් මස පැවැති පැනමා සමුළුවේදී දෙරටේ නායකයන් සබඳතා වර්ධනය කරගැනීමට පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

ත්‍රස්තයන්ට උදව් දෙන ලැයිස්තුවෙන් කියුබාව ඉවතට

ප්‍රනාන්දු Sunday, 31 May 2015 07:36 PM

ඇමරිකාව සහා යුරෝපය පළමු පෙළේ ත්‍රස්තවාදීන්ට උදවුදෙන රටවල් (නි)

:       0       0

නාමල් Monday, 01 June 2015 04:43 PM

ප්‍රනාන්දු පොඩ්ඩක් ලෝකය ගැන ඉන්ග්‍රීසියෙන් කියවලා බලන්න.. ලෝකයේ ත්‍රස්ථවාදීන්ට උදව් දෙන්නේ අරාබ් රටවල්... මෙහෙමවත් ලෝක සාමය රැකිලා තියෙන්නේ බටහිර රටවල් ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව සටන් කරන නිසා...(කේ)

:       0       0

මාලී Monday, 01 June 2015 09:59 AM

ඇති යන්තම් කියුබාවට මොලේ පෑදුනා. අවුරුදු ගානක් ගහපු පදෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. අන්ත දුප්පත්. වැලේ වැල් නැහැ. අපරාදේ කාලය නාස්ති කරා. චිනෙත් දැන් ධනවාධි. රුසියාවත් ධනවාධි. වියට්නාමේත් ධනවාධි. (ර)

:       0       0

හේමන්ත Thursday, 04 June 2015 08:27 AM

නාමල් ඉංග්‍රීසියෙන් කිව්වත් සිංහලෙන් කිව්වත් ඇපල් ඇපල් ම තමයි. අන්තවාදීන් සතුව තිබෙන ආයුධ සියයට 90 ක් ඇමෙරිකන් . අදටත් ජෝන් කෙරීල ලංකාවට ඇවිත් යන්නේ ත්‍රස්තවාදීන්ට ඔක්සිජන් දීලා. ලිබියාවට ඉරාකයට ඇමරිකාව කළ විනාශයේ ප්‍රතිපල තමයි අද මුළු මැදපෙරදිගම ගිනිගන්නේ .චීනය රුසියාව ඉන්දියාව නොසිටින්න මේ වනවිට අපේ රටත් ගිනි ගොඩක තමයි . ඉංග්‍රීසියෙන් ,සිංහලෙන් , දෙමලෙන් කොහොම කිව්වත් මෙයාල එහෙම්ම තමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 664 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 40 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 832 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 202 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 122 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති
2025 පෙබරවාරි මස 04 100 0

උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site